වගකීම බාරගෙන පොලිස්පති ඉවත්වේ
කටුනායක වෙඩි තැබීමේ සිද්ධියේ
වැඩ බලන්න ඉලංගකෝන්
වගකීම බාරගෙන පොලිස්පති ඉවත්වේ
හේමන්ත රන්දුණු
කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් සහ පොලිසිය අතර ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් සියලු වගකීම තමන් භාර ගන්නා බව පවසමින් පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා ඊයේ (01 වැනිදා) සිය ධුරයෙන් ඉවත්විය.
මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේදී පොලිස්පතිවරයකු සිය සේවයෙන් ඉවත් වූ අවස්ථාවක් වශයෙන් මෙය හැඳින්විය හැකි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පත්කර ඇත.
පොලිස්පති බාලසූරිය මහතා සිය ධුරයෙන් විශ්‍රාම යැමට නියමිතව ඇත්තේ ලබන 18 වැනිදාය. එහෙත් කටුනායක ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සියලු වගකීම් භාරගත් පොලිස්පතිවරයා සියලු රජයේ නිලධාරීන්ට පූර්වාදර්ශයක් ලබා දෙමින් ඊයේ සිට සිය සේවයෙන් ඉවත් වූයේය. ඒ අනුව ලබන 18 වැනිදා ඒ මහතා විශ්‍රාම යැමට නියමිතය. ඒ වනතුරු ඒ මහතා රාජකාරි නිවාඩු ලබාගෙන ඇත.
සිය සේවයෙන් කලින් විශ්‍රාම යැමේ ලිපිය ආචාර්ය මහින්ද බාලසූරිය මහතා විසින් ඊයේ පෙරවරුවේදී ආරක්ෂක ලේකම්වරයා වෙත භාරදුන් අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එය පිළිගෙන තිබේ.
විශ්‍රාම යැම නිවේදනය කළ බාලසූරිය මහතා ඊයේ පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතමින් කියා සිටියේ තමන් වෙත භාර දෙන නියෝග හරි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවොත් එම දුරයේ තවදුරටත් රාජකාරි කිරීම සුදුසු නැති බවයි.
කටුනායක ආයෝජන කලාපයේදී පොලිසිය ක්‍රියාකළ ආකාරයේ විශාල අඩුපාඩු පවතින බවත් ඒ සියලු අඩුපාඩුවල වගකීම සම්පූර්ණයෙන් ම තමන් භාර ගන්නා බවත් බාලසූරිය මහතා මෙහිදී කියා සිටියේය.
මෙම සිද්ධියේදී තමන් ලබාදුන් නියෝග උසස් නිලධාරීන් නියමාකාරයෙන් ක්‍රියාත්මක නොකළ බව පැවසූ පොලිස්පතිවරයා එම නියෝග නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කර බුද්ධිමත්ව කටයුතු කළේ නම් මෙවැනි සිදුවීමක් වීමට ඉඩ නොතිබූ බවද කියා සිටියේය.
1932 වර්ෂයේදී එවකට සිටි පොලිස්පති හෙන්රි ලෙයාඩ් ඩවුබිගින් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් විය. එවකට සිදුවූ දේශපාලනමය සිදුවීමක් මත ඇති වූ කලබලකාරී තත්ත්වයක් මර්දනය කිරීමට නොහැකි වූ සිදුවීමක් මෙම ඉල්ලා අස්වීමට හේතු විය.
සිය විශ්‍රාම යැම ඊයේ දහවල් නිවේදනය කරමින් ආචාර්ය මහින්ද බාලසූරිය මහතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතමින් විශේෂ කතාවක් ද පැවැත්විය. තම පොලිස්පති සේවා කාලය තුළදී සියලු කාර්යයන් සඳහා සහාය දුන් සියලු නිලධාරීන්ට ස්තුති කළ බාලසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කළ එන්. කේ. ඉලංගකෝන් මහතාට සුබ පැතුවේය.
යෝජිත පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පළ කරමින් කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇති විය.
එහිදි සේවක සේවිකාවන් දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු පොලිස් නිලධාරීහු 23 දෙනෙක්ද තුවාල ලැබූහ.
මෙහිදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් අට දෙනකු බරපතළ තුවාල ලැබූ අතර එක් අයෙක් ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙහිදී පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල විය