වටරවුමේ නීතිය

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Escort Mk1. PC- Cian Donnellan (Speedhunters).jpg



    එය මහනුවර අධික වාහන තදබදයක් පවතින සතියේ දිනක දහවලකි. පාසල් හැරෙන වෙලාව බැවින් අධික වාහන තදබදයක්ද, දහවල් වරුවක් වූ බැවින් අධික හිරු රශ්මියක්ද පැවතුනි. මේ මොහොතේ පරණ පේරාදෙණිය පාරේ සිට නුවර දෙසට ධාවනය වන දොර දෙකේ Escort Mk1 කාරයකි. ඔරලෝසු කණුව වටරවුම ඉදිරිපිට ඇති පොලිස් පෝස්ට් එක ඔබට මතක ඇතැයි සිතමි. මෙහි සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු වල නිරතවෙමින් සිටින රථවාහන පොලිස් නිළධාරී මහතුන් දෙදෙනකි.

    කහ පැහැති දිලිසෙන පින්තාරුවෙන් හා එයටම ගැළපෙන Minilite wheels වලින් සැරසුණු escort රථය අලුත හැඩවුනු මනාලියකගේ සිරිගත් අතර මහමග ගමන් ගන්නා අයගේ අවධානය දිනා ගැනීමට සමත් විය. මේ සමග කදිමට මුසුවෙන එන්ජිමේ හුරුබුහුටි ශබ්දය නිසාත් එහෙමත් කෙනෙකු හැර බොහෝ අයවලුන් මේ දෙස ආපසු හැරී බැලුවෝය.

    කාරය වටරවුම පසුකරනවාත් සමග ඉහත කී මහත්වරුන් දෙපළ යුහුසුලුව පිටතට පැමිණ රථය නැවත්වීමට සංඥා කළහ. මෙයට හේතුව නම් රථවාහන පොලිස් නිලධාරී මහතුන් යනු පරණ කාර් දුටු විගස නැවත්වීමට රුසියන් වීමය. කාරය නැවැත්වූ පසු ඔවුන් දුටුවේ overall ඇදුමින් සැරසුණු පුද්ගලයෙකු රියදුරු අසුනේ සිටින අන්දමයි.

    එතැන් සිට,

    රථවාහන පොලිස් නිළධාරී මහත්වරුන්- "වාහනේ නවත්තල බැහැල එන්න ලයිසන් අරන්".

    ඉක්බිතිව රියදුරු අදාල ලියකියවිලි ගෙන දොර හැර පොලිසි නිළදාරී මහතාට ආමන්ත්‍රණය කළේය.

    "මහත්තයා මේකේ Idle හිටින්නෙ නෑ. මේ ගරාජ් එකට ගෙනියන ගමන් හදන්ඩ. බැහැල අවොත් එන්ජිම නවතියි. ඊට පස්සේ මේක ස්ටාර්ට් කරගන්නත් බෑ, ඉලෙක්ට්‍රික් අවුලකුත් තියෙනවා වගේ. තල්ලු ස්ටාර්ට් දාලයි ස්ටාර්ට් කරගත්තෙත්.

    පොලිස් නිළධාරීන්- "ඇයි වාහනේ පාරට දාන්ඩ කලින් හදාගන්න දන්නේ නැද්ද?"

    රියදුරු- "මහත්තයා මේක හදන්න ගරාජ් එකට ගෙනියන්න ඕනේ. මේ ගෙනියන ගමන්".

    පොලිස් නිළධාරීන්- "කමක් නෑ අපි ඒක ඊට පස්සේ බලමුකෝ. කීවහම ඔහොම නවත්තල මෙතෙන්ට එන්න".

    ඉන්පසු රියදුරු කාරය නවත්වා නිවුට්‍රල් කර පැමිණියේය. මේ අතර කීවාක් මෙන්ම ටික වෙලාවකින් කාර් රථයේ එන්ජිම නතරවිය. ලයිසන් ඉන්ශුරන්ස් ඇතුලු ලියකියවිලි පිරික්සූ පොලිස් නිළධාරීහු ඉන්පසු කාරය පිරික්සීමට පටන් ගත්හ. රෝද, කන්නාඩි ඇතුලු දේ බලා ඉන්පසු කාරය ඇතුලටත් හිස දමා බැලු ඔවුන් රියදුරුට යාමට සන් කලහ.

    අසරණ මුහුණක් පෑ රියදුරු, "මහත්තයා මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ".

    පොලිස් නිළධාරීන්- "දැන්ද ඕයි කියන්නේ?"

    රියදුරු- "ඇයි මම මහත්තයලට නවත්තන්ඩ කලින්ම කිව්වේ. මේක ස්ටාර්ට් වෙන්නේ නෑ. තල්ලු ස්ටාර්ට් විතරයි වැඩ කියල".

    මේවනවිට කාර් රථයට පිටුපසින් රථවාහන පොලිමක්ද තදබදයක්ද නිර්මාණය වෙමින් පැවතුනි. පොලිස් නිලධාරීන් අලි මුඩුක්කුව දෙස බැලුවේ රථය තල්ලු කිරීමට ත්‍රීරෝද රථ රියදුරෙක්ට කතා කිරීමටයි අවාසනාවකට එතැන කිසිවෙක් නොවීය. ඉන්පසු ඔවුන් වටපිට බැලුවේ පාරේ යන සුදුසු කෙනක් අල්ලා ගැනීමට වුවත් කිසිවෙක් නොවීය. පිටුපසින් තිබූ වාහන තදබදයේත් තිබුනේ නවීන පන්නයේ අලුත් වාහන අතර වාහනය තල්ලු කිරීමට බස්සා ගත හැකි අයෙක් නැතිය.

    අන් කල හැකි කිසිවක් නොවූ බැවින් පොලිස් නිළධාරීන් දෙපළ ගිනි අව්වේ දහදිය මුගුරු හෙලමින් කාරය තල්ලු කිරීමට පටන් ගත්හ. වරරවුම අසල සිට සම්පත් බැංකුව අසලට පැමිණි පසු රියදුරු ගියරයට දමා ක්ලච් පැඩලය අතහැර කාරය ස්ටාර්ට් කර ගත්තේය. අනතුරුව හිස එලියට දමා පොලිස් නිළධාරී මහත්වරුන් දෙපළට බොහොම ස්තුතියි මහත්තයා යනුවෙන් ස්තුතිය ප්‍රකාශ කර කාරය පදවාගෙන යන්නට ගියේය.

    වැවරවුම වාහන තදබදය මගහැරීමට වේස් පාර්ක් දෙසට හැරවූ ඔහු කන්ද මුදනදී බොම්බයි මොටයි විකුණන වෙළෙන්දෙකු දැක කාරය නැවැත්වීය. අනතුරුව බොම්බයි මොටයි මුලක් මිලදී ගෙන රස බලමින් මද වෙලාවක් ගත කල රියදුරු ඉන්පසු සිගරට්ටුවක් දල්වාගෙන කාරයට නැග අසුන්ගත්තේය. ඉක්බිතිව යතුර කරකවා escort රථය පණගන්වා ගත් ඔහු දෙතොලේ සිනහවකින් යුක්තව ඉගිල ගියේය.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    ඉන්පසු බොම්මයි මොටයි විකිණූ වෙළෙන්දා එතැනින් එහා මෙහා යන කාන්තාවන් දිහා බලමින් අසළ වූ රූස්ස ගසකට මුවාවී අතේ ගසන්නට ගත්තේය.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය තරම් ආතල් නෑ ඒත් පරණ ඉන්ශුවරන්ස් කාඩ් එක දෙන එකත් පොලිසිය ආස වෑඩක්.. මාත්තයා ඉන්ශුරන්ස් එක එක්ස්පයර් වෙලා නේ කියලා කියන්නේ හරි සතුටින්
     
    • Like
    Reactions: Bowman

    Master Baily

    Junior member
  • Sep 10, 2022
    20
    44
    13
    බොම්බයි මොටයි වෙළෙන්දා ගසකට මුවාවී අතේ ගසමින් සිටිනා විට ඒ අසලින් ගිය එරෝෂන්, මාමේ මාමේ මටත් බොම්බයි මොටයි රුපියල් දෙකක දෙන්නයි කීවේය.

    වෙළෙන්දා ඒ වන විට හස්ත සේවනයේ උපරිම අවස්ථාවට ලංව තිබු අතර, ඒ අතරවාරයේ එරෝෂන්ගේන් සිදුවූ බාධා කිරීම නිසා වෙළෙන්දාට යකා නැංගේය.

    බොම්බයි මොටයි තියෙනවා උබේ අම්මගේ රෙද්ද අස්සේ කියූ වෙළෙන්දා කෝ ඇරපන් කට දෙන්න බොම්බයි කිරි කීවේය.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම ලංකාවේදී කාලයක් ලෑන්ඩ් රෝවර් එකක් පාවිච්චි කළා. ඒක කලකට පෙර පොලිසියට අයිතිව තිබුන වාහනයක්.

    මාව පොලිසියෙන් අල්ලලා, ලයිසන් ඉන්සුවරන්ස් ඉල්ලපුවාම මම වාහනේ පොතත් ඒ එක්කම දෙනවා. ලයිසන් එකයි (ඒ කාලේ තිබුනේ පොතක්) ඉන්සුවරන්ස් එකයි ( ඒකාලේ තිබුනේ කාඩ් එකක්) එක්ක වාහනේ පොත දුන්නාම ඒක මොකක්ද කියලා බලන එක තමයි මුලින්ම කරන්නේ.

    ඒකේ පළමු පිටුවට ගියාම, "වාහනයේ අයිතිකරු" කියන එක තමයි මුලින්ම තියෙන්නේ.

    එතන ලියලා තියෙන්නේ,

    Inspector General Of Police,
    Police Headquarters,
    Colombo.

    කවදාවත්ම මේක බලාපු පොලිස් කාරයෙක් ඉන් එහාට මගෙන් වචනයක් වත් අහලා නැහැ.
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඔය තරම් ආතල් නෑ ඒත් පරණ ඉන්ශුවරන්ස් කාඩ් එක දෙන එකත් පොලිසිය ආස වෑඩක්.. මාත්තයා ඉන්ශුරන්ස් එක එක්ස්පයර් වෙලා නේ කියලා කියන්නේ හරි සතුටින්
    ලෝකය රග මඩලකි. විටක අප එහි නළුවෝ වෙමු. විටක එහි ප්‍රේක්ෂකයෝ වෙමු.

    මම ලංකාවේදී කාලයක් ලෑන්ඩ් රෝවර් එකක් පාවිච්චි කළා. ඒක කලකට පෙර පොලිසියට අයිතිව තිබුන වාහනයක්.
    තට්ට බ්ලොග් එකේ දාල තිබ්බ series එක ගැනද මෙතනත් කියැවෙන්නේ?
    ------ Post added on Sep 11, 2022 at 7:25 AM

    ඉන්පසු බොම්මයි මොටයි විකිණූ වෙළෙන්දා එතැනින් එහා මෙහා යන කාන්තාවන් දිහා බලමින් අසළ වූ රූස්ස ගසකට මුවාවී අතේ ගසන්නට ගත්තේය.
    උබට මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවද?
    ------ Post added on Jul 4, 2024 at 6:27 PM
     
    • Like
    • Sad
    Reactions: Candid-B and 1sam