වීඩියෝ එක බැලුවා. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් හැටියට මේ ලියන්නේ. මොන වෙනස්කම් තිබුනත් තමන්ගෙ දරුවා තමන්ගෙමයි කියන ලස්සන පණිවිඩේ දෙන්නේ නැතුව එතනට ප්‍රජාවක් ගාවගන්න ගිහිල්ලා වැඩේ නාස්ති කරගෙන. තනිකරම දේශපාලන/ඇජෙන්ඩා එකක වැඩක්.
තව එකක් කියන්නම්. ගොඩක් අනික් රටවල් මේ ප්‍රජා මාතෘකාව ගැන කතා කරන්නේ ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙන් දියුණු වෙලා. ඒත් අපි? ඒ එකක්වත් හරියට කරගෙන නැතුවයි මේකට අත ගහන්න යන්නේ. මේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපේ පිරිමි, කාන්තාවන් සහ දරුවන් ගැන මොන තරම් දේවල් සහ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඒවට වැඩ කරන්න තියෙනව ද?
අපි ඒවා කරලා මෙතනට එමු. එතකොට මිනිස්සුත් එන්නේ දැනුවත් වෙලා සූදානමින්.