වටිනා ඹෟෂද පැලයක් ගෙදරදිම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වටිනා ඹෟෂද පැලයක් ගෙදරදිම


    Mage adaraniya elakiri yaluwonta gedaradima behet palatiyak waga karaganna

    # පැලයක් සාදා ගන්නා ආකාරය #


    1.හොද පස් ටිකක් ඕනෙ..හොයාගන්න පුලුවන්නම් පොල්ලෙලි කෑලි,කොහුබත් සුපිරි.(පොල්ලෙලි කෑලි හෝ කොහුබත් හොදින් හෝදන්න ඕනෙ EC ලෙවල් එක බස්සන්න,4 පාරක් වගෙ හෝදන්න ඕනෙ පැය 3 න් 3ට වගේ)

    2.හොද ඇට ටිකක් හොයාගන්න ඕනෙ.කෑලිවලත් ඕන තරම් ඇට තියෙනවනෙ.ඒවගෙත් පැල වෙන ඇට් හොයාගන්න ඕනෙ.හරි ලේසි.පැල වෙන ඇට හරියට ඉබි කට්ටෙ වගේ ඉරි ගිහින් තියෙනව.ඔවගෙ පැලවීම 90%.

    3.ඇට පැලකරගන්න මුලින්ම පිරිසිදු කෝප්පයකට (වීදුරු,විනිවිද පේන එකක් නියමයි)වතුර දාල හොයාගත්තු ඇට ටික ඒකට දාන්න ඕනෙ.දාල පැය 16 වගේ යනකොට එලියට අරගෙන පේපර් ටවල් එකක් හෝ,පිරිසිදු රෙදි කැබැල්ලක් අරගෙන හොදට පොගවලාර ඇට රෙදිකෑල්ලෙ හෝ පේපර් ටවල් එකේ ඔතන්න ඕනෙ(ඔතනව කියල ජොයිට් එක වගේ ඔතන්න එපා.රෙදි කෑල්ල දිග ඇරල ඇට තියල දෙකට නමන්න.මේක නිතරම තෙතට තියෙන්න ඕනෙ දවස් 1.5ක් වගේ යනකොට මුදුන් මුල එනව. 🤟

    3.මුල් පැලේ හිටවන්න ඕනෙ දැන්. හොයා ගත්තු රෝපන මාධ්‍ය පොඩි යෝගට් කප් එකකට වගේ දාගන්න ඉස්සරලම.(කප් එකේ හිල් ටිකක් ගහන්න,මොකද මේ පැලේ සතියක් වගේවත් මේකෙ තියන්න ඕන.වතුර බැහැල යන විදිහට හිල් ගහන්න)රෝපන මාධ්‍ය වලින් කප් එක පුරවල මැදිම් ඇගිල්ලෙන් හිලක් හදන්න ඇගිලි පුරුක් තුන් කාලක වගේ.දාන්න අර මුල ඇදපු ඇටේ ඕකට දාල උඩින් රෝපන මාධ්‍ය ටිකක් දාල තද කරන්නෙ නැතුව වහන්න.වතුර දාන්න.මේ කාලෙදි ගහ වටේව මොකක් හරි දැල් ආවරනයක් දාන්න.අඩි දෙකක් විතර උසට.කුකුල් දැලක් වගේ හොදයි.සත්තුන්ගෙන් ආරක්ශා කරගන්න ඕන.

    4.දැන් සතියක් හමාරක් වගේ යනකොට ඔය පැලේ එනව උඩට.කොල 5,7 වගේ එනකම් කප් එකේම තියන්න.කොල 5,7 ක් වගේ එනකොට වෙන එකක හදන්න ඕනෙ.දැන් හොයාගන්න ලොකු පෝච්චියක් වගේ දෙයක්.බිම හිටවනම් හොද තැනක් හොදට අව්ව එහෙම වැටෙන කෘමි සතුන්ගෙන් අවම තැනක්.(මමනම් කියන්නෙ පෝච්චියකම හදන්න කියල)දැන් ආයෙත් අර රෝපන මාධ්‍ය පුරවන්න පෝච්චියට හෝ කපපු වලට ගානට දැන් අර කප් එකේ තියෙන පැලේ හිමීට ගලවල අරගෙන පෝච්චියේ මැදින් හිටවන්න හොදට.දාන්න වතුර දැන්. 🌿

    5.දැන් ඉදන් පොහොර දාන්නනත් ඕනෙ.දැන් ඉදන් කීවට දැම්ම නෙමෙයි.ගහ අගල් 6-8 ක් වගේ වෙද්දින්.සති දෙකෙන් දෙකට වගේ පොහොර දිගටම දාන්න ඕනෙ.මමනම් දාන්නෙ යූරියා,රතු කුඩු,මඩ පොහොර තුන කලවම් කරල,මේව විතරක් දාන්නේ ගහ හොදටම හැදෙනකම් විතරයි.මාස 4-5ක් වගේ ගියහම මේවටම නිල් කැට පොහොර සහ තක්කාලි පොහොරත් කලවම් කරල දන්න ඕනෙ.දවස් දෙන් දෙකට වතුර දාන්න එහෙම අමතක කරන්න එපා.

    6.දැන් තමා ඉවසීමෙන්ම කරන්න ඕනෙ දේවල් තියෙන්නෙ.ගහ ට්‍රේන් කරන්න ඕනෙ මෙකට ගහ අඩුම රෝපන මාධ්‍ය ඉදන් අගල් 8-10 වගේ උඩට එනකොට ගහේ දල්ලට අගලක් විතර පාතින් පොඩි කම්බියකින් පරිස්සමට බැදල ගහ නමන්න ඕනෙ.බොහොම පරිස්සමෙන් මේක කරන්න ඕනෙ.මෙහෙම නමල පෝච්චියේ කෙලවරකින් බදින්න ඕනෙ.(යට ෆොටෝස් තියෙනව ඒ විදිහට කරන්න)
    මේ විදිහට බැදල තියන්න.දැන් ගහ ආයෙත් අගල් 5-6 වගේ නමපු තැන ඉදන් හැදීගෙන එනකොට ආයෙත් කම්බියක් දාල නමන්න ඕනෙ.අර විදිහටම පරිස්සමෙන් නමල පෝච්චියෙ තවත් තැනකින් බදින්න ඕනෙ.ආයෙත් ගහට හැදෙන්න දෙන්න අගල් 5-6 ආයෙත් බදින්න ඕනෙ කම්බියක් අර විදිහටම.බැදල නමන්න ඕනෙ,මෙහෙම පෝච්චිය වටේටම 4 පොලක වගෙ පෝච්චිය වටේට පැලේ යන විදිහට බදින්න ඕනෙ.(මතක තියාගන්න පොච්චිය වටේට යනවිදිහට)4 පොලකින් විතර බැන්දම ඇති.දැන් ගහට හැදෙන්න අරින්න දිගටම.ඔහොම බදින්නෙ හොදට අතු බෙදිල පදුරු ගැහිල හැදෙන්න ඕනෙ නිසා.පේනව ඇතිනෙ ගහේ කදින් අලුතෙන් දලු දාගෙන එනව.

    7.දැන් කම්බි දාල බැදල තියෙද්දින් ඔහොම්මම හැදෙන්න දෙන්න.මාස 3ක් වගේ යද්දින් ගහ හොදට පදුරු ගහල එනව.දැන් තවත් වැඩක් කරන්න තියෙනව.ඔය හොදට ගහ කම්බි දාල බැදපු දවසෙ ඉදන් නිරීක්ශනය කරානම් ඔයාට පැහැදිලිවම පෙනව හොදට හැදෙන අතු මොනවද හැදෙන්නෙ නැතුව එකම ගානට තියෙන පොඩි අතු මොනවද කියල.අන්න ඒ පොඩි බාල අතු ඔක්කොම ටික කපල දන්න.මොකද ඉදිරි මාස 2ගොඩක් වැදගත්.මල් පිපෙන්න ගන්නකොට ඔය අතුවල මල් පිපෙන්න ගන්න එක අපිට අවාසි.ඔය අතුවලට වඩා ලොකු අතුවල හැදෙන බඩ්ස් තමා හොදටම හැදෙන්නෙ.ඔව්ව කපපුවම ලොකු අතුවල ලොකු බඩ්ස් හැදෙන්න ගන්නව.

    8.මල් පිපෙන කාලය.🌼🌺ගහ හදල මාස 5-6-7 යනකොට මල් පිපෙනව සාමාන්‍යයෙන් දැන් ඉතින් කරන්න ඒ හැටි දෙයක් නැ.දැන් පොහොර දාන එක නතර කරන්න.තේ කුඩු මන්ඩි දාන්න ගහ වටේට පොඩ්ඩක් හාරල වගේ දාන්න,ඒත් එක්ක තක්කාලි 🍅 පොහොර ටිකකුත් කලවම් කරල දාන්න.බඩ්ස් වල බර වැඩි වෙනකොට පාත් වෙනව.ඒව ගැන පොඩ්ඩක් බලන්න.එන්න එන්න පාත් උනොත් නූලක් වගේ දාල ගැටගහන්න කොහෙන් හරි.

    9.හොදට මල් පිපුනම ගහේ යට කොල කහ වෙන්න ගන්නව.ශුගර් ලීව්ස්(සීනි කොල) රන් වන් පාට වගේ වෙනකොට ට්‍රයි කලර් වෙනකොට ගහ කපන්න ඕනෙ 🥀මුලින්ම.කපල ගහ උඩි යටිකුරු වෙන්න එල්ලන්න ඕනෙ ගේ ඇතුලෙන්.ඔහොම දවස් 14ක් වගේ තියන්න ඕනෙ.ගහේ සයිස් එක අනුව වේලෙන කලය වෙනස් වෙනව,දවස් 21 වගේ වෙන්නත් පුලුවන්.වේලුනාම හොයාගත්තැහැකි වේලිච්ච කොලයක් කඩල අරගෙන පොඩි කරනකොට චර චර ගානව.අන්න බඩු හරි.(අව්වෙවත්,දුම් ගහන තැනකවත් නෙමෙයි.ඒ වගේම තමා මේකට මෝර්ටීන්,පෝමලින් වගේ නානාප්‍රාකාර මල ජරාව ගහන්න යන්න් එපා මොන ඔස්තාර් කීවත්..පිරිසිදු බඩු යූස් කරන්න පුරුදු වෙයල්ල.හරක් වගේ ජාරාව ගහල බොරුවට ලෙඩ වෙන්නෙ නැතුව)

    10.දැන් ගහ ගලවල අරගෙන කොල නටු බඩ්ස් කපල සුද්ද කරගන්න ඕනෙ හොදට.බඩ්ස් විතරක් වෙනම ගන්න.ඒව වෙනම පිරිසිදු වීදුරු බෝතලේකට දාගන්න.අනිත් කොල කෑලි වලට කරන්න ඕනෙ දේ දන්නවනි. 😋 ඔය බඩ්ස් ටික දැන් හොදට පදම් කරගන්න ඕනෙ සතියක් වගේ.ඒ මෙහෙමයි.බෝතලේ දවසට විනාඩි 15-20ක් වගේ ඇරල තියල ආයෙත් වහන්න.ඔහොම සතියක් විතර කරන්න.සතියකින් විතර ඔයාට ඔව්ව පාවිච්චි කරන්න පුලුවන්.(වීදුරු බොතලේම තියල තියන්න පුලුවන් තරම් කාලයක් පාවිච්චි කරහැකි.දවසකට විනාඩි 15-20 වගේ ඇරල තියන්න අමතක කරන්න එපා.එහෙම උනොත් බඩු පුස් කයි 😬🤟

    එච්චරයි මහත්වරුනි,වරියනි.දැන් ඔබටත් ඔබේම බඩු.මම දන්නව මෙච්චර කාලයක් උබල ඔහොම ඉවසගෙන හදන්නෙ නෑ පෙරේතකමට අමු කොල පවා කඩල ගහන විත්තිය 😂😂 ඒ උනාට කමක් නෑ.එකෙ හරි ආසාවෙන් හදා ගනීනෙ. 🤟ප්‍රවීනයන්ගේ අදහස් වලට විවෘතයි...

    Copied
     

    Koombiyo

    Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    පොන්නය නිකන් වද හුත්ති වෙන්න ඕන කමට එක එකාගේ පෝස්ට් උස්සලා දාන්නෙ උස්සපු තැනත් දාපන් :lol: