මහාචාර්ය චන්න ජයසුමන
tSp4dtohnsoredo ·
PET ස්කෑන් පරීක්ෂාව සඳහා යොදා ගන්නා විකිරණශීලී ඩයි වර්ගය එක් රෝගියකුට ලබා දීමට රු 54,000 මුදලක් වැය වේ. දැනට එය රැගෙන එන්නේ ඉන්දියාවේ සිටයි. එකී විකිරණශීල ඩයි වර්ගයේ අර්ධ ආයු කාලය පැය 2ක් නිසා එක් රෝගියකුට ලබා දීමට කිහිප ගුණයක් වැඩියෙන් ඩයි ප්‍රමාණයක් අවශ්‍ය වේ. අධික මිල, ප්‍රමාණවත් ඩයි නොමැතිවීම ආදී හේතු නිසා පිළිකා රෝගීන් විශාල පිරිසක් PET ස්කෑන් පරීක්ෂා සඳහා පොරොත්තු ලේඛනයේ සිටී. මෙකී ඩයි වර්ගය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනයට අවශ්‍ය සැලසුමක් පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය SRD රෝසා මැතිතුමා ඇතුළු පිරිසක් ඉදිරිපත් කර ඇත. එය ක්‍රියාවට නංවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය විකිරණශීල ද්‍රව්‍ය ජනන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය මූලික එකඟතාවක් අදාල ආයතන අතර ඇති විය. එමගින් ඩයි වර්ගය රු 14,000 කට මෙරටදීම නිපදවිය හැකි වේ. විෂය භාර ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ රැස්වීම සංවිධානය කළේය. රාජ්‍ය අමාත්‍යංශ දෙකේ ලේකම්වරු, පරමාණුක බල ශක්ති මණ්ඩලයේ නිලධාරීන්, වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂක, ඖෂධ නීතිගත සංස්ථාවේ කලමනාකර අධ්‍යක්ෂක, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී, පිලිකා රෝග විශේෂ වෛද්‍යවරු ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

කරයි නේද