වටින කෙල්ලෙක් වෙන්න...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    (Part 01)

    මොකක් හරි හේතුවකට මම මහවැලියට හරිම ආදරෙයි.

    වෙලාවකට හිතෙනවා මම කලින් ආත්මයක මහනුවර ඉපදිලා හිටියද දන්නේ නෑ කියලා.. මේ පාර අපේ "සෙට් එකේ" මීටමට තැනක් හොයන්න බාරවුනේ මට. හැමදාම වගේ මම ආසයි, මම කැමති දේවල් අනිත් අයට දෙන්න. ඉතින් මම මහවැලියට ආසා කරන නිසා මම හිතුවේ මගේ මිතුරන් පිරිසටත් මහවැලියේ අයිනේ රාත්‍රියක් ගෙවන්න සෙට් කරන්න ඕනෑ කියලා. ලඒ අනුව තමයි මහවැලිය අසබඩ පිහිටි ගල් බංගලාව කියන හෝටලය ඔවුන් වෙනුවෙන් වෙන් කළේ. මේ කියන්න යන කතාව මහවැලිය ගැනවත්, ගල් බංගලාව ගැනවත් නෙවෙයි. මේක මේ කට්ටිය සෙට් වුන වෙලාවේ ඉස්මතු වුන කාරණයක්.

    ඉස්සෙල්ලා කියලා ඉන්නම් මේ මේසේ වාඩි වෙලා ඉන්න සෙට් එක ගැන. අනූව දශකයේ ඉපදුන, ITN එක විතරක් රූපවාහිනියේ පෙනුන, 3G මුලින්ම හඳුන්වලා දුන්න, නොකියා 1100 එකක් ගන්න හීන මවපු වගේම, අවම බස් ගාස්තුව රුපියලක් වුන පරම්පරාවේ පිරිසක්. අද වෙද්දී මේ මේසේ වාඩිවෙලා ඉන්න හැමෝම සමාජයේ සැලකිය යුතු තරමක් ඉහලට ගිය පිරිස්. තව අවුරුද්දකින් හමාරකින් PhD එක ගන්න ඉන්න අයගේ ඉඳලා ලංකාවටම ගංජා සපයන, බුන්දල කැලේ මැද ඉඳලා ආපු ප්‍රභල චරිතයකුත් මේ අතරේ ඉන්නවා. අපි හැමෝටම පොදු අපේ වයස විතරයි. ඔක්කොම කොල්ලෝ. තවම වයස තිස්පහක් වෙලා නැති හැබැයි මේ වයසට රටේ වගේම ලෝකයේ හොඳට කරක් ගහපු එවුන්.

    කණ්ඩායමේ එවුන්ගෙන් විවාහ වෙලා නැත්තේ 4 දෙනෙක් විතරයි. ඒ හතර දෙනාගෙනුත් එකෙක් මේ එන සැප්තැම්බර් මාසේ විවාහ වෙනවා.

    අහ්.. කියන්න අමතක වුනා. අපි කට්ටියට පොදු තව එක දෙයක් තියෙනවා. ඒක තමයි මේ මේසේ වාඩි වෙන කිසි කෙනෙක් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. රටටම ගංජා බෙදන පොඩි ____ වුනත් අරක්කු පොදක් කටේ තියන්නේ නෑ. මෙතන අතීතයේ මත්පැන් පාවිච්චි කළ අය ඉන්නවා. හැබැයි ඔවුන් එක්කෝ විවාහ වුනාම හෝ දරුවන් ලැබුනාම හෝ අවම වශයෙන් මේ මේසයේ වාඩි වීමේ ඕනෑකම නිසාම හෝ දැන් ඉන් ඉවත් වෙලා ඉන්නවා.

    කෙනෙක් අහාවි

    "ඕකේ වාඩි වෙන්න බොන එක නතර කරන්න උන්ට පිස්සුද කියලා...".

    ඔව්. බොනවට වඩා මේකේ වාඩි වෙන එක වටිනවා කියලා හිතන්න තරම් සාධාරණ හේතු උන්ට තියෙනවා. මේක කියවගෙන යද්දී ඒක තේරේවි.

    දැන් මම යන්නම් අපේ කතාවට.

    මේකේ ලියවෙන නම් ඔක්කොම මනඃකල්පිත ඒවා. මොකද මේ පිරිස හැමෝම මගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ ඉන්නවා. කෙනෙක්ට පුළුවන් ඔවුන් හොයාගන්න ඇත්ත නම් ලිව්වොත්.

    (To be continued)
     
    • Wow
    Reactions: Heshan Daminda

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    කඩිනම් මහවැලි ව්‍යාපෘතිය

    බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනාක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල් වලින් ආධාර හිමිවිය.

    සංවර්ධන වැඩසටහනේ අරමුණු
    • නව ජනාවාස ඇතිකිරීම
    • විදුලිබලය උත්පාදනය
    • වී ගොවිතැන ප්‍රමුඛ කෘෂීකර්මය
    • ගංවතුර පාලනය
    • මහවැලි පහල නිම්නයේ ජනාවාසකරනය
    • රකියා ප්‍රශ්නය විසදීම
    • රට ආහාර වලින් ස්වයංපෝශිත කිරීම

    මහවැලි ගඟත්, එහි අතු ගංඟාත් මාදුරුඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39% ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශ වල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රැකියා අවස්ථා ලබා දීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීනරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය.

    ක්‍රියාවට නැංවීම

    වසර 30 ක් ඇතුළත මහවැලි මහ සැලැස්ම ක්‍රියාවට නැංවීම මුල් යුගයේ අපේක්ෂාව විය. අදියර 3 ක් යටතේ ප්‍රධාන ජලාශ විදුලි බලාගාර හා ජනාවාස කලාප සංවර්ධනය සඳහා සැලැස්මක් වූ අතර වාරිපෝෂිත ඉඩම් අක්කර 9,000,000 ක් සංවර්ධනය කිරීමද, මෙගාවොට් 808 ක ස්ථාපිත ධාරිතාවකින් යුතු විදුලි බලාගාර 14 ක් ඉදිකිරීමද වැඩ පිළිවෙලට අයත් විය.

    වැඩසටහන ආරම්භ කිරීම

    ඒ අනුව මහවැලි ව්‍යාපෘතියේ පළමු ජලාශය සඳහා මුල්ගල තැබෙන්නේ 1970 වසරේ පෙබරවාරි 28 වන දින යි. ඒ සඳහා මුල් වී කටයුතු කරන්නේ එවකට අගමැති ඩඩ්ලි සේනානායක හා මහවැලි විෂයය භාර ආමාත්‍යවරයා වන සි.පී ද සිල්වා යි. නමුත් 1970 වසරේ මුල් භාගයේ පැවති මහා මැතිවරණයෙන් පසුව ඩඩ්ලි ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙන බැවින් 1976 වසරේ දී එම ජලාශය විවෘත කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය හා එවකට මහවැලි විෂයයභාර ඇමතිවරයා වන මෛත්‍රිපාල සේනානායක විසින්. නමුත් ශ්‍රී ලංකා රජය මුහුණ දුන් මූල්‍ය අර්බුදය, ඉංජිනේරු හා තාක්ෂණික ක්ෂේත්‍රවල නිලධාරීන් හිඟ වීම වැනි කරුණු හේතුවෙන් මහවැලිය ඉන් ඉදිරියට කරගෙන යාමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරනවා.

    ව්‍යපෘතිය පිරිහීම

    1977 වන විට මහවැලි ව්‍යාපාරයේ ප්‍රගතිය අපේක්ෂා කල තරම් නොවීය. එවකට රටේ පැවැති දුර්වල ආර්ථික තත්වය හා අවශ්‍ය තරම් පුහුණු ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍ර වල නිලධාරීන් හිඟ වීම ඊට හේතු විය.

    කඩිනම් වැඩ පිළිවෙල

    මහවැලි මහ සැලැස්ම යෝජනා කොට තිබුණේ වසර 30 කදී අනුක්‍රමයෙන් නිම කිරීමටයි. නමුත් ඒ සමය වන විට රටෙහි ආර්ථිකයේ දැවෙන ප්‍රශ්න රාශියක් තිබූ නිසා මහවැලි ව්‍යාපාරයේ කටයුතු කෙටි කලකින් නිම කිරීමට අත්‍යාවශ්‍ය විය. ඒ අනූව 1977 ඔක්තෝම්බර් 12 වනදා මහවැලි සංවර්ධන මණ්ඩලයට රැස්වූ එවක අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනම් කිරීමට තීරණය කරන ලදී.

    පසුව එම වසරේම ජනපති ධූරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විධායක නායකත්වයෙන්, අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම යටතේ මහවැලි කඩිනම් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුණි. මහවැලි කඩිනම් වැඩ පිළිවෙලේ වගකීම, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට භාර විය.

    කඩිනම් වැඩ පිළිවෙල යටතේ බලශක්ති සම්පාදනයට අනුබල දෙන ප්‍රධාන ජලාශ 4 ක් නිමවිණි. වික්ටෝරියා ජලාශය, කොත්මලේ ජලාශය, මාදුරුඔය ජලාශය, හා රන්දෙණිගල ජලාශය එලෙස ඉදිවූ මහා ජලාශ හතරයි.

    මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කරන සෑම කලාපයකටම අවශ්‍ය මං මාවත්, වාරි පද්ධති, නගර නිර්මාණ, පරිපාලන පද්ධති, රෝහල්, තැපැල් සේවා, ගබඩා, පොලීසි ආදී මූලික පහසුකම් ඇතිකිරීම සඳහා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය නමින් වෙනම අමාත්‍යාංශයක් ඇරඹූ අතර, ඒ යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ස්ථාපනය කෙරිණි.
     
    🙏
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113

    (Part 02)

    දැන් මම යන්නම් අපේ කතාවට. මේකේ ලියවෙන නම් ඔක්කොම මනඃකල්පිත ඒවා. මොකද මේ පිරිස හැමෝම මගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ ඉන්නවා. කෙනෙක්ට පුළුවන් ඔවුන් හොයාගන්න ඇත්ත නම් ලිව්වොත්.

    කතාව පටන් ගන්නෙත් අරක්කු වලින්ම තමයි. අපේ පිරිසේ කිහිප දෙනෙක්ටම මත්පැන් විකුණුම් හල් එහෙමත් නැත්නම් "බාර්" තියෙනවා. මේ අතරින් එක් අයෙක් තීරණය කරලා තියෙනවා මත්ද්‍රව්‍ය වෙළෙදාමෙන් ඉවත් වෙන්න ඕන කියලා. ඔහුගේ නම් අසිත්. අසිතයා තමයි කතාව පටන් ගත්තේ.

    " දැන් දරුවා ලොකු වෙනවා. මම ආස නෑ ඌ දකිනවට මම අරක්කු බාර් කරන එකෙක් කියලා. මාසෙකට ලක්ෂ පනහක් හැටක් කැපුනට වැඩක් නෑ බං. මේක හෙන අවුලක් මට.."

    අපේ කණ්ඩායමේ ඉන්නවා පළාත් සභා මංත්‍රී කෙනෙක්. උගේ අම්මාගේ අයියා දකුණු පළාතේ හිටපු පා.ම. කෙනෙක්. උගේ නම ඩලස් කියමුකෝ. ඩලස්ලා දෙන්නෙක් ඉන්නවා. මෙයා ලොකු ඩලස් හෙවත් ලොකු ඩලා..

    ලොකු ඩලා කෝල් එකක ඉඳලා මේක ඇහුනා විතරයි මැදට පැන්නා..

    "අනේ නිකම් පලයන් බං යන්න. උඹ බාර් වැහුවොත් උඹේ ගෑණි එක දවසක් උඹ එක්ක ඉන්නේ නෑ. ඕකි උඹට සෙට් වුනෙත් උඹේ සල්ලි නිසා. නැත්තම් උඹ වගේ එකෙක්ට දීපිකා පදුකෝනි වගේ එකක් සෙට් වේවිද.."

    ඒ කතාවට අසිතයා උත්තරයක් දුන්නේ නෑ. අසිතයා ලස්සන කොල්ලෙක් නෙවෙයි. කිරියේ උඹලා කියන විදියට නම් කළු කොට අඩු කුලේ එකෙක්. අපිට නම් ඌ අපේ අසියා.

    මෙන්න මෙතනින් පස්සේ කතාව වෙනස් වෙනවා. කතාවට දැන් එන්නේ මෙරිල්.

    මෙරිල් කියන්නේ ටැංකි බෝට්ටු, එහෙමත් නැත්තම් බහු දින ධීවර යාත්‍රා තමන්ගේ ව්‍යාපාරය කරගත්ත එකෙක්. සා. පෙ. කළ ගමන් තාත්තාගේ බෝට්ටුවට නැගපු මෙරිල්ට කුඩාවැල්ලේ සහ තංගල්ල වරයවල් වල දැන් ටැංකි 6ක් තියෙනවා. මෙරිලුත් විවාහ වෙලා නැති සෙට් එකේ. මිනිහාගේ බෝට්ටුවක් එක සැරයක් මූදු යද්දී දෙවුන්දර විෂ්ණු දේවාලයට තියන බාරය විතරක් ලක්ෂ පහක්. ඒ යන බෝට්ටුවක් ලක්ෂ සීයක මාලු නැතිව ගොඩ එන්නේ නෑ. මාසෙකට ටැංකි 3ක් ගොඩ එනවා අඩුම. ඉතින් හිතාගන්නකෝ මේ තනිකඩයාගේ පසුබිම. මිනිහාගෙන් තමයි කතාව පටන් ගන්නේ.

    " අඩෝ.. මම කියන්නම් උඹලට මාර කතාවක්. මේක මම ලබන මාසේ සෙට් වුනාම කියන්න හිටියේ. හැබැයි ගෑණු ගැන ඇදිලා ආපු නිසා දැන් කියලා දාන්නම්. මම දැනට අවුරුද්දකට විතර කලින් ගියා මගේ බෝට්ටුවල එංජින් හදන බාස්ගේ අම්මා නැති වෙලා මල ගෙදර. ඒක තිබුනේ හලාවත. එහේදි මගේ වාහනේ වැදුනා. ප්‍රසා, උඹට මම කෝල් කළා මතකනේ..."

    මිනිහා මගේ දිහා බැලුවා.

    මම ඔලුව වැනුවා.

    "ප්‍රසා තමයි වාහනේ වැඩේ බාරගත්තේ. මම වැඩ ගොඩක හිර වෙලා නිසා මම මහ රෑම නැග්ගා ට්‍රින්කෝ ඉඳලා ආපු බස් එකක කොළඹට. වාහනේ ආපු නිසා මම සරමක් ගහගෙන, ගෙදරට අඳින ෂර්ට් එකක් ඇඳගෙන හිටියේ. මම කොහොමත් කලුයි නෙහ් බං. කොණ්ඩේ රැවුල කපලත් නෑ. ප්‍රසාගෙන් ඇහුවම කිව්වා ඌ වත්තලට එන්නම්, මට වත්තලින් බහින්න, ඌ මාව මාතර හයිවේ බස් එකකට දාන්නම් කියලා. ඉතින් එහෙම වුනා.. මම උදේ 6 වගේ වෙද්දී බස් එකේ. මම බස් එකට නැගලා කළේ නිදියපු එක. බස් එක ටිකක් දුර එද්දී තමයි අවදි වුනේ. මම අවදි වෙලා බලද්දී මගේ ලඟ කෑල්ලක් වාඩි වෙලා ඉන්නවා. හම්මට.. මම උඩ ගිහින් වැටුනා. ඇත්තම කතාව මචං, කෙල්ලෙක් ලඟ වාඩි වෙලා මේ යන්නේ අවුරුදු 5කින් විතර. ජීප් එකේ කෙල්ලෝ යන්නෙත් නෑ, බෝට්ටුවේ කෙල්ලෝ යන්නෙත් නෑනේ. මට _රි තිබහක් තිබුනේ. වතුර එකක්වත් ගත්තේ නෑ. අර කෙල්ල ළඟ නම් වතුර බෝතලයක් තිබුනා. ඒකිගෙන් වතුර ඉල්ලන්න තියා ඒකි මගේ දිහාවත් බලන්න අප්පිරියාවේ ඇති කියලා මට හිතුනේ. මම ඇඹරෙද්දී ඒකි දැනගත්තා මම අවදිවෙලා කියලා.

    අඩෝ මාර සීන් එක කියන්නේ මේකි එක පාරටම

    'මෙරිල් දැන් අඳුරන්නත් බෑ '

    කියලා කිව්වා බං..."

    (To be Continued)

    ------ Post added on Jul 27, 2023 at 10:05 AM
     
    Last edited: