(Part 01)
මොකක් හරි හේතුවකට මම මහවැලියට හරිම ආදරෙයි.
වෙලාවකට හිතෙනවා මම කලින් ආත්මයක මහනුවර ඉපදිලා හිටියද දන්නේ නෑ කියලා.. මේ පාර අපේ "සෙට් එකේ" මීටමට තැනක් හොයන්න බාරවුනේ මට. හැමදාම වගේ මම ආසයි, මම කැමති දේවල් අනිත් අයට දෙන්න. ඉතින් මම මහවැලියට ආසා කරන නිසා මම හිතුවේ මගේ මිතුරන් පිරිසටත් මහවැලියේ අයිනේ රාත්‍රියක් ගෙවන්න සෙට් කරන්න ඕනෑ කියලා. ලඒ අනුව තමයි මහවැලිය අසබඩ පිහිටි ගල් බංගලාව කියන හෝටලය ඔවුන් වෙනුවෙන් වෙන් කළේ. මේ කියන්න යන කතාව මහවැලිය ගැනවත්, ගල් බංගලාව ගැනවත් නෙවෙයි. මේක මේ කට්ටිය සෙට් වුන වෙලාවේ ඉස්මතු වුන කාරණයක්.
ඉස්සෙල්ලා කියලා ඉන්නම් මේ මේසේ වාඩි වෙලා ඉන්න සෙට් එක ගැන. අනූව දශකයේ ඉපදුන, ITN එක විතරක් රූපවාහිනියේ පෙනුන, 3G මුලින්ම හඳුන්වලා දුන්න, නොකියා 1100 එකක් ගන්න හීන මවපු වගේම, අවම බස් ගාස්තුව රුපියලක් වුන පරම්පරාවේ පිරිසක්. අද වෙද්දී මේ මේසේ වාඩිවෙලා ඉන්න හැමෝම සමාජයේ සැලකිය යුතු තරමක් ඉහලට ගිය පිරිස්. තව අවුරුද්දකින් හමාරකින් PhD එක ගන්න ඉන්න අයගේ ඉඳලා ලංකාවටම ගංජා සපයන, බුන්දල කැලේ මැද ඉඳලා ආපු ප්‍රභල චරිතයකුත් මේ අතරේ ඉන්නවා. අපි හැමෝටම පොදු අපේ වයස විතරයි. ඔක්කොම කොල්ලෝ. තවම වයස තිස්පහක් වෙලා නැති හැබැයි මේ වයසට රටේ වගේම ලෝකයේ හොඳට කරක් ගහපු එවුන්.
කණ්ඩායමේ එවුන්ගෙන් විවාහ වෙලා නැත්තේ 4 දෙනෙක් විතරයි. ඒ හතර දෙනාගෙනුත් එකෙක් මේ එන සැප්තැම්බර් මාසේ විවාහ වෙනවා.
අහ්.. කියන්න අමතක වුනා. අපි කට්ටියට පොදු තව එක දෙයක් තියෙනවා. ඒක තමයි මේ මේසේ වාඩි වෙන කිසි කෙනෙක් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. රටටම ගංජා බෙදන පොඩි ____ වුනත් අරක්කු පොදක් කටේ තියන්නේ නෑ. මෙතන අතීතයේ මත්පැන් පාවිච්චි කළ අය ඉන්නවා. හැබැයි ඔවුන් එක්කෝ විවාහ වුනාම හෝ දරුවන් ලැබුනාම හෝ අවම වශයෙන් මේ මේසයේ වාඩි වීමේ ඕනෑකම නිසාම හෝ දැන් ඉන් ඉවත් වෙලා ඉන්නවා.
කෙනෙක් අහාවි
"ඕකේ වාඩි වෙන්න බොන එක නතර කරන්න උන්ට පිස්සුද කියලා...".
ඔව්. බොනවට වඩා මේකේ වාඩි වෙන එක වටිනවා කියලා හිතන්න තරම් සාධාරණ හේතු උන්ට තියෙනවා. මේක කියවගෙන යද්දී ඒක තේරේවි.
දැන් මම යන්නම් අපේ කතාවට.
මේකේ ලියවෙන නම් ඔක්කොම මනඃකල්පිත ඒවා. මොකද මේ පිරිස හැමෝම මගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ ඉන්නවා. කෙනෙක්ට පුළුවන් ඔවුන් හොයාගන්න ඇත්ත නම් ලිව්වොත්.
(To be continued)