වත්තල බෝම්බ ප්*රහාරය

VIDUrUVAN123

Member
May 24, 2007
2,914
10
0
Sri lanka
වත්තල බෝම්බ ප්*රහාරය

දෙසැ. 28 - වත්තල සිදුවූ පිපිරීමකින් සිවිල් ආරක්*ෂක බලකායේ 5 දෙනෙක් ජීවිතක්*ෂයට පත් වූහ.

සිවිල් ආරක්*ෂක බලකා මුරපොලකදී එම පිපිරීම සිදුවී ඇති බව හමුදා ප්*රකාශක බ්*රිගෙඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.

එය එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්*රහාරයක් බව ද හමුදා ප්*රකාශකවරයා පැවසීය.

ප්*රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් කිහිපදෙනෙකු ජාතික රෝහලට සහ රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

සිවිල් ආරක්ෂක බලකායේ අධ්*යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසුවේ, සිද්ධිය වන අවස්ථාවේ අදාළ කඳවුරෙහි සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් 65 දෙනෙකු පමණ සිටි බවය.

මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. බෝම්බකරු ඇතුලු වන අවස්ථාවේ ඔහු වැළැක්වීමට සිවිල් ආරක්ෂක භටයෙකු උත්සාහ දරා ඇති බව ද වීරසේකර මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, කටුනායක සිට පෑලියගොඩ දක්වාවූ කලාපයේ ආරක්ෂාවට සිවිල් ආරක්ෂක භටයන් යොදවා සිටින බවය.

ඔවුන් පසුගිය කාලයේදී එල්.ටී.ටී.ඊ. ක්*රියාකාරකම් රැසක් වැළැක්වීමට සමත්වී ඇති බව ද වීරසේකර මහතා පැවසීය.

එම තත්ත්වය මත එල්.ටී.ටී.ඊ. ය සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් ඉලක්ක කර ප්*රහාරයක් එල්ල කරන්නට ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Source/More

Related News >>

Wattala explosion [updated] - Pictures

Suicide bomb explosion near church in Wattala


bomb blast - I

Five die in Wattala suicide blast

Two die in explosion in Wattala

More.....