වත්තුපම_සුත්‍රය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    වත්තුපම_සුත්‍රය

    වත්තුපම සුත්‍රය (වස්ත්‍රයක් උපමා කරගෙන)

    සිත අපිරිසිදුවී දුගතියට යන්න හෙතුවන කරුනු
    1. චිත්ත විපත්ති - සිත අපිරිඩිදුවීම
    2. සීල විපත්තී - දුස්සීල වීම
    3. දිටිටී විපත්තී - මිත්‍යා දෘෂ්ටි ගැනීම
    4. අජීව විපත්තී - ජීවත්වන ක්‍රමය අධර්මික වීම

    සිත කිලිටි වන දේ හෙවත් උපක්ලේෂ.

    1. අභිජ්ජා විසම ලෝබය හෙවත් අනුන්ගේ දේට ආසා කිරීම. අනිත්‍ය වැඩීමෙන් දුරු කල හැක. මේ නිසා අදික ආසාවක් ඇතිවේ. මෙය කිලිටු සිතිවිලි සිතේ ඇතිකරයි.
    2. ව්‍යාපාදය හෙවත් තරහා.
    3. උපනාහ හෙවත් බද්ධ වෛරය. තරහින් කරණදේ සාර්තම වෙන්නෙ නැහැ.
    4. මක්ක හෙවත් (අනුන්ගේ) ගුනමකු බව.
    5. එකට එක කීරීම. මේ මත ඉහත දේ සීතේ ඇතීවේ. ඉවසීමෙන් ප්‍රහානය කල යුතුයි. ඉවසන්න නම්, අනුකම්පා ඇතිකල ගත යුතුයි, උපේක්ෂා භාවනාව කල යුතුයි. කරපුදේ කරපු කෙනා රැගෙන යයි. නැවත දෙයක් කල යුතු නැහැ කර්මානුරුප බැවින්.
    6. ඊස්සා හෙවත් ඊර්ෂියාව මුදිතාවෙන් දුරු කල යුතුයි. අන් කෙනා දිහා බලලා සතුටු විය යුතුයි.
    7. මසුරුකම හෙවත් තාමා සතුදෙයක් අන්කෙනෙකුට දීමට ඇති අකමැත්ත. අරපිරිමැස්ස ලෙසම සිතිවිලි එනවා. ත්‍යගය පුරුදු කල යුතුයි.
    8. මායා හෙවත් තමන්ට නැති ගුන පෙන්නනවා. මුනට එකක් කියනවා, යටින් තවත් එකක් කරණවා. ප්‍රහානය පිනිස කරුනාව ඇතිකල ගතයුතු අනිත් කෙනා සමග. කපටි නැති විය යුතුයි.
    9. සාරම්බ (සාරම්බ තම්බ ) හෙවත් දැඩී බව. ධර්මානු කුල අවවාදයට හික්මෙන්නේ නැහැ. තාමාගේ මතය පමනක් ගන්නවා. කීකරු කමින් නැති කල ගත යුතුයි.
    10. මාන්න්‍ය හා අති මාන්න්‍ය හෙවත් ඉතා තද මාන්න්‍ය. නිහතමානී වී පාපිස්සක් සේ සිටිය යුතුයි. අනිත්‍ය, අනාත්මය හා දුක්‍ය අවබෝද කීරීමෙන් ප්‍රහානය කල හැක.
    11. මදය තුන් ආකාරය. මදය යනු මත්වීමයි. ජීවිත මදය, යෞවන මදය හා ආරෝග්‍ය මදය. මදය යනු මත්වීමයි. මත්වූ ජීවීතය තුල ඇත්තේ විනොදය පමනකී. පස් පවු ලේසීයෙන් කරයි. මරණ සතිය වැඩිය යුතුයි. ජීවිතයේ අස්තිර බව, ලෙඩ රෝග වලට ගොදුරු වෙන ශරීරයක් ඇති බව, මහලු වෙන බව, මරණය සිහි කල යුතුයි.
    12. ප්‍රමාදය. මෙයින් ගැලවිමට නම් සතර අපා බය සිහි කල යුතුයි.
    බුදුරාජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත යුතුයි. බුදුගුණ, ධම්ගුණ හා සඝගුණ කියමින් තිසරණය සිහි කල යුතුයි.
     

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    බොහොම ඉස්තුති ................නමුත් තව ටිකක් පැහැදිලි උනානම් ගොඩක් හොඳය .........බුදුසරණයි
     
    • Like
    Reactions: netlife007