වතුකරයේ තරුණයන් වතු හිමියන් කරනවා..- සජිත්

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    තේ වතු වල වගා නොකරන මුඩු ඉඩම් වතුකරයේ තරුණ තරුණියන්ට බෙදා දි වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ (07) දින තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ පැවති වතුකම්කරු උද්ඝෝෂණයට සහභාගි වෙමිණි.

    දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණය සහ පෙලපාලිය තලවකැලේ නගර මධ්‍යයේදි පැවති අතර , එම උද්ඝෝෂණයට සහයෝගය දක්වා තලවකැලේ නගරයේ වෙලදසැල් වසා දමා තිබුණි.

    ඇතැම් වෙලදසැල් වල කළු කොඩි ප්‍රදර්ශනය කර තිබු අතර,වතු කම්කරුවන් නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කර පසුව පෙලපාලියකින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණය වෙත ගොස් එහිදි උද්ඝෝෂණය පැවැත්විණ.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට පියවර ගත යුතු බවයි.

    ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයෙක් මැරකම ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය සිදු කරන තරුණ තරුණියන් ගැටුමක ආදා ගැනිමට උත්සහ කරමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අනුව සටන ජය ගැනිමට කටයුතු කරන බවයි.

    මෙම උද්ඝෝෂණයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සභාපති ප.ම මනෝ ගනේෂන් , නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් , පා.ම වි.රාධාක්‍රිෂ්ණන් , පා.ම එස්.උදයකුමාර් , පා.ම එස්.වේලුකුමාර් යන මහතුන්ද සහභාගි විය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    මුඩු ඉඩම් දීලා පකෙන්ද දන්නෙ නෑ වගා කරන්නෙ. පෝර නෑ, තෙල් නෑ, බැංකු ණයක් ගන්න බෑ, එදාවේල කන්නවත් විදියක් නෑ.

    තනියම මුල් ඉඳන් තේ වගාවක් පටන්ගන්න මුඩු ඉඩමක 🤣🤣

    මුඩුම පොන්නයන්නගෙ නායකයා 🤭
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    බලපන් මේ හරකට තාම තේරිලා නෑ මේ රටේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ බූරුවාගෙන් කිසිම ප්‍රෙශර් එකක් නැති නිසා තමා අරුන් මෙච්චර පිස්සු නටන්නේ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ යකාත් ගෝටා වගේම තමයි. ඔහොම බූරු වැඩක් තමයි වතු ජනසතුව කියල කලෙත්, ඒ කාලේ හිටි ගොන් බය්යෝ දැන් වතු අපේ කියල, තිබුණු පුටු එහෙමත් උස්සගෙන ගියා. දෙමළ මිනිස්සු අපා දුක් විඳින එක ඇත්ත, එත් කරන්න ඕන වතු සමාගම් ටික බංකොළොත් කරන එක නෙවෙයි. මුඩු බිමි තියෙන්නේ ශ්‍රමය හිඟ නිසා. මුඩු බිම් පවරන්න ගත්තොත් වත්තේ වැඩ කරන එවුන් වත්ත මුඩු බිමක් කෙරෙන තත්වයට වැඩ බලාගනීවි. අන්තිමට තවත් වටයකින් හික වෙලා නවතින්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,770
    167,433
    113
    එකමත් එක රටක
    මූ එක්ක හිටියොත් ඔය පැත්තේ ඉන්න වැඩක් තියන උන්ටත් කෙලවෙනවා. මූව අයින් කරල වෙනම සෙට් එකක් හැදෙන්න ඕනේ උන්ට ගොඩ යන්න නම් . මුගේ මෝඩ කම උන්ටත් වදිනවා.