වතුරේ නොගිලෙන හූනා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇමසන් වනාන්තරය කියන්නේ ලෝකයේ තියෙන විශාලතම වැසි වනාන්තරය වගේම,වර්ෂාපතනය අධිකතම ප්‍රදේශයක්.වැස්ස වැඩිවීම වනාන්තරවල ජීවත් වෙන සතුන්ට වගේම ගහකොළට බලපෑම් කරනවා.ඒ බලපෑම්වලට ගැලපෙන විදියට දෙගොල්ලොම එක එක අනුවර්තන හදා ගන්නවා.

    EwFe5iF.jpg

    ජේසුස් ක්‍රිස්ට් කටුස්සා

    මීට කලින් ත්‍රෙඩ් එකක අපි වතුරේ දුවන්න පුලුවන් කටුස්සෙක් ගැන කතා කලානේ.දැන එන හුගක් ස්මාට් පෝන් වෝටර් පෲෆ් කියනවානේ.ඒ කියන්නේ ජල ප්‍රතිරෝධී,ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික් කොටස්වලට ජලය කාන්දු වෙන්නේ නෑ.ඇමසන් වැසි වනාන්තරයෙත් ඉන්නවා මේ කියන විදියේ වෝටර් පෲෆ් සතෙක්.උගේ නම් බ්‍රසීලියන් අගුටුමිටි හූනා.

    tGYtIhm.png

    බ්‍රසීලියන් අගුටුමිටි හූනා


    පේන්වානේ මුගේ සයිස් එක.මේ හූනා උපරිමව වැඩෙන්නේ අගලක් වගේ දිගටලු.මූ ඉන්නේ පොළොවේ කොළ රොඩු උඩ.කන්නේ ඔය කුඩිත්තෝ,ගුල්ලෝ,කීඩෑවෝ වගේ පොඩි කෘමීන්.

    වැසි වනාන්තරයේ ඉන්නේ පොඩිම පදිංචිකාරයෙක් තමයි මේ පිග්මි හූනා.මේ වගේ පොඩි සතෙක් බිම ඉන්නවා කියන්නේ ලේසි පහසු නෑ.මොකද හැම තැනම සතුරෝ.

    jeRPAGm.jpg

    බ්‍රසීලියන් අගුටුමිටි හූනා


    විලෝපිකයෝ ඇරුනම අගලක් තරම් වත් ලොකු නැති මේ හූනාට අහසින් වැටෙන වතුර බින්දුවක් පවා ගල් ගෙඩියක් ඇගට වැටෙනවා හා සමානයි.අනික් සත්තු වගේ නෙමෙයි මේ හූනාට විශේෂ බලයක් තියෙනවා.ඒක තමයි ඔය වැටෙන වතුර බිංදුවලින් නොතෙමී ඉන්න පුලුවන් හැකියාව.

    ChORMPD.jpg

    හුනාගේ ඇගට වැටුණු වතුර බිංදුවක්

    හරියට නෙලුම් කොළයකට වැහි බිංදු වැටුනට රැදෙන්නේ නෑ,කොළය තෙමෙන්නේ නෑ වගේ තමයි මේ හූනත්.උගේ ඇගේ තියෙනවා පොඩී රෝම.මේවා උගේ සමත් වතුර බිංදුවත් අතර බාධකයක් විදියට වැඩ කරන්නේ.ඒ හින්දා කොච්චර වතුර වැටුණත් උගේ සම තෙත් වෙන්නේ නෑ.

    xWL23OG.jpg


    වැටෙන වතුර බිංදු ඇගේ වැදිලා පොලා පනිනවා.හැබැයි වැහි කාලය ආවම මේ වැහි බිංදුවලට වඩා ලොකු තර්ජනයකට මුහුණ දෙන්න වෙනවා හූනට.මූ ජීවත් වෙන පැත්ත වතුරෙන් යට වුනාම හූනාට සිද්ධ වෙනවා වතුරේ නොගිලී ඉන්න.ඒ හැකියාවත් මේ පිග්මි හූනට තියෙනවා.බරින් අඩුවීම,ප්‍රමාණයෙන් පොඩි වීම වගේම කලින් කියපු රෝමවල පිහිටෙන් තමයි මේ සුපිරි හැකියාව ඌට ලැබෙන්නේ.ඕනේ නම් වතුරේ ඇවිදින්නත් මේ පුංචි හූනාට පුලුවන්.

    lpkGAaz.jpg

    වතුරේ පාවෙන හූනා

    තෙමෙන්නේ නැති,වතුරේ ගිලෙන්නේ නැති මේ සුපිරි හූනා ගැන බීබීසී අර්ත් චැනල් එකෙන් දාපු වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ.