වතුර-විස-වී

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැල්පත් රජ මැදුරු හැම දන නිතර බොනා...
    කුල්මත් නොවන දිවි රැකෙනා දියරෙ වෙනා....
    තැන්පත් සිසිල බඩගින්නට පමා දෙනා.....
    උල්පත් දිය බිදින් සසරම කෙටි කෙරුනා.......

    වැලිවේරියේ පින්බිම රැක සිටි අලියා....
    දින දින ජලය මගහැර තිබහෙන් සිටියා....
    මිනිසුන් නොදත් සිව්පා සතෙකුගෙ හැකියා...
    වතුරට විසක් කලවම් යැයි දැන හිටියා........

    පවනේ වේගයෙන් විහිදෙන පුවත අසා....
    වැලිවේරියේ අවටින් නැගුනා ගෝසා......
    වගකිවයුත්තගේ දොරටුව ගිහින් වසා.....
    ජන හඩ නැංවුවා නීතිය නිහඩ නිසා........

    මහ සගරුවන ඇරඹූ කල උපවාසේ.........
    ටීවී රේඩියෝවෙන් පෙන්විය දේසේ.........
    රට කැළඹිල්ල වැඩිවීගෙන එයි රළ සේ....
    එනමුත් බලය ඇති අය සැතපේ සිත්සේ......

    උපවාසයේ අරමුණ හඩ වැකුනු කල...
    පිහිටට ආවමුත් රජුගේ ඇදුරු කැළ.....
    ගුන්ඩුව දමා ගියමුත් දිනකින් එ.රැළ...
    අලුයට ගිනි ලෙසින් පිබිදී නැගුනි බල.....

    අවසන මහා ජන ගංගාවකි ආවේ.....
    වැලිවේරියේ මහ වීදියෙ පොර කෑවේ....
    ජීවිත නසන විස ජලයේ හැටි කීවේ.....
    එනමුදු බැටන් පොලු පහරෙනි සැලකූවේ....

    මොහොතින් මොහොත සටනට දන ඇදෙන කල...
    ඇරයුම් රැගෙන සෙන්පතිගේ රකුසු කැළ......
    ජන හඩ පරයමින් ගෙන ආ අවියෙ බල......
    පෙන්වා පටන් ගති යුද බිම එකලු කල...........

    ඉදිරියෙ ඇදී එන්නා අය පසු බසිනා.......
    පසුපස හැරී දුවනා අය මග වැටෙනා..........
    දරු මුනුබුරන් වැඩිහිටියන් නොම තකනා........
    වෙඩි උන්ඩයට නෑදෑකම් ඇති නොවෙනා......

    එහෙ මෙහෙ වැදී සමහරු බිම වැටෙන විට....
    ලගටම ඇවිත් දෝතම බදලා හිසට......
    ලැබෙනා පොලු පහර කාගෙන දුවන්නට....
    අසමත් වෙතොත් මව් සිහිකර දෙසන්නට......

    හෙට ලොව දිනන රටටම සවියක් ගෙනෙන......
    පිරිසිදු ජලය ඉල්ලා මග තොට රැදෙන......
    හිරිමල් තුරුණු ජීවිත මෙහි ඇවිද එන...
    මිලිනව දෙනින් යන්නේ මොනවද රැගෙන ?

    උස් මිටි තැනේ වෙනසක් නොම බලමින්නේ.....
    රැස්වී මිනිස්සුන් මොනවද දොඩවන්නේ......
    දැන්වත් බිදක් රැස්වී මෙහි බලපන්නේ........
    අප කතිරයෙන් නොවැ උඹලා වැජඹෙන්නේ.....

    images



    weliweraya-protesters.jpg


    ww03.jpg

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොක්කටම වදින්න ලි‍යලා ති‍යනවා මචන්.......

    මේවා ලි‍යන හින්දා උඹටත් කේස් වැටෙ‍යිද දන්නේ නෑ.......
    :dull::dull::dull:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දැන්වත් බිදක් රැස්වී මෙහි බලපන්නේ........
    අප කතිරයෙන් නොවැ උඹලා වැජඹෙන්නේ.....
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ජීවිත නසන විස ජලයේ හැටි කීවේ...
    එනමුදු බැටන් පොලු පහරෙනි සැලකූවේ...


    නියමෙට ගලපලා ලියලා තියෙනවා මචෝ..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අඩෝ මචං උඹ පට්ටෙටම ලියලා තියනවා
    උඩ ඉන්න දෙයියෝ මේ අපරාද ගැන බලාගන්න කියලා තමයි බං මම ඉල්ලන්නේ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    උස් මිටි තැනේ වෙනසක් නොම බලමින්නේ.....
    රැස්වී මිනිස්සුන් මොනවද දොඩවන්නේ......
    දැන්වත් බිදක් රැස්වී මෙහි බලපන්නේ........
    අප කතිරයෙන් නොවැ උඹලා වැජඹෙන්නේ.....