වතු කම්කරු ප්‍රශ්ණය

Kasu98

Member
Nov 24, 2018
23
3
0
වතු කම්කරු ප්‍රශ්ණය

කවුරුත් දන්නවා මෑතකදී ලොකු ප්‍රශ්ණයක් උනා වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1000ක් කරන්න කියලා. මිනිස්සු විදියට ඔවුන් ඉල්ලන දේ බොහෝම සාධාරණයි. දිනකට රුපියල් 500ක් කියන්නේ කෑම බීම වලට වියදම් කලාට පස්සේ ඉතිරියක් නැති තරම්.

හැබැයි මේ ඒ සදහා සුදුසුම වෙලාවද?

මේකට මූලික ප්‍රශ්ණය වන්නේ ඉරාණයට ආර්ථික සම්බාධක පැනවීම. ඉරාණය කියන්නේ 2016, 2017 වසර වලදී අපෙන් 4වෙනියට වැඩියෙන්ම තේ මිලදී ගන්න රට. ඒ මෙට්‍රික් ටොන් 27, 419ක්. හැබැයි මේක විතරක් නොවෙයි ප්‍රශ්ණය. ඉරානය 4වෙනියාට හිටියාට, 1ට 2ට ඉන්නේ තුර්කිය සහ ඉරාකය. ඒ රටවල් දෙකේ ස්ථාවරභාවය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ඔන්න ඉතින් අපි වැඩියෙන්ම තේ යවන රටවල් 4න් 3ක්ම අස්ථාවරයි. ඉතින් මේ වගේ අවස්ථාවක ව්‍යාපාරිකයෙක් වෙලා හිටියොත්, ඔබ සිතනවාද තමුන්ගේ වියදමක් දෙගුණයකින් වැඩි කරන්න?

මේ ඔක්කොම සලකලා බලලා දෙන්න පුලුවන් හොදම විසදුම දෙන්න උත්සාහ කරනවා කියලා නවීන් දිසානායක කියලා තියෙනවා. කඩේ යනවා නෙවෙයි හැබැයි වැඩක් කරයි කියලා හිතනවා.

Source: http://teasrilanka.org/statistics
 
  • Like
Reactions: waruna87

Kasu98

Member
Nov 24, 2018
23
3
0
ඉරාකේ ප්‍රස්නේ එන්න කලිනුත් හරි හමන් පඩියක් ගෙවුවේ නෑනේ බන්.

එහෙම බැලුවොත් මේ රටේ කාටත් හරි හමන් පඩියක් නෑ. ගෙවන ගානට මිනිස්සු වැඩ කරන්නෙත් නෑ.