වදවී ගිය ශාකයක් මධ්‍යම අධිවේගයෙන් මතුවේ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මේ වැඩේ නම් මාර වටිනවා. ඒත් බලපන්කො අපේ වනජීවී එකට ගහක් ගලවල හිටවගන්න බැරි හැටි. අනිකේක දීල තියෙන සමාගම පරිසරරේ ආරක්ශා කරන්නම ආපු එකක්...😄😄.



    මධ්‍යම අධිවේගී මාර්ග‍යේ පළමු කොටස ඉදිකීරීමේ දී හමුවු මෙරටට ආවේණික වඳ වී ඇතැයි විශ්වාස කරමින් සිටි ශාඛයක් වන කෲඩියා සිලනිකා ශාකය පවතින තැනින් ඉවත් කොට යළි රෝපණය කර සංරක්ෂණය කිරීම සදහා පුද්ගලික සමාගමට ලබාදීම කෙරෙහි විරුද්ධත්වයක් නොමැති බව වනජීවී සංරක්ෂණ දොර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යවා ඇත.

    එම ශාකය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා තම සමාගම වෙත අවස්ථාව දෙන්නැයි එම සමාගම මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබිණි.


    එම ඉල්ලීම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල අවසරය සදහා ඉදිරිපත් කර ඇති අතර මෙම ලිපිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා යවා ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

    එකී ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු විද්වත් මණ්ඩලයක ගේ අනුමැතිය යටතේ අවශ්‍ය කටයුතු සිදුකිරීම සම්බන්ධව ද විරුද්ධත්වයක් නොමැති බව ද එම ලිපිය මගින් දන්වා යවා ඇත.


    1911දී හමුවූ කෲඩියා සිලනිකා ශාකයෙන් පසු මුල්වරට හමුවී ඇති මෙම ශාඛය මධ්‍යම අධීවේගීමාර්ගයේ පළමු අදියරේ මාර්ගය තුළ පිහටා ඇති බවත් එම ශාඛ්‍ය නිසා අධිවේගී මාර්ගයේ එක් ස්ථානයක් වෙනස් කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා ඊට හානි නොවන පරිදි සුදුසු වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධව විරෝධයක් නොමැති බව ද සූරියබණ්ඩාර මහතා සිය ලිපියෙන් දන්වා ඇත.


    කෙසේ වෙතත් එම ශාඛය වනජීවී රක්ෂිතයක හෝ සුදුසු ආරක්ෂිත ප්‍රදේශයක පිහිටි නොගැඹුරු ජලය සහිත පරිසර පද්ධතියක් ආශ්‍රිතව ප්‍රතිස්ථාපනය කළ යුතු බව ද එම ලිපිය මගින් දන්වා තිබේ.

    මෙම පෞද්ගලික සමාගම මුතුරාජවෙල තෙත් බිමෙහි ගොල්ෆ් පිටියක් හා හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ඉල්ලා මේ වනවිට පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කරමින් සිටින සමාගම වේ.

    -colombotoday-
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ , check එකකින් වගේ ගනු දෙනු කරයි :P
    බදුර්දීන්ට දුන්නනම් නිකන් හිටව ගන්න තුබුන නේ
    අපි හිටවන්නං කියල බලෙන් ඇවිත් ඉල්ලන්නේ නිකන් හිටවල දෙන්න පිං සිතුවිල්ලක් පහල වෙලාද කියල මම මේ බැලුවේ. :baffled: නැත්තං ඕක වල්ලපට්ට වගේ වටිනා ගහක්ද දන්නෙත් නෑ
     
    • Haha
    Reactions: pathaleiretta

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    අපි හිටවන්නං කියල බලෙන් ඇවිත් ඉල්ලන්නේ නිකන් හිටවල දෙන්න පිං සිතුවිල්ලක් පහල වෙලාද කියල මම මේ බැලුවේ. :baffled: නැත්තං ඕක වල්ලපට්ට වගේ වටිනා ගහක්ද දන්නෙත් නෑ
    මම මුලිම් කියන්න හැදුවේ අඩල පොලවේ හැපිලා වෙන්න ඇති නේද ගහ හිටවන්න ඉල්ලන්න ඇත්තේ කියල
    පස්සේ එක වෙනස් කළා :lol:
     
    • Haha
    Reactions: pathaleiretta

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සමහර ගස් තියෙනව පට්ට ගණන්..මම දන්න ගේක ගහක් තියෙනවා ලක්ෂ 22ක් වගේ වෙනවා..මේකත් ඒ වගේ ගහක්ද දන්නෙ නෑ..

    මේ තියෙන්නෙ ඒක..

    NkOF3QU.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMP
    සමහර ගස් තියෙනව පට්ට ගණන්..මම දන්න ගේක ගහක් තියෙනවා ලක්ෂ 22ක් වගේ වෙනවා..මේකත් ඒ වගේ ගහක්ද දන්නෙ නෑ..

    මේ තියෙන්නෙ ඒක..

    NkOF3QU.jpg


    Munta pissuda mnda bn sirwata
     
    • Haha
    Reactions: dxx

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    සමහර ගස් තියෙනව පට්ට ගණන්..මම දන්න ගේක ගහක් තියෙනවා ලක්ෂ 22ක් වගේ වෙනවා..මේකත් ඒ වගේ ගහක්ද දන්නෙ නෑ..

    මේ තියෙන්නෙ ඒක..

    NkOF3QU.jpg

    මේක බොන්සායි ගහක්නෙ බං බොන්සායි ගස් කොහොමත් මිලයි. අනික මේ සයිස් පට්ට ගනන්. මේක ඇයිද මන්ද බිම ඉන්දල තියෙන්නෙ. බොන්සායි නෙමෙද? නමක් දන්නෙ නැද්ද? 🤔🤔🤔
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    BUMP



    Munta pissuda mnda bn sirwata

    සල්ලිකාරයොනෙ බං..වියදම් කරන්න දේකුත් තියෙන්න ඵපැයි.

    මේක බොන්සායි ගහක්නෙ බං බොන්සායි ගස් කොහොමත් මිලයි. අනික මේ සයිස් පට්ට ගනන්. මේක ඇයිද මන්ද බිම ඉන්දල තියෙන්නෙ. බොන්සායි නෙමෙද? නමක් දන්නෙ නැද්ද? 🤔🤔🤔

    වැඩි විස්තරයක් දන්නෙ නෑ බං..මම හොයල බලල කියන්නම්..
     
    • Like
    Reactions: pathaleiretta

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    දිවියෝ, වැලිමුවෝ මරණ වන ජීවී එකට පුලුවන්ද ගහක් වත් ගලෝලා හිටවන්න.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mona labbakatada bn nuwarata adiwegi hadanne thiyena para hodata haduwanam harinee.gas kapala,kadu kapala concrete wananthara karanna nee bn hadanne.