වනගත චාරිකා සහ හොල්මන්
මම බුකියේ කියවපු එකක්. ටිකක් දිගයි. හැබැයි පුදුම ලස්සනයි
මුල් සටහන - https://www.facebook.com/thushyperera
..........................................................................................
සොභා දහමේ මනරම් දර්ශනීය භූමි නිර්මාණයකින් මැවුම් කළාවූ #දුම්බර වන මිටියාවත බාළ කාලයේ සිට ඇසට රසඳුනක් වූ දසුනක් වූයේය .මට මතක මුල් කාලයේ අප දුම්බර ගොම්බානිය කන්ද පෙනෙන මානයේ වූ ලේවැල්ල , තැන්නේකුඹුර අම්පිටිය ප්‍රදේශයන්හි ජිවත් වූවෙමු. පසු කාලයක මා දහ හතර වැනි වියට පා තබන වකවානුවේ නිවස්නයක් ගොඩ ගනිමින් පැමිණියේද අපූරු නවාතැනකටය. වෙල් යායට ඔබ්බෙන් ගලා යන මහවැලි නදිය හා උස්ව නැගී ගොම්බානියා කන්ද මගේ කාමර කව්ළුවට පෙනෙන සේ උස් ස්ථානයක පිහිටි අපගේ නිවෙස අදද මා ජිවත් වූ සොඳුරුම නවාතැනය. පසුව සේවා ස්ථානයේ දුර මෙන්ම එවකට ධර්මරාජ විද්‍යාලයේ සම වයසේ මිතුරු කැල හා ගෙවූ කෙළිලොල් දිවිය මත මගේ ඉගෙනීමේ අතපසුව හා විශාල ප්‍රපාතයක් බඳු වූ කන්ද තරණය කරමින් මාර්ගයට යෑමට මගේ දෙමව්පියන්ට අනාගතයේ උදා විය හැකි අපහසුව ආදී පරස්පර කරුණු මත එම නිවස මාගේ බලවත් විරෝධයන් මාය්මකට තැකීමක් නොකර විකුණා දැමුවාය. අවසානයේ මා අස් වැසීම පිණිස විකුණා ලබා දෙන පොරොන්දුව වූ එවකට බාළ ළමා වියේ සිහින පැතුම වූ චොපර් බය්සිකලයක් පිලිබන්ධ අදහස මා පසුව අත් හැරියේ නැතිනම් මම අදද ඒ පිලිබඳ බලාපොරොත්තුවෙන් පසුවනවා විය හැක. හන්තාන කඳු පංතිය මනරම් ලෙස දර්ශනය තලය වූ මාගේ සියා පදිංචිව සිටි අපගේ මහ ගෙවල් වූ ගෙලිඔය ප්‍රදේශයටම විවිධ ප්‍රදේශ ඔස්සේ කරක් ගසා අප සේන්දු වූයේ එලෙසය.
කුඩා කල සිටම කඳු දෙස බලා සිටීම මගේ විනෝදාංශය වූවාය . එකල අද මෙන් රුපවාහිනී මාධ්‍ය අවකාශ සීමා වූ අප කුඩා කල නිරන්තරයෙන් පොත් කියවීමට හුරුවෙන්න ඕනෑ තරම් ඉඩ කඩ තිබුණාය. අද වන විට පටවැල් පොජ්ජ ටම සම්බන්ධව නානා දේ නැරඹීමට ඇහැකි රූප පෙට්ටිය සම්බන්ධ නොවුණු එදා අපේ බාළ කාලය කතා දමන පෙට්ටියට එහා කාන්සියට යම් පිටිවහලක් වුයේ නම් ඒ පොතක් පතක් පමණි. එලෙස කියවූ ලෝනා ඩූනයේ ආදී වූ කථාවන් හී විස්තර වුන පරිසරය මේ කඳු භූමි වල සැඟවී තිබෙන බව මනසින් වින්දේ ලැබුණු පලවෙනි අවස්ථාවේ වන ගත වීමේ ආශාවන් යටි හිතේ සිර කර ගනිමිනි. කෙසේ හෝ වයස 14 වනවිට දඩබ්බරව නිවසින් පිටට යාමට අවස්ථා උදා කරගත් මම හිතේ හැටියට මහවැලි ගඟ තරණය කරමින් හන්තාන කඳු වැටි සිසාරා ඇවිද රට පුරා ඇවිද යාමට සහයකයන් බඳවා ගැනීමේ නිරත වූවාය . කර උස මහත් වී පැමිණීම පියාගෙන් ලැබුණු තැලුම් වලින් මිදීමට ආශීර්වාදයක් වුවා සේය .
මට වයස 22ක් වන විට මගේ කෙසඟ ශරීරයට ආම්බාම් කිරීමට නොහැකි තරම් වූ යමහා එන්ඩුයරන්ස් 175cc හුටු හුටු දඬුකැච්චක් මිලදී ගැනීමට මට වාසනාව උදා වී තිබිනි. රක්ෂණාවරණ , බලපත්‍ර හෝ රියදුරු බලපත්‍රයක් හෝ අදහසක් නැතිව ලීටරයකට කිලෝමීටර 12ක් පමණ යා හැකි බව පමණක් දැන සිටි මා උඩු තැන මන්චවන දඬු මොනරයේ නැගී රාවනාවන් සේ මුළු මහනුවර පුරා ඉගිලුනාය.
දුම්බර නැවත මගේ මතකයට එන්නේ ඒ යුගයේය. බට කැළෑ පීරමින් කැළෑ පාරවල් ඔස්සේ අපි ඇති තරම් අතරමං වී යාන්තම් පල්ලම් ඔස්සේ පාරවල් සොයා ආවා හොඳවැය්න් මතකය. එලෙස ගිය සෑම ගමනක්ම මතක සෙන්සරයේ හැර කිසිම තැනක සටහනක් නැත.
දැන් අපි අතීතයෙන් එන්නේ ඩිජිටල් තාක්ෂනය ඔස්සේ සමාජ ජාල පුනරුද යුගයටය. මුහුණු පොත හරහා මට මා වැනිම කැළෑ සංචාර උන්මාද පිරිසක් සම්බන්ධ වන්නේ ඒ වන විට මා තුල වූ චායාරුප උනන්දුවත් සමගය. ඈත කැලෑබද පෙදෙස් කඳු මුදුන් ඔස්සේ චායාරුප පල කරමින් සිටි මට Dinesh Deckker හමුවන්නේ ඔහුද මා වැනිම සංචාර සදහා තිබු උනන්දුව අප දෙදෙනා අන්‍යෝන්‍යව සම්බන්ද කරමිනි.
අප හදුනා ගැනීමට කාලයක් ගෙවී ගොසිනි. කතා බහ විවිද චාරිකා මාතෘකා ඔස්සේ ගලා යය් . අළුත් ප්‍රදේශ සොයා යාමට අප මහත් පිපාසයකින් සිටි කාල පරිච්චේදයක් වූ බව නොකියාම බැරිය. ඒ ඔස්සේ අප කතා බහ පැමිණ ඇත්තේ කිසිදා නොදැකපු මිනිස් ඇසින් සැඟවී ඇති දිය ඇල්ලක් සොයා යාමටය.
ඒ අද වන විට ගවේශනාත්මක තාරුණ්‍යයේ සිහින ඉස්සව්වක් බඳු වූ "දුම්බර #දුහුවිලි ඇලි" සොයා යාමටය.
අලුත් ඉසව්වක් සොයා ගෙන යනවා කියන එක ආවට ගියාට කරන දෙයක් නෙවේ. සැමවිටම සුදානම කියන දේ අත්වශ්‍යම කාරනාවක්. යන ප්‍රදේශය පිලිබන්ධ සිතියමක අධ්‍යනයක් කාලගුණය පරිසරය ආදී දේ පිලිබන්ධ හොද හැදෑරීමක් සුදානමක් ඇතිව යනවා නම් ගමන වඩාත් සුභ දායක එකක් වීමේ සම්භාවිතාව වැඩිය. එලෙසෙ සුදානම් ව ගිය සංචාර වලදී පවා නොසිතූ අත්දැකීම් ලැබුවාම නොවේ. නමුත් සුදානම කොය්කටත් හොඳ බව අත්දැකීමෙන් දැන සිටි මමද ඒ සදහා පෙර සුදානම ඇතිව දුහුවිලි ඇල්ල සොයා යන ගමනට භුමියේ නැග්ම ආදී දේ පිලිබන්ධ කල්පනාවකින් ගමන් මල්ල සුදානමකින් පිටත් වූයේ කොළඹ නුවර සීඝ්‍රගාමි බස් නැවතුම් පොලේදී දිනේෂ් සහ පිරිස හමුවන බලාපොරොත්තුවෙනි. සාමාන්‍යයෙන් රජිතා ද ගමන සදහා ආසාවකින් පසුවුනද ගමනේ දුෂ්කර තාවය ගැන සලකා ඇයට නැවතීමට සිදුවුනි. කෙසේ හෝ කතා කරගත් විලස මා නගරයට එන විට අතරමග වාහනය නවතා දැමීමට ස්ථාන සොයමින් පමා වීම මත දිනේෂ් ඇතුළු පිරිස නුවර බලා පිටත්ව ගියේ මා දැනුවත් කර නුවරදී අවශ්‍ය අඩුම කුඩුම මිලදී ගැනීමට කාලය ඉතුරු කරගනු වස්ය . මා කොළඹින් බසයක නැග ඔවුනට පසුව තනිවම පිටත් වූවද මා ගිය බසය ඔවුනට සමගාමීව නුවරද සේන්දු වූ අතර දහවල් අහාරය මාගේ යෝජනාවක් මත ඩෙවොන් හෝටලයෙන් ලබා ගත්තෙමු .ඉන්පසු අඩුම කුඩුම ඒ අසලම කාගිල්ස් වෙතින් ලබා ගත් අප ඒ වනවිටත් සුදානම් කරගත් වාහනයකින් කරා පිටත් වූයෙමු. පොල්ගොල්ල හරහා මඩවල පසු කරමින් වත්තේගම හරහා අප අතරමග නැවතුම වූ හුළු ගඟ ඇල්ල කරා ලඟා වූයේ අවශ්‍ය වීඩියෝ දර්ශන පසුතලය සදහාය . කඩිනමින් ඉවර කරගත් එම කටයුත්තෙන් පසු රාත්‍රී නවාතැන් පොළ වූ බඹරැල්ල උපාලි අය්යාගේ නිවස කරා ලඟා වූවෙමු. බදු බාහිරාදිය තැන්පත් කල අප සීතල වතුරෙන් නා ගත්තේ ගමන් මහන්සිය නිවාගනු පිණිසය.
අප යනුවෙන් මෙහිදී හදුන්වන කණ්ඩායම හදුන්වාදීම වැදගත්ය. ඇත්තෙන්ම අප එකිනෙකා හදුනාගනිමින් ඇත. දිනේෂ් හා නිර්මාල් නඩේගුරා ජේෂ්ඨයන් වූ අතර මුල්වරට අප හා එකතුවෙන අළුත් සාමාජිකයන් දෙදෙනෙක්ද අප අතර වුවාය. ඒ අනුපම හා මිලිඳු ය. මේ ගමන සදහා එකතුවූ මා ඇතුළු සාමාජිකයන් පස් දෙනාගෙන් අද වන විට ජිවතුන් අතර ඇත්තේ සතර දෙනෙක් පමණි. ඒ මෙවෙනිම අවදානම් සංචාරයක් අතර තුර ලකේ ගල ගල මුදුනේ සිට පහතට වැටීමෙන් ජිවතුන් අතරින් සමුගත් අප අතරට තම දිවියේ මුල්ම සචාරක අත්දැකීම සදහා එකතුවූ අප අතර වූ ලාබාලම සාමාජිකයා වූ මිලිදු මල්ලී ය. ඔහුට මේ සංචාරයෙන් පසුව අනාගතයේ ඔහු නැවත මා හමුවට එන්නේ අප සමග කල අවාරේ සිරිපාදයේ කරුණාව සමගය. මට ඔහු මතක ඉතාමත් හොඳ දරුවෙක් ලෙසිනි. ඔහුගේ කුළුදුල් සංචාරයත් සමග අප හා එක්වූ ඔහු වසර කිහිපයක චාරිකා මතක මැද ඔහු අපගේ මතකයේ පමණක් ජිවත් වී මෙලොවින් අවාසනාවන්ත ලෙස සමුගැනීම මා ඉමහත් කම්පනයට පත් කල සිදුවීමක් විය.
කෙසේ හෝ අප විවද උසුළු විසුළු කරමින් ඉක්මනින් කුළුපග වී ඇත. දැන් අප කතිකා කරගත් ආකාරයට සාරි ඇල්ල කරා යා යුතුය. සවස් වැටී අඳුර ගලා ඒමට තවත් ඇත්තේ සුළු වේලාවකි. අප උපාලි අය්යාගේ නිවසින් ලද කහට කෝප්පය රස බලා සුදානම සාරි ඇල්ල නැරඹීමටය. ඒ වන විටත් අපව රැගෙන ආ වාහනය පිටත්ව ඇති නිසා ත්‍රී විලරයක් සපයා ගනිමින් අප පස් දෙනාම ඒ තුලට ගුලි වීමු. සවස පහ පසුවී අප යන්තම් සාරි ඇල්ලට ලගා වී මද අදුරද නොසලකා සාරි ඇල්ල අලලාද වීඩියෝ ගතිමු. ඒ වනවිටත් දුම්බරට ආවේනික අඳුර මුසු සීතල මැද චායාරුප ගැනීම් ආදී අහවර කල අප නැවත අප නවාතැන් පොලට ලගා වුනෙමු. අධිකව වෙහෙසව උන් අප හට සෞම්‍ය සීතලට උරුම බෙහෙත් හේත් සුදානමින් ඒ වන විටත් අප වෙනුවෙන් බලා හුන් උපාලි අය්යාද සමග අප විවිද සංචාර අත්දැකීම් බෙදා හදා ගනිමින් පසුදා ගමනද අමතක කරමින් වෙලාව පාන්දර 3 පසුවන තුරුත් ගෙවා ඇත. යාන්තම් නිදා ගත් බවක් මතකයට නංවමින් අප 6 පමණ විට අවදිව ගමනට සුදානම්ය. පෙරදා කතා කරගත් පරිදි දමිළ ජාතිකයකු අප හා යාමට කතිකා කරගෙන ඇති බැවින් වහ වහා ඇඳ පැළඳ අප ලෙබනන් වතුයාය දළු වාඩිය කරා පියමැන්නේ ඔහු අප වෙනුවෙන් බලා සිටින නිසාය. පැය බාගයක් පමණ පා ගමනකින් අප දැන් දළු වාඩිය අසලට පැමිණ අවට උදෑසන සිරි නරඹමින් අප එනතෙක් බලා සිටිනවායය් විස්වාස කල පුද්ගලයා සොයා බලමින් ය. කිසිවෙකු එහි නොමැත. තවත් බලා සිටින්නට නොහැකි අප ඔහුට දුරකථන ඇමතුම් ලබා ගනිමින් හොරා භාගයක් පමණ ගෙවා දැමුවෝය. ඔහු මුදල් මත පොරොන්දුව අපට එන බව කතිකා කරගත්තද ගමනේ දුෂ්කරත්වය මත පසුව අප මග හැරියා විය හැකි බව අප නිගමනය කලේ මුළු ගමනම අහවර වූ පසුවය. දුහුවිලි ඇල්ල සදහා නිශ්චිත මගක් නොමැති වූවද මීට පෙර ව්‍යවර්ථ වූ නඩේ ගුරා දුහුවිලි ඇලි සොයා KMP වාඩිය කරා ගමන් ගත් චන්ද්‍රිකා මග සටහන් අප සතුව ඇත.එතැන් සිට අපට ඇත්තේ ගුගල් මැප් හරහා අනුමානයකින් වටහා ගත් ප්‍රදේශයක් පමණි. වියදමක් හා කාලයක් දරමින් අප දැන් බොහෝ දුරක් පැමිණ ඇත. කුමක් කරමුද ? ඉරද කෙමෙන් මුදුන්වී වෙලාව 8 පමණ පසුවී ඇත. අවසාන එකඟතාවය මත ගමන් මග පිලිබන්ධ නිශ්චිත අවබෝදයක් නොමැතිව දුහුවිලි ඇලි මෙහෙයුම සදහා පිටත්ව යාමට ඒකමතික තීරණයකට සැවොම පැමිණ ඇත. ඉර රැස් විහිදුවමින් රත්නගිර කදු මුදුනට පතිත වෙමින් ඇත. බඩු බාහිරාදිය කර මතට ගත්තෝ අප එක පයින් තරණයට සුදානමිනි. දළු වාඩිය ඉදිරියට වක ගැසුණු වතුපාර මගහරිමින් තේ වතු කාණු ඔස්සේ සියල්ලෝම පියවරෙන් පියවර ඉහල බලා තරණය කරමින් ය. එක හුස්මට තේ වත්ත ඉහලටම පැමිණ හුන් නිර්මාල් හා අනිකුත් අය කැමරා ආදී ආම්පන්න අත දරමින් දිනේෂ් හා මා එන තෙක් නැවතී ඇත්තේ මාන වලින් පිරුණු රත්නගිර කන්දේ මද්‍යස්ථ මාය්ම අසලය. කියා නිම කරන්නට බැරි මහන්සිය පෙරදා නිදි වර්ජිතව උපාලි අය්යා සමග ගී කියමින් ගත කල රාත්‍රියේ ප්‍රතිඵලය. ඒ ගැන අපටම දොස් කියනවා හැරෙන්නට අපට වෙනත් විකල්පයක් නොමැත. මගට ගෙන ආ විස්කෝතු කිහිපයක් හා කිරි බීම පැකට්ටු විවුර්ථ කරමින් මද අසවැසිල්ලක් ලබා ගත් අප රත්නගිර කන්දේ ඉහල නැග්ම මාන පීරමින් තරණයට සුදානම් වීමු. මෙවෙනි කඳු තරනයකට අවශ්‍ය බුට් වර්ගයකින් හා කූඬලු පා පළඳනාවෙන් සැරසී පැමිණි මම ඉදිරියට වන්නට පියවර මැන්නේ ඒ මග දෙපස කුණකටු ආදී වූ සර්පයන් සිටිය හැකි බව පරිසර අධ්‍යනය තුල තිබුණු දැනුමට අනුචිතවය . කොතරම් අපහසු නැග්ම තුල වුවද උනන්දුව දෙගුණ තෙගුණ කරමින් අප ඉදිරියේ ඉහල එසවෙන පියවරෙන් පියවර දිස්වෙන ආනන්දනීය චමත්කාරය ලියන්නට වචන නොමැත. ඈත ක්ෂිතිජය දක්වා විහිදුනු එකම එක නීල කඳුවළලු යාය දෙව් ලොව සිරියක් මවා පාමින් කුල්මත් හැගීමෙන් මහන්සිය අමතක කරමින් අප දිරිමත් කරමින් පැය දෙකකට වඩා වෙහෙසකර අත්දැකීමක් වූ රත්නගිර කන්ද ඉහල මාලයට අපව ඔසවා තබා ඇත. කහ පාටට හිරු එලිය බබළන රත්නගිරි කඳු මුදුන නවාතැනක් කර ගන්නට ලෝභ සිතෙන දර්ශනයකි. දැන් අප වන වැස්ම කරා ලඟා වී ඇත. අධික විඩා බර නැග්මට මද අවසරයක් ලබා දුන් අප ඊළඟ පියවර කරා යාමට සුදානමිනි. කැලයක් තුලට ඇතුළු වීමේදී කරනා පැරණි සාම්ප්‍රදායක හින්දු චාරිත්‍ය ක්‍රම වේදයන්ට ගරු කරමින් අය්යානයක් දෙවියන් සදහා කොළ අත්තක් එල්ලූ අප කද මළු කරේ දරා ගනිමින් මේ උත්සාහය කැලය තරණය කිරීමටය. නිර්මාල් සතු GPS ආධාරකයට අනුව අප නකල්ස් වනාන්තර පද්ධතියේ පරිසර කලාපයක් පසු කරමින් තවත් පැය දෙකකට ආසන්න කාලයක් ඉහල බලා ගමනේ යමින් ලඟා වූයේ මනරම් වලාකුළු වනාන්තර පද්ධතියක් කරාය . හෝටන් තැන්නේ පරිසර පද්ධතියට සමාන කැළෑ පියස ඔස්සේ ගමන අපගේ විඩාව නිවන සුළු අත්දැකීමක් වුවාය. ශ්රී ලංකාවේ පවතින විවිධ දේශගුණික තත්ත්ව බොහොමයක් එකම පරිසර පද්ධතියක දී අත් විඳින්නට හැකි නම් ඒ නකල්ස් වනාතර භුමිය බව ඔබව දැනුවත් කල යුතුය. හුදෙක් සංචාරයකින් එහා ගිය පරිසර අධ්‍යනයක් නකල්ස් කරමින් මෙවන් සංචාරයන් හී නියැලෙනවා නම් මෙවන් පරිසර පද්ධතීන් පිලිබන්ධ වටිනාකම් බොහෝ ලියවෙනවා ඇත. ඒ තුලින් සමාජයට පණිවිඩයක් ලබා දෙමින් කරන දැනුවත් කිරීම් මෙවන් උරුමයන් මතු පරපුරට දායාද කරන්නට ඉන් මහත් පිටි වහලක් සපයනවා නියතය.
අවසානයේ ගල් තලාවක් කරා ලඟා වූ අප සැහැල්ලුවක් සදහා අවසර ලබා ගත්තෙමු. ලද කෙටි විවේකයේ පාවහන් ගලවාබැලූ විට එහි කුඩලුන් පිරී සිටියා හොඳට මතකය. කෙසේ හෝ සියලු පිරිසිදු කිරීම් හා අහාර සප්පායම් සදහා ලද කාලය තුල පාන් සහ චීස් සමග තවත් විවිධ සැහැල්ලු ආහාරයක් ලබා ගත් අප නතරව සිටි ස්ථානය අගලේ සිතියම් හා GPS තාක්ෂනය ඔස්සේ සෙල්ල කන්ද හෝ රිලා ගල කඳු මුදුන ලෙස අනුමාන කර ලකුණු කර ගත්තා මතකය. කෙසේ හෝ කාලය ඉක්මයමින් පැවතීම නිසා අප ඉදිරියෙන් ඇති පළමු බැස්ම සදහා අප යාමට සුදානමින් සියළු ඇගළුම් වලින් සන්නද්ධව සෙබල මුල නැවත ඉදිරි ගමනේය. අප දැන් ගමන් ගනිමින් ඇත්තේ බැවුමක් හරහාය. එක් අයෙකුට පමණක් එකවර යා හැකි මේ බැවුම් මාර්ගය දිගේ අප සැහෙන දුරක් පහලට පැමිණ ඇත. මග දෙපස කූඩල් හමුදා බල ඇණි රාශියක් අප වෙත ප්‍රහාර සදහා සුදානමින් එන වාරයේ අතරතුර කඩ ඉම් නොමැතිව එක දිගට තව දුරටත් පහලට ආවේ මංසන්දියක් හා තැනකින් අප නතර වන තුරාය . GPS ආධාරකය කෙසේ වුවද අපට මග වැරදි බොහෝ දුරක් වෙනත් මාර්ගයක් ඔස්සේ අප ගොස්ය. නැවත ආ මග පසෙකින් තබා GPS දිසාවට කඳු තරණය කරමින් අප මහා වටයක් ගොස් ඇත. කාලය සහ මහන්සිය පමණක් කා දමමින් නැවත අප සිටි පළමු තැනය . අවසානයේ ඒ අසල දිය කඩිත්තකින් සීතල ජලය පානය කර විඩා නිවාගත් අප යාන්තම් හරි දිසාව සොයා ගෙන එනසාල් ගස් ගොමු සලකුණු ඔස්සේ පහල බලා ගමන් කරාද විඩාව අධිකව විසිවෙමින් ආවාද යන්න හරි හමන් මතකයක් නොමැත. කෙසේ හෝ අඹ ගහ වාඩිය සොයා යෑම අදිටනය වුවාය. අවසානයේ අපට පෙර හමුදාව යොදා කඩා බිඳ දමා තිබු අඹ ගහ වාඩිය වෙනුවට KMP වාඩිය අප සොයා ගන්නා විටද සවස 4ට පමණ ලඟා වී තිබුණි. අප පසුව එය KMP වාඩිය ලෙස හඳුනා ගත්තද මුලින්ම සිතා සිටියේ එය මාමාගේ අඹ ගහ වැඩිය ලෙසය. කෙසේ හෝ පාලුවට ගොස් මිනිස් පුළුටක් කාලෙකින් ඇස නොගැසි අබලන්ව මකුළු දැල් බැඳුණු KMP වාඩිය පැයක පමණ අපමණ වෙහෙසකින් අපට රාත්‍රිය ගත කිරීමට තරම් සුදුසු තත්වයකට පත් කර ගන්නට අප සමත් වූවෙමු.
KMP වාඩිය යනු කළුපහන කන්ද ආශ්‍රිතව 1964 එවකට අග්‍රාමාත්‍ය වූ ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් නකල්ස් රක්ෂිතයේ මධ්‍යයේ එනසාල් වගාව සදහා අවසර දීමෙන් පසු එනසාල් වෙලා ගබඩා කර ගැනීම සදහා තාවකාලික කුඩාරම් සංකීර්ණයකි. එනසාල් වගාව සුදු ජාතිකයන් තේ වතු වගාවට සමගාමිව ව්‍යාප්ත කල වගාවක් වූ අතර පසුව පරිසර හානිය පසෙකලා ආර්ථික ලාභ පිණිස සරුවට ව්‍යාප්තව ගිය වගාවක් වුවාය. එහි ප්‍රතිඵලය තාවකාලික වුවද යම් ශක්තිමත් ස්වභාවයකින් මේ වාඩි පිළියෙළ කර තිබුණි. දැන් අප පැමිණ ඇති KMP මුල් අය්ති කරු වන්නේ කෝනාර මුදියන්සේලාගේ පියදාස මුදලාලි මහතාය. ඔහුගේ නම අනුව යමින් මේ වාඩියට එම නම යොදාගෙන තිබුණි.ඇතුලත වරිච්චි බිත්ති මත ආවරණය සේ ලී අමු ද්‍රවයක් සේ යොදා ගෙන තිබුණු අතර ටකරන් වහල හා බිම සිමෙන්ති යොදා සකස් කර ගෙන තිබුණි. පසු කාලීනව පරිසරවේදීන් වාර්තා ඉදිරිපත් කරමින් නකල්ස් අධි රක්ෂිතයේ ජාල පෝෂකයන්ට එනසාල් වගාවෙන් වන හානිය වාර්තා කිරීමෙන් පසු නැවත එනසාල් වගාව කිරීම නවතා දමා උසාවි නියෝග මත මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ හමුදාව යොදා වාඩි කඩා දමා තිබිණි. එය අප දන ගත්තේද ඒ වන විටත් අධීක්ෂණය සදහා එන නිලධාරීන්ට අවශ්‍ය වුවහොත් නවාතැනක් ලෙස ඉතිරි තිබූ kmp වාඩියේ අප නවාතැන් ගත් නිවෙස් භුමියේ බිත්ති මත අඟුරු අධාරයෙන් හමුදාව ලියා තබා ගොස් තිබු සටහන් ආශ්‍රිතවය. ඒවා බොහොමයක් හී තිබුනේ ඔවුන් හමුදා ඛණ්ඩ ලෙස පැමිණ කැලයේ අතරමං වී සිට සෙවනට ලැබුණු නිවහන යනාදී කෘතගුණ ශීලී වාක්‍යය. සමහරවිට එකදු නිවහනක් හෝ ඉතිරි කර ගියේ ඔවුන් මෙන්ම නැවත අධීක්ෂණයක් සදහා එන අණුකාණ්ඩයක සෙවනක් පිණිස වුවාට සැක නොමැත. ඒ අවට වූ සියලු නිවස්නයන් කඩා බිද දාමය . ඒවා තුලට ඇතුළු වීමට නොහැකි ලෙස කඩා බිද දමා තිබුණු එනසාල් වේලීමට යොදා ගත් තට්ටු හා වෙනත් බඩු බාහිරාදිය අපිළිවෙලට දමා ගොස්ය. ඒ සියළු නිවස්නයන් තුලටම කැලෑව නැවත ආක්‍රමණය වී තිබුණි. එනසාල් වැවීම නකල්ස් කඳු පන්තිය දරුණු ලෙස අවප්රමාණය වීමට බලපා ඇති හේතුවෙන් මේ වගාව තව දුරටත් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා එවක රජය ගත් යම් සාධනීය පියවරක් බව මතක් කල යුතුය. කෙසේ වෙතත් නැවත මේ වගා භුමිය පවත්වා ගෙන යාම සදහා යම් සුවිශේෂී අවසරයකින් තොරව දේශපාලන ආරක්ෂාව යටතේ නැවත එය පෙර පරිදිම සිදුවන බව වාර්තා වෙමින් ඇත.මෙමඟින් කුඩා ශාක විනාශ වීමටත් යටි රෝපණය විනාශ වීමටත් හේතු වේ. එසේම අඩි 3500 ට වඩා උස කඳු මුදුනේ හෙක්ටයාර 2721 ක් පමණ ආවරණය වන වන රක්ෂිතයේ පවා එනසාල් වගා ව සිදු කිරීම තුල ජල මුලශ්‍රයන්ට මෙන්ම රක්ෂිතයෙන් 21% ක් විනාශ වීමට හා 11% ක් යටි වියන විනාශ වීමට හේතු වන බව ලියා තැබීමටද අපි මෙය ලියන 2019 වසරේ මේ මොහොත කර ගන්නෙමු. නකල්ස් ගැන කියනවානම් ලංකාවේ ප්‍රථම රක්ෂිත වනාන්තරය වන්නේද අප දැන් පැමිණ සිටින #Knuckles වනාන්තර භුමි ප්‍රදේශය ආශ්‍රිතව අක්කර 52,500ක් පුරා පැතිර ඇති භුමියය්. දුම්බර වන ප්‍රදේශය මාතලේ සහ මහනුවර ලෙස පරිපාලන දිස්ත්‍රික්ක දෙකක් පුරා පැතිර යන ප්‍රදේශයකි.මධ්‍යම කදු කරයේ වෙනම කඳු දිවය්නක් වන් මෙය ඓතිහාසික මුලාශ්‍ර අනුව "ගිරි" නම් යක්ෂ ඝෝත්‍රිකයන් වාසය කල දිවයන ලෙස හදුන්වා තිබූ බවට සාක්ෂි සපයය්. පාරිසරික කරුණු මෙන්ම ඓතිහාසික තොරතුරු රාශියක් සඟවා ගත් මේ භුමිය ගැන බොහෝ විස්තර රාත්‍රිය පුරා අපට දැන් කතා කිරීමට ඉතිරිවී ඇත. මීට අමතරව අද වන විට නකල්ස් රක්ෂිතය දේශපාලන උවමනා මත බොහෝ තර්ජනයන්ට ලක් වී ඇත. එය බෙහෙවින්ම ඛේදජනක කාරනාවක් වන අතර නාලිකා හරහා අප මෙන්ම අනිකුත් බොහෝ පරිසර හිතකාමී මිනිසුන් මේ ගැන නගන හඬ දේශපාලන බිහිරි අලින් නෑසු කන් ඇතිව සිටීම අන්ගාත පරම්පරාවට කරන දරුණු අපරාධයකි.
අද වන විට ඉතාමත් සීග්‍රයෙන් සිදුවෙමින් පවතින මෙවෙනි පාරිසරික හානියන් ගැන එදා යම් ඉවක් ඔස්සේ දුටු අප එවැන් කාරනා ගැන පසුවට ඉඩ තබමින් දැන් අප සුදානම් වන්නේ අපගේ ඉදුම් හිටුම් සකස් කර ගැනීමටය.
ඝන අන්ධකාරය වෙලා ගෙන තිබූ සකස් කර ගත් නවාතැන් වාඩිය එකළු කිරීමට යුහුසුළු වුනු අපට මහත් ලාභයක් පිණිස අත් හැර දමා ගිය ලාම්පුවක් හා භූමිතෙල් ස්වල්පයක් හමුවී තිබුණි. ඒ වන විටත් තේ බිදක් හෝ පානය කිරීමට ආසාවකින් පසුවූ අප ලිප් ගල් තුනක් සොයා ගනිමින් ගිනි ඇවිලිමකට කෙතරම් උත්සහ කලද සීතලෙන් පෙගී ඇති බිමේ ඊට අවසරයක් නැත. සීතලට උචිත ඇඳුම්ද නොමැති අප හට තව දුරටත් වාඩියෙන් එළියේ සිටීමට අවසරයක් පරිසරයෙන් නොමැත. දැන් ලිප් ගල් තුනද රැගෙන තෙත් වූ දර මත භූමිතෙල් යොදමින් ගින්න අවුළු වන්නේ වාඩිය ඇතුලය . තේ පානයට ලොල් මා හට කෙසේ හෝ තේ බිමේ බලවත් ආශාව නිසා අත් නොහැරී උත්සහයෙන් අප වතුර නටවා ගන්නා විට සියල්ලෝම හැඬු කදුලිනි. දුමාරය මුළු වාඩියම වෙලා ගෙනය. මහත් වෑයමකින් තේ සදා ගෙන වාඩියේ ජනෙල් දොරවල් ඇර තැබූ අප තේ පානය කරන්නට වූයේ සීතලේ ගැහෙමින් එලි පහලියේය. අවසානයේ මණදොළ සපුරා ගත් අප නැවත වාඩිය තුලට පැමිණ එළඹෙන දිනය තුල අපට යාමට හා ඒමට ඇති දුර පිලිබඳ ඉතිරිවී ඇති එකම දිනය ගැන කතිකා කරමින් මහත් පැනයක් සමගය. ඇත්තෙන්ම අප ගමන සදහා නිවැරදි තක්සේරුවක් කර නොතිබුණි. අප පැමිණ ඇත්තේ දින දෙකක රාත්‍රී ගමනක් සදහාය . හෙට දින අප නැවත කොළඹ කරා යා යුතු වන්නේ එළඹෙන දින නැවත රාජකාරි සදහා වාර්තා කිරීම පිණිසය. ඊටත් අමතරව නිවෙස් කරාද අප දැනුම් දුන් ආකාරයට යම් සම්බන්ධතාවයක් ගොඩ නගා ගත යුතුය. පැමිණ ඇති සිමාවේ සිට කිලෝ මීටර විස්සකට එහාවත් මිනිස් වාසයක් හෝ දුරකථන සංඥා නැත. ඉතිරිව ඇති එකම දවස තුල තව බොහෝ දුර ගෙවා දුහුවිලි ඇලි සොයා ගොස් නැවත මෙම මාර්ගය ඔස්සේ එළඹෙන දිනය තුල කඳු පල්ලම් ශිකර ඔස්සේ කිලෝ මීටර 40 කට ආසන්න ගමනක් යෙදෙමින් කොළඹ කරා යන්නේද ඒ කෙලෙසද නැතහොත් ගමන අත් හරිනවාද ? තවම නිගමනයකට පැමිණ නැත. අධික වෙහෙස පෙර දින නිදි නොලද විඩාව ආදී බොහෝ කරනා මත අහාරය සදහා රැගෙන ආ පාන් සමග බෝතල් කල බැදුම් ද මළු වලින් පිටතට ගෙන රාත්‍රී භෝජනය සදහා අප සුදානම් වුයේ සියල්ල පසුව සලකා බලන අදහසිනි. අප රැගෙන ආ පාන් සිතල වී මළු වල හිරවී පොඩිවී තිබුනද අප ඒවා ගිල දැමුවේ කිසිදා පාන් දැක නැති මිනිසුන් විලසිනි. තවමත් මද උණුසුමේ තිබූ ජලය සමගින් නැවත තේ පානය කල අප මද අල්ලාප සල්ලාපයක යෙදුනේ අවසාන දුහුවිලි ඇලි සොයා යාම නවතා හෙට දින නැවත කොළඹ යන අදහසිනි. එය පොසොන් පොහොය වූ බැවින් ඉතාමත් සරුවට පායා තිබූ සඳ අවාරණය කරමින් සිතල මිහිදුම් රොටු විහිද තිබූ අකාසය අවට පරිසරයට ගෙනවිත් තිබුනේ පැතිරිනු මද එළියකි. මා කැමරාව ගෙන තනියම එලියට ගියේ ඒ පරිසරය මා කුල්මත් කරණ ස්වභාවයක්.
කෙසේ හෝ පැයක පමණ මහන්සිය යොදා නැවත සකස් කරගත් යාන්තම් ඉතුරුවී තිබුණු වාඩියේ බඩු බාහිරාදිය තැන්පත් කර ගත් අප ඇග පත දොවා ගැනීමට අසල පිහිටි දොළ වෙත ගියේ රෑ බෝවීමට පොරාතුව ඇඟ පත දොවා ගැනීමට හා අවශ්‍ය ජලය රැගෙන ඊමටය . සුළං කපොල්ලක් වූ එම පෙදෙසේ නිරන්තරයෙන් හමනා වූ තද සුලඟින් වැසීගිය එනසාල් ගස් එහා මෙහා කරමින් දොළ පාර සොයා ගිය අප වෙහෙසකර ගමනකින් පසුව සීතලම සීතල ජලයේ පහසින් නැවතත් නැවුම් ජීවයක් සමග උපතකට උරුමකම් ලැබුවෝය. අතිශෝක්ති වර්ණනාවකින් තොරව සැබැවින්ම එම ජල පහර අපව නැවත යථා තත්වයට පත් කළා කිවොත් නිවැරදිය. උස එකම ආකාරයේ කැනොපි වර්ගයේ ගස් වලින් පිරිණු කැලය සැබෙවින්ම අත්භූත ජනක පාළු ස්වභාවයක් ඉසිලුවාය. අඟ පසඟ සිදුරු කරන්නට සමත් සීතලද ඊට මැනවින් උදව් පදව් කරන එම පරිසරය සවස් කාලයට කෙලි ලොල් විනෝද සුවය ට වඩා නවාතැනක මුවාවට යන ලෙස අරාධනා කලේ වේගයෙන් මීදුම සමග වර්ධනය වන අඳුරද සමගය. අලි නිරන්තරයෙන් ගැවසෙන බිමක් වූ මේ පෙදෙස කොටි වලස් ආදී විලොපිකයන්ගේ තෝතැන්නකි. අප වහ වහා කටයුතු නිමා කරමින් නවාතැන වෙත ඇදුනෙමු.
[To be continued in next post]