වන්දනාවේ යාම

obama2

Member
Apr 18, 2012
424
30
0
වන්දනාවේ යාම

Posted on 27 July 2012.
Rating: 0.0/7 (0 votes cast)


ව්‍යුහවාදය සහ පශ්චාත් ව්‍යුහවාදය පිළිබඳ දීර්ඝ අධ්‍යනයකින් පසුව වසර 2001 දී අපට දේශපාලන ආර්ථිකය නම් විෂය මුණ ගැහුනේය. ලංකාවේ එකතැන පල්වෙන සමාජ-සබඳතා වල මූලය ඇත්තේ දේශපාලන දේශපාලන-ආර්ථිකය නම් ක්ෂෙත්‍රය තුළ බව වටහා ගැනීමේ දී එස්.බී ඩී ද සිල්වා මහතාගේ ‛‛ ඌණ-සංවර්ධනයේ දේශපාලන ආර්ථිකය’’ නම් කෘතිය හමුවිය. පළමුවෙන්ම අප එම කෘතිය කියවූ අතර දෙවනුව අප එය සිංහලට පරිවර්තනය කළෙමු. පොතෙහි අන්තර්ගතය ගැන දීර්ඝ ලෙස සංවිධානය තුළ සාකච්ඡා කළෙමු.

2001 අගෝස්තු මාසයේ දී සංවිධානයේ හිතවතෙක් අහම්බෙන් ඇමෙරිකාවේ සිට එවන ලද ජුවාන්-ඩේවිඩ් නාසියෝ නම් මනෝවිශ්ලේෂකයාගේ ‛හිස්ටීරියාව’ : මනෝවිශ්ලේෂණයේ හිත්කලු දරුවා
Hysteria: the splendid child of psychoanalysis – Juan-David Nasio නම් පොත නිසා ඒ දක්වා අප වර්ධනය කරමින් සිටි මුලු මහත් ‛‛ දේශපාලන චින්තනයම ’’ සුසමාදර්ශී විතැන් වීමකට ලක් විය. (paradigm shift) මෙම ඛණ්ඩනය ඉන් පසු අපගේ සංවිධානය ප්‍රායොගික වශයෙන් ද දෙකඩ කළේය. අසූව දශකය අගභාගයේ සිට ආත්ම මූලිකත්වය ඉවත් කර සමාජ-ව්‍යුහය ගැන පමණක් ගවේෂණය කළ රොහාන් අනුදත් සමාජ-විද්‍යාවට විකල්පයක් ලෙස එස්.බී.ඩී ගේ පොත අපට හදාරන්නට ලැබුනේ 2001 වසර මුල භාගයේදීය.එහිදී අප රොහානියානු ක්ෂද්‍ර-සමාජවිද්‍යාව එස්.බී.ඩී ගේ දේශපාලන-ආර්ථික විද්‍යාව ( මහේක්ෂ සමාජ විද්‍යව ) හරහා අර්ථකතනය කරන්නට උගත්තේය. නමුත් ඒ වසරේම අගෝස්තු මාසයේ ලැබුණු නාසියෝගේ පොත හරහා යළි අප යොමු වූයේ ඉතාමත්ම රැඩිකල් ගැටළුවක් කෙරෙහිය. එය මෙසේය.

රොහාන් සහ එස්.බී.ඩී යනු ඉතාම දුරස්ථ විෂයන් දෙකක් (ස්ත්‍රී සාරය සහ දේශපාලන-ආර්ථිකය) කතා කරන්නන් වුවත් ඔවුන් දෙදෙනාම මඟ හරින ගැටළුව වන්නේ මිනිසාගේ ආත්ම-මූලික ක්ෂෙත්‍රයයි. උදාහරණයක් ලෙස ස්ත්‍රියගේ සාරය කුමක් ද කියා වාස්තවිකව සොයා යන රොහාන් නොඅසන්නේ මේ සාරය සොයා යන ‛ආත්මය’ කවුද කියාය. එස්.බී.ඩී ද සිල්වා නොඅසන්නේ ලංකාවේ ‛වානිජ ප්‍රාග්ධනය’ අධිපති නම්, එය පටු නම්, එය විපරීත හෝ වේදනාකාරී නම් මේ ව්‍යුහය පවත්වාගෙන යන්නේ කවුද යන්නය.

අපගේ සංවිධානයෙන් වසර 2004 දී ඉවත් වූ පණ්ඩිතයන් බොහෝ දෙනෙකු අප තුළ ඉහත සිදු වූ ඉහත දෙවන ඛණ්ඩනය ගැන නොදන්නා අයයි.සමහරුන් සිතන පරිදි අප සහ හැලපයා,අමාරිස් වැනි චරිත සමග අපට ඇත්තේ පොඩි ළමයින්ගේ රණ්ඩු නොවේ. එසේ සිතීමට කැමති අය වනාහී ව්‍යාජ පණ්ඩිතයන්ය. තමන් දන්නේ නැති දේවල් ගැන නිහඩ වන්න යැයි කරන ආරාධනාව හැර ඒ ගැන අපට කීමට දෙයක් නැත.


දැන් මේ අව් අස්සේ අමාරිස් හරහා ජන අරගල කණ්ඩායමේ ඕපාත මහත්තයා ඇතුළු පිරිසක් එස්.බී.ඩී ද සිල්වා හමු වී ආර්ථිකය ගැන උගැනීමට අවශ්‍ය යැයි දන්වා ඇත. ඉවරයක් නොවන චක්‍රයක අපගේ දේශපාලන සතුරන් හිර වීම ගැන අපට ඇත්තේ හිරිගඩු පිපෙන හීතලකි. ඔවුන් ඉගෙන ගන්නට යන විෂයේ සීමාව ඊට අවුරුදු 10කට පෙර අප උගත්තෙමු. වසර 2004 දී එම උගත්කම උදෙසා අපි විශාල වන්දියක් ද ගෙව්වෙමු. මනෝවිශ්ලේෂණය ගැන මෙලෝ අවබෝධයක් නැති මුත්, ඒ ගැන සමාජය ඉදිරියේ ගොබ්බ කතා කීමට මෝඩයන්ගෙන් වරම් ගත් ප්‍රභා මනුරත්නගේ භාෂාවෙන් අපි මෙම සටහන නිමා කරන්නෙමු.


‛‛ ඉතිහාසයේ වරක් සිදු වූ දෙයක් දෙවන වර සිදු වන විට බිහි වන්නේ හාස්‍යයකි.’’ මේ පාඨය මාක්ස්ගේ නොව ප්‍රභාගේය. මෙය ඇය පැනියාට යැවූ පෙම් හසුන් නම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි…





ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,
http://3mana.com/wp/wp-content/uploads/2012/07/6e2167f1898ed30ca656173e3791297a_XL.jpg