මේක ෂෙයා කරන්නෙ වන්නකු මෙතඩ් හරහා ඉදිරිපත් කළ සහ කරන මතවාද වල විවාදාපන්න සහ ගැටළු සහගත තැන් තිබෙන නිසා. Misleading general guidelines වලින් මේ ප්‍රශ්න කොහොමත් විසඳන්න බෑ. Diet එකක් කියන්නෙ එක එක්කෙනාගෙ ශරීර වලට පෞද්ගලික දෙයක්. ඒක තම තමන්ගෙ ශරීර වලට යෝග්‍ය වෙන්න ඕන.
16:8 ප්ලෑන් එකක් එක්ක තමන්ට සරිලන ඩයට් එකක්, ව්‍යායාම් ප්ලෑන් එකක් තුළින් පෞද්ගලිකව මා හොඳ ප්‍රතිලාභ ලබල අත්දැකීම් තියනව. 14:10, 16:8, OMAD වගේ ඒව තමයි වන්නකු යොදාගන්නෙත්, නමුත් එයා කියන ෆූඩ් සිලෙක්ෂන් එක ගැන රිසර්ච් ඉතා විරළ නිසා ඒක හුදු ඔපීනියන් එකක් වෙන්න පුළුවන්. අනිත් අතට අසීමාන්තික ලෙස මේදය ලබාගන්න එක අහිතකර බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
ආහාර වලට තිබිය යුතු ෆයිබ (තන්තු) සහ අනෙකුත් අවශ්‍යතා එපා කියන මට්ටමට ගියොත් වෙන්නෙ කානිවෝ ඩයට් එකකට යන එක. ඇට වර්ග, පොල් වගේ අවශේෂ ශාක කොටස් (ප්‍රෝටීන්) ඇරෙන්න. අපි මාංශ භක්ෂක සතෙක් නෙමෙයි කියන එකත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ (ශාක භක්ෂක සතෙකුත් නෙමෙයි, හයිබ්‍රිඩ් එකක්), කාලයක් තිස්සෙම අප මස් වලින් පමණක් නෙමෙයි යැපෙන්නෙ. ඒවට ශරීර හැඩගැහෙනව.
ඒ එක්කම කාබ්ස් කියන දේ 0ට දාන එක කරන්න අවශ්‍ය නෑ. ඔය යූටියුබ් එකේ ඉන්නව වික්ටෝරියා සීක්‍රට්ස් සහ අනෙකුත් ඒවට පෙනී ඉන්න හයි ප්‍රෝෆයිල් මොඩ්ල්ස්ල කාබ්ස් සහ සීනි සම්පූර්ණයෙන් ම 0 කරල අනිත් ඒව විතරයි ගන්නෙ, ඒවත් කොළ සහ ප්‍රෝටීන්, මේදය තරමක්. අන්තිමට කලන්තෙ සහ ශරීරය දුර්වල වීම ගැන වෛද්‍ය උපදෙස් ගන්නව (ඒ අය ම මේව බෙදාගන්නව තමන්ගෙ චැනල් හරහා ම). මේ එක ක්‍රමයකදි වත් අන්තගාමී වෙන්න අවශ්‍ය නෑ.
ඒ එක්කම cheat days තියෙන්න ඕන. සතුට එන එක විදියක් රුචි කෑම. තමන් කැමති එකකට අවස්ථාවක් හදාගන්නත් ඕන. නමුත් ඒක සීමා කරන විදිය තමන් හොඳින් ම වටහාගෙන තිබෙන්න ඕන.
රතු මස් පිළිකා අවදානම ඇති කරන්න පුළුවන් (2A Carcinogen) බවට හඳුනාගෙන කාලයක් වෙනව. එහෙම තියෙද්දි ඒක පටවන්න යන එක අවදානම වැඩි කරන්න හේතු වෙනව. මේ මස් වල මොන කාරණා නිසා ද, ප්‍රොසෙස් කරපු ඒව නිසා ද, ඒව එක්ක එළවළු හෝ ෆයිබ නොගත්ත නිසා ද කියල තවම නිශ්චිතව දන්නෙ නෑ. ඒව සොයාගන්න කාලයක් යනව. ඒ අතරතුර එන රිසර්ච් දේවවාක්‍ය වෙන්න වත් චෙරි පිකිං කරන්න ඕනවත් නෑ.
මේ උක්ත සටහනේ උපුටන https://newsroom.heart.org/.../8-hour-time-restricted... රිසර්ච් එකත් සර්වසම්පූර්ණ එකක් නෙමෙයි. මේක අමරිකාව තුළ පමණක් කරපු රිසර්ච් එකක්. Self-reported. මේ නිසා නිරවද්‍යතාව ගැන ප්‍රශ්න තියනව (ආහාර ගත්ත වින්ඩෝ එක හරියටම කීය ද, ගත්ත කෑම මොනව ද, ව්‍යායාම් කලා ද, මේ වගේ ඒව සම්බන්ධ අපහැදිළිතා. ඒ එක්කම මොන ශාරීරික සහ රෝගී තත්ත්වයන් ද කියන එක). 73%ක් හිස්පැනික් නොවන සුදු ජාතිකයන් මේකට සහභාහි වෙලා තියනව. අනිත් අය සුළු වශයෙන්. 50/50 කාන්තා සහ පිරිමි අය (සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්න බෑ පාළනය කරපු එහෙම කරගන්න පුළුවන් රිසර්ච් එකක දි ඇරෙන්න).
මේ රිසර්ච් එක අනුව පැය අටක කෑම ගන්න (ඉතිරි16 ෆාස්ටිං) අයගෙන් 91%ක් cardiovascular ප්‍රශ්න නිසා මරණයට පත් වීමේ අවදානම තියනව කියල කියනව. ඒ එක්කම පිළිකා සහ හෘද රෝග තියන අයට මරණ අවදානම වැඩියි කියල කියනව. මේ cardiovascular රෝග තියන අයට මරණ අවදානම 66%ක් කියල තියනව හෘද රෝග සහ ආඝාත වලින්. මරණ අවදානම් අඩු වුනේ නෑ කියලත් තියනව කිසිම කාරණයක් සම්බන්ධයෙන් (මේ මොක කලත් දවසක මැරෙණව තමා ඒක නෙමෙයි මෙතන කියල තියෙන්නෙ). පිළිකා තියන අයට පැය 16 හෝ දිගු ආහාර වින්ඩෝ එකක් පිළිකා තියන අයගෙ මරණ අවදානම අඩු කරන්න සමත් වෙලා තියනව කියලත් සඳහන් වෙනව. ඉතින් අවදානම දැනගෙන ඉන්න එක යෝග්‍ය යි.
නමුත් මේ රිසර්ච් එකෙන් පසුවත් නිශ්චිත සාධක සොයන්න තව රිසර්ච් කරන්න ඕන වෙනව. බොහෝවිට වෙන්නෙ correlation එකක් සොයාගන්න එක. ඉන් පසුව වඩා ගැඹුරු තෝරාගත් කොටස් වල සෙවීම් කරන්න ඕන.
ලංකාවෙ ඩයටිෂන්ස්ල ඉන්නව, ඕනම කෙනෙකුට ඒ අයගෙ උපදෙස් අනුව තමන්ගෙ ශරීරය සම්බන්ධ ඩයටිං සැළස්මක් සකස් කරගන්න පුළුවන්. ව්‍යායාම් වලටත් වෙනම සුදුසුකම් ලත් අය ඉන්නව. කායවර්ධන උපදෙස් දෙන අය නම් තාක්ෂණිකව තෝරාබේරා ගන්න ඕන. ඒක රොයිඩ්ස් එකතුව අනවශ්‍ය නිෂ්පාදන සැරිසරන අවස්ථා තියන නිසා. ඔය දෙක සහ ආහාර සැළස්ම තමන්ගෙ උස/බර/සෞඛ්‍ය තත්ත්වය/රෝග/ජීවන රටාව සහ ඉලක්ක අනුව සකස් කරගන්න. නොමිලෙ කරගන්න ගිහින් ප්‍රශ්න ඇතිකරගන්නවට වඩා ඒක යෝග්‍ය යි.
සෝස්

Attachments
-
437534432_8275747732441274_4666730788056123425_n.jpg77 KB · Views: 133 -
438059737_8275749702441077_376619425832087805_n.jpg40.3 KB · Views: 136 -
438079094_8275749952441052_898408035294961168_n.jpg47.3 KB · Views: 130 -
439082424_8275751885774192_697841080223106186_n.jpg160.5 KB · Views: 127 -
439082501_8275752325774148_6245793308977681514_n.jpg121.2 KB · Views: 123 -
439134107_8275751259107588_7118492706143893881_n.jpg161.8 KB · Views: 119 -
439143272_8275752082440839_7300419383262004038_n.jpg143.9 KB · Views: 124 -
439154513_8275750802440967_5965433710671189107_n.jpg179.5 KB · Views: 111 -
439178058_8275751455774235_8745274668127005646_n.jpg180.1 KB · Views: 116 -
439204941_8275751662440881_1441385750928644406_n.jpg108.7 KB · Views: 134