ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක) දඩයක් නියම කිරීමට LPL තරග කමිටුව තීරණය කර තිබෙනවා.
මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත් වර්ණවලින් සමන්විත වෙනම ඇඳුම්, උපකරණ ලබාදී තිබියදී වනිඳු හසරංග වෙනත් ලාංඡනයක් සහිත ‘හෙල්මට්’ එකක් පැලඳ ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණ තිබෙනවා.
එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත්, එම විනිසුරු තීරණයට අවනත නොවීම මෙම දඬුවමට හේතුවී තිබෙනවා.
එමෙන්ම තරග අවසානයේ පැවැත්වෙන තෑගි ප්‍රදානෝත්සවයට නිසි පරිදි සම්පූර්ණ ක්‍රීඩක ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු බවටද ක්‍රීඩකයින්ට නියෝග කොට තිබෙනවා.
ඒ වනිඳු හසරංග තරග අවසානයේ පැවති තෑගි ප්‍රදානෝත්සවයකට ‘සෙරෙප්පු දෙකක්’ දමාගෙන පැමිණීම තරඟ කමිටුවේ අවධානයට යොමු වීම හේතුවෙන්.