වඳපෙති සිදුවීම විමසුමක් සහ ලක්ෂ 10ක අභියෝග&#35

kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28
    වඳපෙති සිදුවීම විමසුමක් සහ ලක්ෂ 10ක අභියෝග&#35

    කොත්තු රොටි හරහා වඳ බෙහෙත් නොහොත් උපත් පාලන පෙති භාවිතා කරන්න හැකියාවක් තිබේද?

    අද දවසේ කතිකාව මේ සම්භන්ධව දැනුවත් කිරීමයි.
    ශ්‍රී ලංකාවෙ භාවිතා කරන උපත් පාලන ක්‍රම....

    1) OCP -: (Oral Contraceptive Pill ) එනම් මුඛයෙන් උපත් පාලන පෙති ගැනීමයි (උදා-: ,මිතුරි) . ඔසප් වු පලමු දිනසිට දිනපතා දවස් 21ක් භාවිතා කල යුතුයි. ප්‍රධානවම ඊස්ට්‍රජන් නමැති හෝමෝනය අඩංගු වේ.

    2) ඩිපෝ එන්නත් විදීම -: දරුවන් වැදීමෙ වයසේ සිටින කාන්තාවන්ට තෙමසකට වරක් මෙම එන්නත විදීමෙන් ගැබ් ගැනීම වැලක්විය හැක. ප්‍රධානවම ප්‍රොජෙස්ටරොන් නමැති හෝමෝනය අඩංගු වේ.

    3) ජඩෙල් -: කුඩා රබර් කැබැල්ලක් දරුවන් වදන වයසේ සිටින කාන්තාවන්ගේ වැලමිටට ඉහලින් සමයට තැන්පත් කරනු ලැබේ. වසර 3 සිට 5 දක්වා කාලයක් ගැබ් ගැනීම වැලැක්විය හැක. ප්‍රධනවම ලෙවනගැස්ට්‍රිල් නමැති හෝමෝනය අඩංගු වේ.

    4) IUCD හෙවත් ලූපය -: දරුවන් වදන වයසේ සිටින කාන්තාවන්ගෙ ගර්බාශයේ තැන්පත් කරනු ලැබේ.වසර 3 සිට 5 දක්වා කාලයක් ගැබ් ගැනීම වලක්වයි.

    5) ස්තීර උපත් පාලන ක්‍රම -: LRT කාන්තාවන්ට සිදු කරනු ලැබේ.මෙය කුඩා ශල්‍ය කර්මයකි. Vasectomy පිරිමින් සඳහා සිදු කෙරෙ. මෙයද කුඩා ශල්‍ය කර්මයකි.

    6) කොන්ඩම් -: පිරිමි කොන්ඩම් සහ ස්ත්‍රි කොන්ඩම් වශයෙන් වෙලඳ පොලෙ ලබගත හැක. සංසර්ගයෙදි කොන්ඩම් භාවිතා කරනු ලබයි.

    7) දින දර්ශන ක්‍රමය -: ඔසප් චක්‍රයේ නිසරු කාලයේදි සංසර්ගයේ යෙදීම. මෙය පැරණිම උපත් පාලන ක්‍රමයයි.

    කොත්තු රොටී මගින් උපත් පාලන පෙති හෝ ක්‍රම ප්‍රායෝගික නොවන්න හේතු...

    1) වෛද්‍ය විද්‍යාවේ ස්තීර උපත් පාලන පෙති තවමත් සොයාගන්න අපොහොසත් වී ඇත. එකම ස්තීර උපත් පාලන ක්‍රමය වන්නෙ ශල්‍ය කර්මයයි ( LRT සහ vasectomy)

    2) සියලු ප්‍රතිකාර පෙති වර්ග ගබඩා කරනුයේ සාමාන්‍ය කාමර උශ්නත්වයේය. එනම් 25 c°. කාමර උශ්නත්වය 30- 35c° වඩා වැඩි වනවිට බෙහෙත් පෙතිවල ජීව ගුනය විනාශ වේ. බෙහෙත් සාප්පු ( phamacy) වායු සමීකරනය කර තිබිය යුතුයි යැයි රජය බල කරන්නෙ මේ නිසයි. කොත්තු රොටී පිලියෙල කරන 100 c° වැනි අධික උශ්නත්වයකදී ඕනම බෙහෙතක ජීවගුනය විනාශ වේ.

    3. "වඳ බෙහෙත්" හො "වඳ පෙති" යන වචන භාවිතා කරමින් එහි සත්‍ය සංකල්පය සිංහල දන්නා පුද්ගලයෙක් පවා පිලිතුරු දීමට දෙවරක් සිතනු නොඅනුමානයි.

    4. අම්පාරේදි ඊයෙ දිනයෙදි ඇතිවූ තත්වයේදි... (PHI) මහජන් සෞඛ්‍ය පරීක්ශක තුමා විසින් මෙම ගැටලුව සරලව විසඳිය හැකිව තිබුනා.

    ඔබට එවන් සැකයක් ඇතිවූයේ නම් වහාම PHI ට දන්වන්න. ඔහු සිද්දිය වූ ස්තානයට වහා වාර්තා කොට අවශ්‍ය පරීක්ශන සිදු කරනු ඇත.

    අභියෝගය Video
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    28279475_788666491333058_3845511146179276089_n.jpg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් නිකමට අහන්නේ ඇයි බන් මුන් මේ සිංහලුන්ට පෙති පොවන්න කවන්න හදන්නේ.කලිනුත් අර කිරි විදුරු 5ක් බිවාම රුපියල් 1000 ගානේ දෙනවා කියලා ලොකු ප්‍රශ්නයක් උනා.කටුගස්තොට ඇන්තනිස් කොන්වට් එක ලග කේක් කඩේ කේක් එකේ තිබිලා බෙහෙත් පෙති හම්බ උනා.හෙම්මාතගම සිංහල කොත්තුවක් කියලා දාපු එකේ පෙති තිබිලා හම්බ උනා.කෑගල්ල රුවන්දෙනිය මුස්ලින් කඩේකින් ගත්ත ප්ලේන්ටියේ දිය උන නැති පෙති තිබිලා හම්බ උනා මොනවා වෙන්න ඇතිද මුන් දාන පෙත්ත.ඇයි බන් මුන් පෙති පොවන්න හදන්නේ සිංහලුන්ට.සම්මත වෛද්ය විද්‍යාවට වඩා වෙනස් විදිහක් වෙන්න බැරිද මොකද අද විද්‍යාව දියුණුයි.ඕනි නම් ගල්කිස්සේ බිග් බයිට් බුරියානි කඩේ ගාව තියෙන ස්ටාර් හෝටලේට ගිහින් කොත්තුවක් හරි රයිස් එකක් සිංහලෙන් ඉල්ලලා හොදි ඉල්ලන්නකෝ දෙමලෙන් ඉල්ලුවොත් ගෙනත් දෙන්නේ ඉස්ස‍ර කැබිනට් එකෙන් අරන් .සිංහලෙන් හොදි එකක් ඉල්ලුවොත් ගෙනත් දෙන්නේ ප්ලේන්ටි හදන තැනින් ඇතුලෙන්.


    :yes::yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Prove karala ලක්ෂ 10ක් ganin 0775950370

    නිකමට අහන්නේ අම්මා හවුස් වයිෆ් කෙනෙක් නේද.දවල්ට තොරොම්බල් කාරයන්ගෙන් බඩු ගත්තාම ඔහොම වෙන්වා
     

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    නිකමට අහන්නේ අම්මා හවුස් වයිෆ් කෙනෙක් නේද.දවල්ට තොරොම්බල් කාරයන්ගෙන් බඩු ගත්තාම ඔහොම වෙන්වා

    Ridanawa ne? Sorry ah!!!