දෙනියායෙ අපේ පැත්තෙ ඔය ප්‍රශ්නෙ මාර විදියට තිබ්බා, ගල් ගැහුවට කැටපෝල වලින් විද්දට ආයෙ එනවා. ටිකක් සරල විසඳුමකින් වැඩේ විසඳලා තියෙන්නෙ. ටිකක් විහිලු සහගත වැඩක් වගේ තිබ්බට පට්ට ඉෆෙක්ටිවු දැන් අපේ ගෙවල් පැත්තෙ ඇත්තෙම නැහැ
කරන්නෙ රිලවු ඉන්න වෙලාවට බය හිතෙන මූනක් තියන රතු වගේ පාට වගේ ටිකක් බ්‍රයිට් කලර් තියන වෙස්මූනක් දාගෙන කලු රෙද්දකින් ඇඟම වහගෙන උන් ඉන්න ගස් යටට ගිහින් උන්ගෙ දිහා බලං ඉන්න එක
මේක මාර විදියට ඉෆෙක්ටිවු, මුන් පට්ටම බයයි ඒකට
අපි මේව සේරම කරා
රතිඤ්ඤා වලට බය නැහැ, අහස් කූරු වලට ටික දවසයි පස්සෙ පඩේකට ගනන් ගන්නෙ නැහැ
ගස් වල කොටි වගේ සොෆ්ට් ටෝයිස් එල්ලුවා ඒවට පොඩ්ඩක් වත් බය නැහැ
උගුල් අටවලා (අර මීයො අල්ලන පෙට්ටියෙම ලොකු එකක් රීප්ප වලින් හදන්න පුලුවන්) අල්ලලා ගස් උඩ ඉන්න එවුන්ට පේන්නම ගහල මැරුවා, සතියක් විතර එන්නෙ නැහැ ආයෙ එනවා
කැටපෝල වැඩක් නැහැ, පොඩි වෙලාවකට ගස් අස් සෙ හැංගිලා ආපහු එනවා
වායු රයිපල් වැඩේ හරි යනවා, ඒ උනාට සමහර වෙලාවට සහ කාටත්ම කරන්න අමාරුයි නේ
අර electric fence සීන් එකේ තියෙන්නෙ hight voltage එකක් (230 ට වඩා වැඩියි), වාහනේක ignition coil එකකින් හදා ගන්න පුලුවන්. කමර්ශලි හදපුවත් තියනවා
ඒකෙ කම්බියට කරන්ට් එක එන්නෙ කඩින් කඩ, ඒක නිසා වැදුනට පස්සෙ ඇලිලම තියෙන්නෙ නැහැ. අත ඇරගෙන යන්න වෙලාව තියනවා