වඳුරෙක්-ඇමරිකානු-තානාපති-කාර්යාලයේ බලය අ

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වඳුරෙක්-ඇමරිකානු-තානාපති-කාර්යාලයේ බලය අ

වඳුරෙක් ඇමරිකානු තානාපති කාර්යාලයේ බලය අල්ලයි

පසුගිය දවසක ශී‍්‍ර ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට හදිසියේම අමුතු අමුත්තෙක් කඩාපැන්නේය. කිසිදු ආරාධනයකින් තොරව හදිසියේම තානාපති කාර්යාලයට ඇතුළු වූ මේ අමුත්තා හේතුවෙන් මුළු තානාපති කාරියාලයම කලබලයට පත්වන්නට ගතවූයේ විනාඩි පහකටත් වඩා අඩු කාලයකි.

මෙම අමුත්තා කාර්යාලයට ඇතුළු වූ වහාම ඉතාමත් ඉක්මණින් පහළ මාලයේ හැරෙන්නට අනෙක් මහල්වල සියලූම දොර ජනෙල් වසා දැමීමට පියවර ගත් අතර පහළ මාලයේ සිටි තානාපති කාර්යාලයේ නිලධාරීන්ද රාජකාරී කටයුතුවලට පැමිණ සිටි අමුත්තන්ද වහාම ඉවත් කිරීමට කටයුතු කෙරිණි. සියලූම සේවකයන්ට ආරක්‍ෂිතව ඉවත් වන ලෙසට ඊමේල් පණිවුඩ යැවුණු අතර මතුවී ඇති හදිසි තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා දැනුම්වත් කිරීමට කටයුතු කෙරිණි.

මේ ආකාරයට මුළු මහත් තානාපති කාර්යාලයම සලිත කරමින් ඊට ඇතුළු වූ අමුත්තා වූයේ වඳුරෙකි. මීට පෙර කිසිඳු අවස්ථාවක එවන් තත්ත්වයකට මුහුණ දී නොතිබූ නිසා තානාපති කාර්යාල නිළධාරීන් පත්වූයේ මහත් අසීරුතාවකටය. සියලූ දොරවල් විවෘත කොට වඳුරා පන්නා දැමීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වූයේ ආරක්‍ෂකයන්ගේ අණට මිනිසුන් මෙන් වඳුරා කීකරු නොවන නිසාය. බැරිම තැන ඔවුහු මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමට කටයුතු කළහ.

තානාපති කාර්යාලයෙන් වඳුරා ඉවත් කිරීමේ මෙහෙයුම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් ආරම්භ කළේ ඉන් අනතුරුවය. නමුත් වඳුරා හිමින් සීරුවේ තානාපති කාර්යාලයෙන් එළියට පැන අල්ලපු වැටේ පිහිටි බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාල භූමියට පනිද්දී ඌ තානාපති කාර්යාලය ඇතුළේ පැය 24 කටත් වඩා ගෙවා දමා අවසන් වී තිබිණි. ඒ කාලය ඇතුළත තානාපති කාර්යාලයේ කිසිම වැඩක් සිදු කළ නොහැකි ලෙස මුළු තානාපති කාර්යාලයම උගේ සන්තකයට ගැනීමට ඌ කටයුතු කොට තිබිණි.


source: LCN
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    full_1303177893watermelonpatch.jpg





    full_1303170897monkey.jpg





    Obama_Monkey.jpg





    moochellegangbang-300x194.jpg

     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    අපේ රටේ වදුරෙකුටත් ඇමරිකන් කාරයො සැලෙන්ඩර් කරන්න පුලුවන්....
    පැය 24ක්....
    යකො පොඩි කොල්ලෙක් යැව්වනම් ඇමරිකාවම අල්ලයි නෙ........
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපේ රටේ වදුරෙකුටත් ඇමරිකන් කාරයො සැලෙන්ඩර් කරන්න පුලුවන්....
    පැය 24ක්....
    යකො පොඩි කොල්ලෙක් යැව්වනම් ඇමරිකාවම අල්ලයි නෙ........

    lol. honda welawata wandura muslim nowune.

    hikz..............
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අපේ රටේ වදුරෙකුටත් ඇමරිකන් කාරයො සැලෙන්ඩර් කරන්න පුලුවන්....
    පැය 24ක්....
    යකො පොඩි කොල්ලෙක් යැව්වනම් ඇමරිකාවම අල්ලයි නෙ........

    :yes::D:D:D:D:D:D:D