ඉරානය මිසයිල 100ක් සූදානම් කරයි..⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෘෘස් මිසයිල 100ක් පමණ සූදානම් කරගෙන සිටින බවට වාර්තාවීමත් සමග එම කලාපය වෙත ලෝක බලවතුන්ගේ අවධානය යොමුවී තිබේ.

    ඉරානය ඉතාමත් ආසන්න දිනක ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත.

    ඒ සම්බන්ධව අදහස් පළකළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තම රට ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහාය දක්වන බවය.

    එමෙන්ම ඉරානයට අනතුරු අඟවමින් පවසා ඇත්තේ එවැනි ප්‍රහාර එල්ල නොකරන ලෙසටය.

    කලාපීය උණුසුම තවත් තීව්‍ර කරමින් නිකුත් වූ මේ වාර්තාවට අනුව එම ප්‍රහාර ඊශ්‍රායලය වෙත මෙන්ම කලාපයේ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ලවීමේ අවස්ථාවක් පවතී.

    අමෙරිකාව මෙම අනාවරණය කළේ ඉරානය සිය හමුදා සහ අවි, කලාපය පුරා ස්ථානගත කරමින් පවතින බවට හඳුනාගැනීමෙන් පසුවය.

    එමෙන්ම කලාපය වෙත අතිරේක බලඇණි යොමුකිරීමටත් අමෙරිකාව දැනටමත් කටයුතු කරමින් සිටී.

    ඉරාන ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවදානම මත පදනම්ව ඊශ්‍රායලයේ රැඳී සිටින සිය සේවකයින් තානාපති කාර්යාලයෙන් පිටතට යාම සීමා කිරීමට අමෙරිකානු රජය තීරණය කළේ ඊයේ (12) දිනයේදීය.

    මේ මාසය මුලදී සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙක් මිය ගියේය.

    එම ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලයට පැවරූ ඉරානය ඊට ප්‍රතිචාර දක්වන බවද අවධාරණය කළේ ඊශ්‍රායලය එහි වගකීම භාරගෙන නොමැති පසුබිමකය.

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Game On Fighting GIF by Shalita Grant
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    කියපු විදිහට දවසට අහස්කුරු වලින් ගැහුවත් එකක්වත් වැටෙන්න තිබ්බ ඉශ්‍රයක් වලට...
    මෙවෙනම් දැන් පඩ සද්දෙකුත් නෑ , ගදකුත් නෑ
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,011
    113
    බොරු මරුසි නැතුව ඕක පටන් ගනින්..

    මුන් මේ අපේ නැකත එනකන් ඉන්නවද වෙඩි ගහන්න.
    ඔව් කොච්චිකඩේ, තේවත්තේ නිරාගමික අපිටත් දැන් සීරුවෙන් ඉඳලම එපා වෙලා තියෙන්නේ පොරොන්දු දේශයට ගහය් කියල බයේ