වඳුරෙකුට රා කලයක් හම්බුනේය

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වඳුරෙකුට රා කලයක් හම්බුනේය


    A_Monkey_Getting_Drunk_Royalty_Free_Clipart_Picture_090327-132867-304052.jpg

    දිනක් වඳුරෙකුට රා කලයක් හම්බුනේය,ඌ රා කලයෙන් පොඩ්ඩක් ගසා ගහක් උඩට නැග ගල් බමුනෙක් මෙන් සිටින්නට විය. මෙය දුටු කටුස්සෙක් වඳුරා අසලට පැමින මෙසේ අසයි,
    "මොකෝ මචං අද නිකන් අමුතු ආතල් එකක් වගේ....."

    වඳුරා : "මචං මාර සිරප් එකක් තියෙනවා ඕනෙනම් උඹටත් ටිකක් දෙන්නම්"


    කියා රා කලය කටුස්සාට දුන්නේය, කටුස්සාද දෙකක් නවා ගන්නට විය. එකපාරටම වැදුනු ආතල් එක නිසා කටුස්සාට වතුර තිබහක් ආවේය

    " මං වතුර ටිකක් බීලා එන්නම්" කියූ කටුස්සා විල පැත්තට ගියේය.

    කටුස්සා විල ගාවට යනවිට එතන හිටියේ කිඹුලෙකි, වෙනදාට කිඹුලා ඉන්නකොට අහලකටවත් නොයන කටුස්සා එදා චන්ඩියා වගේ කිඹුලා ලඟටම ගියේය. කටුස්සා දුටු කිඹුලාට පුදුම හිතී මෙසේ ඇසුවේය.


    "මොකද මචං අද අමුතු ආතල් එකක් වෙනදට අපිව ආශ්‍රය කරන්නෙත් නැහැනේ...."


    කටුස්සා : "අනේ සොර් රි මච්චා... න් , මං දැන් අලුත් මිනිහෙක්..... මේ ඒක නෙමෙයි... මාර ආතල් එකක් තියෙනවා වඳුරා ගාව, උඹත් ඕන්නම් පොඩ්ඩක් ගිහින් ගහපං"


    මෙය ඇසූ කිඹුලාද වඳුරා සොයා ගස ලඟට ගියේය.

    ඈත තියාම කිඹුලා එන අයුරු දුටු වඳුරා ඇස් දෙක නැට්ටෙන් පිස දමමින් මෙසේ ඇසුවේය

    "අම්මට උඩු, උඹ ඔච්චර ලොකු වෙනකං වතුර බිව්වද?"



    උපුටා ගැනිමකි