වඳ භාවය (+18 නොවේ)

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    හරි මේ ටිකේ ටිකක් වැඩ අඩු නිසා තව ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.තව ටික දවසකින් වැඩ ටිකක් වැඩි වෙනවා.. එතකොට පොඩ්ඩක් ත්‍රෙඩ් දාන්න වෙන එකක් නැහැ.. අද කතා කරන්න යන මාතෘකාව ටිකක් විතර කාලෝචිතයි.. ඒ වගේම ගැහැණු, පිරිමි ලොකු කුඩා බේදයක් නැතුව අවබෝදයෙන් සිටිය යුතු මාතෘකාවක්...:yes::yes::yes:ඒ තමයි වඳ භාවය.. :shocked::shocked::shocked:වැල් බයිලා ඕනේ නැහැනේ... අපි කෙලින්ම මතෘකාවට බහිමු...

    1.මොකක්ද ඔය වඳ භාවය කියන්නේ දැන්...??
    වඳ භාවය කියන්නේ විවාහක යුවලක් අවුරුද්දක් තිස්සේ සිදුකරනු ලබන්නාවූ උත්සාහයක ප්‍රතිපල වශයෙන් හෝ කිසියම් ආකාරයකින් තම සහකාරිය ගැබ් නොගැනීමයි.. සරළව කියනවනම් අවුරුද්දක් නිතිපතා ළමයෙක් හදන්න හිතාගෙන ලිංගිකව එකතු වීම් සිදු උනත් ගැබ් නොගැනීමයි.. :yes::yes::yes:

    නිති පතා එකතු වීමක් කියන්නේ ඉතින් උදේට
    යි හවසටයි එක බැඟින් සතිය පුරාම කියන එකට නෙමෙයි හොඳද...:lol::lol::lol: නිති පතා කිව්වේ සතියකට අවම තුන් වතාවක් කියන එකට... ඒ වගේම කාන්තාවක් ගැබ් ගෙන කිසියම් හේතුවක් නිසා නිරතුරුවම ඒ ඒ දරු ගැබ ගබ්සා වීමකට ලක්වීමක් සිදු උනත් :no::no::no: ඒකත් ඔය උඩ කිව්ව වඳ භාවය කියන එකටම තමයි අයිතිවෙන්නේ.

    2.දැන් කොහොමද ඔය වඳ භාවය ඇති වෙන්න පුලුවන්...??
    ඒක දැන ගන්න කලියෙන් ඔක්කොටම ඉස්සෙල්ලා බලන්න එපායෑ කොහොමද ගැබ් ගැනීමක් සිදුවන්නේ කියලා... ගැබ් ගැනීමක් සිදුවෙන්න පියවර 4ක් සම්පූර්ණ වෙන්න ඕනේ.
    a. ඔක්කෝටම කලියෙන් කාන්තාවගේ ඩිම්භ කෝෂ දෙකෙන් එකකින් හෝ ඩිම්භයක් නිකුත් වීම සිදු වෙන්න ඕනේ. :yes::yes::yes:
    b.ඊට පස්සේ ඒ ඩිම්භය පැලෝපීය නාලය හරහා ගර්භාෂය දෙසට එන්න ඕනේ. :yes::yes::yes:
    c.ඊටත් පස්සේ පුරුෂයාගේන් නිකුත් වුනු ශුක්‍ර තරලයේ තියෙන ශුක්‍රානුවකින් එම ඩිම්භය සංසේචනය ඒ කිව්වේ එකතු වෙන්න ඕනේ.;););)
    d.අවසාන වචයෙන් එහෙම සංසේචනයේන් ඇති උනු යුක්තානුව ගිහින් කාන්තාවගේ ගර්භාෂයේ බිත්තියේ තැන්පත් වීමක් සිදුවෙන්න ඕනේ.. :D:D:D

    ඔය ක්‍රියාවලිය පියවරෙන් පියවර සිදුවෙන එකක්.. එහෙමයි කියලා ඩිම්භ නිකුත් වෙනකන් බලන් හිටියොත් ශුක්‍රාණු මුදා හරින්න :lol::lol::lol:කොහොමටවත් ඔය මගුල කොරගන්නනම් ලැබෙන්නේ නැහැ.. :lol::lol::lol:එහෙනම් දැන් ඉබේම උඩ ප්‍රශ්නෙට උත්තරේ ලැබිලා නේද..?? වඳ භාවය කියන එක ඇතිවෙන්නේ එහෙමනම් ඔය කිව්ව පියවර 4 න් මොකක හරි සිද්ද වෙන දෝශයක් හින්දයි.. :yes::yes::yes:

    3.දැන් ඕක වෙන්නේ කාන්තාවගේ තියෙන ගැටලු නිසා විතරද..??
    ඇත්තටම නැහැ..:no::no::no: ඉහත පියවර 4 කින් විස්තර කළ ක්‍රියාවලිය සිදුවීම අවශ්‍යය උනත් වඳ භාවය කියන එක කාන්තාවගේ ගැටලුවක් නිසා වෙන්න පුලුවන් ඒ වගේම පිරිමියාගේ ගැටලුවක් නිසත් වෙන්න පුලුවන්..:yes::yes::yes: එහෙමත් නැත්නම් දෙන්නාගේම ගැටලුවක් නිසත් වෙන්න පුලුවන්. ඒ නිසා ඕක එහෙමනම් තමුන්ගේ ගෑණු මනුස්සයාට විතරක් බැනලා වැඩක් නැහැ :frown::frown::frown: මොකා පුස් වෙඩිලි යැව්වත් ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නැති නිසා...:lol::lol::lol:

    4.දැන් මොනවද ඔය කිව්ව ගැටලු...??

    A.a.පිරිමියාගේ මද සරු බවට හේතු.
    ප්‍රධාන වශයෙන්ම දැන ගන්න ඕනේ දෙයක් තියනවා.. ශුක්‍රාණු නිපදවීමක් උනත් අපිට කියන්න බැහැ ඒ පුද්ගලයා හරියටම සරු කෙනෙක්ද නැද්ද කියලා:shocked::shocked::shocked:. මොකද සාමාන්‍යය සරු පුද්ගලයෙක් වීමට නම් ශුක්‍ර තරලයේ මිලි ලීටර් එකක ශුක්‍රාණු සෛල මිලියන 40 ත් 400 ත් අතර ප්‍රමාණයක් (දළ වශයෙන් ඕක මිලියන 100 ක් කියලා ගන්නවා) තිබෙන්න ඕනේ..:nerd::nerd::nerd: මිලියන 20 ට අඩු පුද්ගලයිට තමයි නිසරු හෙවත් වඳ අය කියන්නේ..:yes::yes::yes:

    ඕක වෙන්න පුලුවන් හේතු කීපයක් තියනවා.
    I. ගැබ් ගැනිමකට ප්‍රඹාණවත් ලෙස තිබිය යුතු ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම. ප්‍රධාන වශයෙන්ම පිරිමියාගේ වුෂණ කෝෂ වටා ඇති ශිරා ( Veins ) රුධිරනාල අසාමාන්‍යය ලෙස විශාල වීම නිසා මේ තත්වය ඇති වෙන්න පුලුවන්... ඔය තත්වය අපස්ථිත පුඤය ( Varicocele ) කියලා හදුන්වනවා..එතකොට රුධිරය වැඩි වශයෙන් වුශණ කෝෂය වටා එකතු වෙන නිසා අසාමානයය ලෙස ඇති වෙන රස්නය දරා ගන්න බැරි වීම නිසා ශුක්‍රාණු නිපදවීම අඩපණ වීමක් සිදු වෙනවා.:(:(:(

    II. උපතින් සිදුවන්න වුෂණ කෝෂ සම්බන්ධ අක්‍රමිකතා නිසා (Congenital Malformations ) හෝ ශුක්‍රාණු නිපදවීම අඩාල වන වෙනත් කරුණු.:(:(:(

    III. ශුක්‍රාණු වල චලන හැකියාවේ ගැටලු. ඒ කිව්වේ වුෂණ කෝෂයේ නිපදවෙන ශුක්‍රාණු සෛල චලනය වීමට බලපාන සාධක වල ප්‍රශ්ණ නිසාත් වෙන්න පුලුවන්..:(:(:( ඒ කිව්වේ බං ඔය ශුක්‍රාණුවේ හැඩය අක්‍රමික වීම, ලිංගික මාර්ගයේ අවහිරතා වගේ ගැටලු.මිලියන 100ක් හැදුනත් වැඩක් නැහැ මෙහෙම ගැටලු තිබිලා...

    A.b.පිරිමියෙකුගේ මද සරුභාවය ඇතිවීමට බලපාන සාධක මොනාද..??
    පිරිමියෙකුගේ වුෂණ කෝෂ සහිත මල්ල කොටස ශරීරයෙන් පිටතට වෙන්න පිහිටලා තියෙන්නේ ඇයිද දන්නවාද..?? ඒ මචංලා ශරීරයේ උෂ්ණත්ව තත්වයටතේ ශුක්‍රාණු නිපදවීම සිදු කරන්න බැරි නිසයි..:shocked::shocked::shocked: වඩා අඩු උෂ්ණත්ව තත්වයක් ලබා දෙන්න අවශ්‍යය නිසයි.. නැතුව මේ එක එක්කෙනාට @#$%# දෙන්න වත් :lol::lol::lol:, යාලුවන්ට ගහලා දුවන්නවත් එහෙම නෙමෙයි හරිද...:lol::lol::lol:

    මද සරුභාවය ඇතිවීමට පහත බාහිර සාධක බලපානවා...

    • අධික මත්පැන් භාවිතය
    • දුම් පානය
    • මත් ද්‍රව්‍යය භාවිතය
    • පරිසරයේ ඇති විෂ ද්‍රව්‍යය( කෘමිනාශක,ඊයම් වැනි)
    • අධික උණුසුම් පරිසර වලට නිරාවරණය
    • විකිරණ වලට නිරාවරණය
    • සමහර ඖෂධ වර්ග දීර්ඝ කාලීන භාවිතය
    • සරම්ප, රුබෙල්ලා වැනී රෝගී තත්ත්ව නිසා ඇති වෙන ආකූලතා හා ලිංගාශ්‍රිත රෝගී තත්ත්ව ආකූලතා (Complications)
    • හෝර්මෝන ගැටලු
    • වයස වගේ එව්වා තමයි ඉතින්..:shocked::shocked::shocked:

    B.a.කාන්තාවගේ වඳ භාවයට හේතු
    කාන්තාවන්ගේ වඳ භාවය ප්‍රධාන වශයෙන්ම තීරනය වෙන්නේ ඩිම්භ මෝචනය කියන ක්‍රියාවලිය මත.. ඒ කිව්වේ ඩිම්හ කෝෂ වලින් ඩිම්භ නිකුත් වීම කියන ක්‍රියාවලිය මත.. :eek::eek::eek:සාමාන්‍යයෙන් ඒ ක්‍රියාවලිය හරියට වෙනවා කියන එක තහවුරු කරගන්න පුලුවන් දවස් 28 කට සැරයක් ක්‍රමාණුකූලව ඔසප් වීම සිදුවෙනවනම්...:confused::confused::confused: ඒ කිව්වේ ඔසප් වීම ප්‍රමාදනම් හරි නැත්නම් අක්‍රමවත්නම් හරි බඩු පැකට් වීමේ සම්භාවිතාව වැඩියි...:(:(:(

    හැබැයි මේකත් මතක තියාගනින් ඕක සාමාන්‍යයෙන් කෙල්ලෙකුගේ ක්‍රමවත් වෙන්න වයස අවුරුදු 18- 21 පමණ වෙන්න ඕනේ... නැතුව තවම ටින් ටින් බලන කෙල්ලො එක්ක යාලු වෙලා :lol::lol::lol:ඉන්න එළකිරි බාල අපරාදකරුවෝ :lol::lol::lol: මේක කියවලා මට පී.එම්. එහෙම එවන්න එපා හොඳේ...:lol::lol::lol:

    එහෙමනම් කාන්තාවකගේ වඳභාවය කෙරෙහි පහත කරුනු බලපානවා
    I.ඩිම්භ මෝචනයේ අක්‍රමිකතා:(:(:(
    II.මෝචනය වන්නාවූ ඩිම්භ පැලෝපීය නාලය හරහා ගමන් කිරීමේ අවහිරතා.:(:(:(
    III.මෝචනය වූ ඩිම්භ වෙනත් මාර්ග වල ගමන් කිරීම.:shocked::shocked::shocked: ඒ කිව්වේ බන් නාලය අස්සට යන්නේ නැතුව පිට පනිනවා.. එහෙම වෙලා සංසේචනය උනොත් නම් බඩුම තමයි.. එතකොට යුක්තානුව ප්‍රරෝහණය වෙන්නේ ඒ කිවේ බං තැන්පත් වෙලා කළලයක් හට ගන්නේ ගර්භාශයෙන් පිට. ඒක කාන්තාවගේ ජීවිතයට අවදානම් තත්වයක්.. ඒ වගේ එකකට බහිෂ්කේතනක ගැබ් ගැනීමක් හෙවත් Ectopic Pregnancy තත්වයක් ලෙස හදුන්වනවා... :shocked::shocked::shocked:
    VI.ගර්භාෂ බිත්තියේ ප්‍රරෝහණය වීමේදී ඇතිවන ගැටලු:(:(:(
    V.උපතින් සිදුවන්න අක්‍රමිකතා නිසා.:(:(:(

    B.b.කාන්තාවකගේ මද සරුභාවය ඇතිවීමට බලපාන සාධක මොනාද..??

    • වයස - පිරිමින්ට වගේ නෙමෙයි කාන්තාවකට වයස කියන එක ටිකක් ප්‍රධාන වශයෙන් බලපානවා.. ගැබ් ගැනීමක් වයස 15 සිට 45 දක්වා කාල පරිච්ඡේදයපුරාවට වෙන්න පුලුවන් උනාට වයස 35 පැන්න ගමන් ගබ්සා වීම් සහ මන්ද බුද්ධික දරුවන් බිහිවීමේ සම්භාවිතවයන් වැඩි වෙනවා... වයස යනවිට එහෙමවෙන්න හේතුව තමයි ඉතුරු වෙලා තියන ඩිම්භ නිරෝගී භාවයෙන් මද වීම, ඉතුරු ඩිම්භ ප්‍රමාණය අවම වීම, ශරීරයේ රෝගී තත්ව වගේ එව්වා නිසා...
    • අධික මත්පැන් භාවිතය
    • දුම් පානය
    • මත් ද්‍රව්‍යය භාවිතය
    • ආතතිය
    • පෝෂණ ගුණයෙන් අඩු ආහාර භාවිතය
    • අධික වෙහෙස කර ක්‍රීඩාවල අඛණ්ඩව නියැලීම හා අධික ලෙස ශරීරය වෙහෙසවා ව්‍යයාම වල නියැලීම :shocked::shocked::shocked:
    • අව දේහ බර හෝ අධි දේහ බර
    • සරම්ප, රුබෙල්ලා වැනි රෝගී තත්වයන් නිසා ඇතිවූ ආකූලතා හෝ ලිංගික රෝග නිසා ඇතිවූ ආකූලතා.
    • නාරි වේදී ගැටලු. මේව්වා ගත්තම පුලුල් පරාසයක් තියනවා.. ඒ කිව්වේ ඩිම්භ කෝෂයේ කෝෂ්ඨ හට ගැනීම (Overian Cysts), ගර්භාෂබිත්තියේ තන්තුමතාවය (Uterine Fibroids) ඔය වගේ එකී මෙකී නොකී ලෙඩ ගොඩක් තියනවා.. එව්වා ලියන්න ගියොත් මේ කපේට මේත්‍රෙඩ් එක ඉවර කරන්න බැරි වෙනවා.. :yes::yes::yes:
    • ස්වයං ප්‍රතිශක්තික රෝග(Autoimmune Disorders). ඒ කිව්වේ බං ශරීරය ඇතුලින්ම නිපදවෙන ප්‍රතිශක්තීකරණය ප්‍රමාණය ඉක්මවා සමහරුන්ගේ ඇතිවීමෙන් එම ප්‍රතිශක්තික ප්‍රතිදේහ නිරෝගී අවයව වලට පෙරලා පහර දීමක් වගේ වැඩක් වෙනවා.. :no::no::no:
    • හෝර්මෝන ගැටලු
    • පරිසරයේ ඇති විෂ ද්‍රව්‍යය( කෘමිනාශක,ඊයම් වැනි)
    • අධික උණුසුම් පරිසර වලට නිරාවරණය
    • විකිරණ වලට නිරාවරණය
    • සමහර ඖශධ වර්ග දීර්ඝ කාලීන භාවිතය වගේ තත්ව ගොඩාක් බලපානවා... ඒ කියන්නේ කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ට පරිස්සම් වෙන්න ඕනේ කියන එක තමයි ඉතින්...:frown::frown::frown:
    5.දැන් කොහොමද වඳයි කියලා සැක කරන්නේ...??
    විවාහ වෙලා අවුරුද්දක් යනකනුත් උත්සාහ කලාට ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නැතිනම් වඳ බව සැක කරන්න පුලුවන්...:no::no::no: හැබැයි ඒ එකතුවීම අනාරක්ශිත එකතු වීමක් වෙන්න ඕනේ..:lol::lol::lol: ඒ කීවේ උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමකින් තොර වෙන්න ඕනේ..:lol::lol::lol:

    වැඩේ එහෙමනම් කෙලින්ම ගිහිල්ලා වෛද්‍යයවරයෙක් මුනගැහෙන එක ඇඟට ගුණයි පු‍තෝ...:yes::yes::yes: වෛද්‍යයවරයා ඒ සඳහා කරණු ලබන පරීක්ෂක වලින් අවසානයේ නිගමනයකට එලබිලා ඒ සඳහා සුදුසු විකල්පයක්ලබාදේවී. සිදුකරනු ලබන පරීක්ෂක ගැන නම් මම කියන්න යන්නේ නෑ මෙතන.මොකද ත්‍රෙඩ් එක තවත් දික් ගැහෙන නිසා....

    6.වඳ භාවයක් තහවුරු කරගත්තොත් මොනාද ඉතින් තියෙන විකල්ප...??
    I. අදාල කරුණු පිලිබඳ දැනුවත් කිරීම සහ උපදේශනය.
    11.gif
    11.gif
    11.gif

    II.
    කෘතිම සංසේචන ක්‍රම භාවිතය. මේ සඳහා ගර්භාෂ අභ්‍යයන්තරිකසිංචනය (Intrauterine insemination) බාහිර සංසේචනයසහ ප්‍රරෝහණය (In vitro fertilization) වගේ ක්‍රම භාවිතා වෙනවා.
    11.gif
    11.gif
    11.gif

    III.ඉහතින් සඳහන් කළ රෝගී තත්වයක් නම් ඒ සඳහා අදාලව ප්‍රතිකාර කිරීමෙන් ඒ තත්ත්වය යතාතත්වයට පත් කිරීම.
    IV.හෝර්මෝන එන්නත් කිරීම.

    7.එහෙමනම් වඳ වීම වළක්වා ගන්න අපි මොනාද කරන්න ඕනේ...???
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    මේක තමයි වැදගත්ම කොටස. මොකද දැන් ලංකාවේ 20 % කට ආසන්න ප්‍රමාණයක් වඳ භාවයෙන් පෙලෙනවයි කියලා සමීක්ෂණ වලින් තහවුරු කරගෙන තියනවා...:shocked::shocked::shocked: අපිම තමයි වරද්ද ගන්නේ.. වඳභාවය ඇතිකිරීමට මුල් වෙන කරුණු අපි පාලනය කරගත්තොතින් අපිට අපේම කියලා දරු මල්ලෙක් හදාගෙන ඉන්න පුලුවන්..:D:D:D ඒ සඳහා කරන්න ඕනේ අපිම ආරක්ෂාවීම තමයි..:yes::yes::yes:

    I. ප්‍රමාණය ඉක්මවා මත් පැන් භාවිතයෙන් වැලකීම (දැන් මගෙන් අහන්න එපා මොකක්ද ප්‍රමාණය කියලා මචෝ) :):):)
    II. දුම් පානයෙන් වැලකීම (චුට්ටක් බිව්වට කමක් නෑ.සිගරට් නම් ගහන්නම එපා එපා එපාමයි :frown::frown::frown:)
    III.මත් ද්‍රව්‍යය භාවිතයෙන් වැලකීම
    IV. නිරන්තරයෙන් උණු ජලය ස්නානය කිරීමෙන් වැලකීම (උෂ්ණත්වය වැඩි වෙන නිසා වුෂණ කෝෂ වලට බලපානවා:shocked::shocked::shocked:)
    V. දුරකතන සාක්කුවේ දමාගෙන සිටීමත් ගැටලුවක්.අවම කිරීම තමයි විසඳුම නම් ඉතින්.:lol::lol::lol:
    VI. නිරෝගී, පෝෂ්‍යයදායී ආහාර වේලක් ගැනීම.:yes::yes::yes:
    VII. ක්‍රමාණුකූල ව්‍යයාම කිරීම( එතකොට දියවැඩියාව, රුධිර පීඩනය වගේ තත්ව අවම වන නිසා එමගින් වක්‍ර බලපෑමක් තිබේ :yes::yes::yes:)
    VIII. දීර්ඝ කාලීනව අධික රස්නයට නිරාවරණයෙන් වැලකීම ( ගඩොල් පෝරණු වල, මැෂින් ක්‍රියා කරණ තැන්වල වැඩ කරණ අයටයි මේකියන්නේ.එහෙම වැඩ කරනවානම් ඉක්මනින් ළමයෙක් හදාගන්න පස්සට කල් තියන්න එපා:yes::yes::yes:)
    IX. විකිරණ වලට නිරාවරණය සීමා කිරීම ( මේ කිව්වේ එක්ස් රේ මැෂින් වගේ එව්වා අසළ ඉන්න අයටයි)
    X. ලිංගාශ්‍රිත රෝග සාදා ගැනිමෙන් වැලකීම ( අවලමේ නොගිහින් හිටියනම් හරි. ඉවසන්නම බැරිනම් නූල් කෝන් එකක,එස්ලෝන් බටයක පිහිට පැතුවනම් ඉවරයි:lol::lol::lol:,ඒත් බැරිවෙන්න තරම් මෝල් අමාරුවනම් කොන්ඩම් එකක් දාගෙන කරගන්න මගුලක් කරගනිල්ලා:frown::frown::frown:)

    අපිම තමයි වරද්දගෙන කෙළව ගන්නේ වැඩි වශයෙන්.. ආහ් අනික් එක තමයි සමහර පොෂ් අයියලා පොෂ් ගතිය පෙන්නන්න යන යන තැන ලැප් ටොප් එක කකුල උඩ තියාගෙන පාවිච්චි කරනවා..:lol::lol::lol: යකෝ මේසයක් තියෙන්නේ ලැප් එක තියාගන්න..:frown::frown::frown: තොපි කකුල උඩ ඕක තියාගත්තම ලැප් එක හීට් වෙන කොට ඒ රස්නේ කකුල දිගේ සන්නයනය වෙලා වුෂණ කෝෂ වලට බල පෑම් ඇති කරණවා..:growl::growl::growl:

    අනික සමහර උන් පෝන් 3-4 පාවිච්චි කරනවා.. එකක් පාවිච්චි කරපියව් තොපේ ඇ@# දෙක මුං ඇට කරගන්න දගලන්නේ නැතුව..:lol::lol::lol: නැත්නම් ළමයෙක් ඕනේ වෙලාවට අල්ලපු වතු වලට යන්න වේවි විදෙස් ආධාර හොයාගෙන..:lol::lol::lol:

    අන්තිමට කියන්නම ඕනේ දෙයක් තියනවා... වඳභාවය ගැහැණියගේ වරදක් නෙමෙයි.. :growl::growl::growl:පිරිමිය උනත් වඳ වෙන්න පුලුවන්..:frown::frown::frown: ඒත් අපේ උන් වරද වහගන්න අහින්සක ගෑණි පිට වරද දානවා...:frown::frown::frown: වඳභාවයක අවසාන විසඳුම දික්කසාදය නෙමෙයි.. තොපිට ඒකට ඕනේ තරම් විසදුම් තියනවා.. මම ඔය උඩ කිව්ව සමහර ක්‍රම මඟින් ඒක ගොඩ දාගන්න පුලුවන්.. කොටින්ම ශුක්‍රාණු මිලියන 20 ට වඩා මිලි ලීටරයක තිබ්බත් ඒවලට විසඳුම් තියනවා...

    අනික මේ අහපියව්.. හදවති ආදරය කළ කෙල්ලව වඳයි හරි කියලා අත අරින්න එපා.. නූතන වෛද්‍යය විද්‍යයාව ඒ තරමටම දියුනුයි... ඒහෙමත් බැරිනම් ඔය ඉස්පිරිතාලෙක අලුත උපන් අම්මා දාලා ගිය ළමයෙක් අරගෙන තමුන්ගේ එකෙක් වගේ හදාගනින්... හැමදේකටම පිලිතුරක් තියෙනවා කරන්න ඕනේ අපි ඉවසන එක විතරයි... :yes::yes::yes:

    මේ පෝස්ට් එක උඹලට බෝරින් ඇති සමහර විට... අනික මේකට මම ගොඩාක් මහන්සි උනා .වෛද්‍යය විද්‍යයාවෙදී භාවිත වෙන වචන වලට සිංහල තේරුම් හොයන්න ගිහින් මට එපා උනා.. අනික මේක පුලුල් මාතෘකාවක් පුලුවන් හැමතැනක්ම පැහැදිලි කළා.. ඔතනින් එහාට කලොත් තවත් ත්‍රෙඩ් එක දික් වෙනවා...

    මගේ ත්‍රෙඩ් බෝරින් :(:(:( ඒ වගේම මෙච්චරටම දිග බං පැහැදිලි කිරීම ගොඩාක් වැඩි නිසා කියලා මම පිලිගන්නවා.. ඒත් මේක කියවන හැමෝටම අවබෝද වෙන්නයි එහෙම දාන්නේ...;););) මගේ මහන්සිය අපතේ යවන්න එපා.. මට රෙප් එපා.. ඒත් කියවලා ඉවර වෙලා වෙන එකෙකුට දකින්න බම්ප් කරලාවත් යන්න මොකද මේක ඒ තරමටම වැදගත් මතෘකාවක් නිසා... උඹලා හැමෝටම ජය.....:D:D:D



    patta thread eka machan... Rep4+ Whizzkid :yes::yes::yes::yes::yes::yes:
     
    ඔය වගේ තව 10ක් දිගට දාපන් බලන්න මට බෝරින් වෙයිද කියලා :confused::confused: නියමයි ඕක නියම දවසෙ දැම්මෙ නිදහසෙ කිවෙවුවා.. ඔන්න එපා කිවුවට ඒවත් දුන්නා. එල ත්‍රෙඩ් 1ක ඩොකා :D:yes::yes::yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    good post macchn... kohenda bn mehema karunu hoyagaththe??? ubata maara danumakne thiyenne

    Igena gaththapuwa thamai machan ithin me ;););)

    ගොඩක් වැදගත් ත්‍රෙඩ් ඒකක් මචන් :yes:දිගටම මෙවගෙ ඒවා පල කරන්න:) මට තියෙන විදිහට රෙප් දෙන්නම්:D
    Rep one ne ban kiyawala deyak igena ganin e athi... :yes::yes::yes:

    patta machan

    නයිස් පෝස්ට්.

    ela ban patta thread eka


    Comment Kala Hamotama Thanks wewaa.....!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif