කරන පරීක්ෂණ ගැන කීවොත් මුලින්ම කරන්නෙ පුරුෂ ධාතු පරීක්ෂාව මොකද ඒක තමයි ලේසිම ටෙස්ට් එක.ඒකෙදි ශුක්‍රාණුවල ප්‍රමාණය,සංචරණ හැකියාව,රූප සොභාව(morphology) ආදිය පරීක්ෂා කරනව.පිරිමින් ගෙත් සමහර හෝමෝන පරීක්ෂා කරන්න පුලුවන් .
ඊට පස්සෙ කාන්තාවගෙ ඩිම්බ පිට වෙනවද කියල පරීක්ෂා කරන්න ඕන.ඒකෙදි ඩිම්බ මෝරන්න බේත් දීල දවස් 21න් ප්‍රොජෙස්ටරෝන් කියන හෝර්මෝන් ලෙවල් එක බලනව.ඊට අමතරව යෝනි මාර්ගය හරහා ස්කෑන් කරල ඩිම්බ වර්ධනය බලනව.
ඔසප් චක්‍රය අක්‍රමවත් නම් රුධිරගත ප්‍රොලැක්ටින් ප්‍රමාණය,TSH එහෙමත් බලන්න ඕන,FSH,LH ලෙවල්ස් බලන්නේ ඩිම්බ මෝචනයෙ ප්‍රශ්න තියෙන අයට.
ඊළගට පැලෝපීය නාල වල ගැටලු ,ඒව බ්ලොක් වෙලාද කියල බලන්න
HSG ටෙස්ට් එක කරනව මේකෙදි පාරාන්ද ඩයි එකක් විදල xray ගන්නව දැන් වැඩිය පාවිච්චි කරන්නෙ නෑ ඊට වඩා හොඳ ක්‍රම තියෙන නිසා.දැන් කරන්නෙ ලැපරොස්කොපික් ඩයි ටෙස්ට්.මේකෙදි පොඩි සිදුරක් උදර බිත්තියේ හදල ඒකෙන් කැමරාවක් දාල යෝනි මාර්ගය හරහා ඩයි විදල ඒව උදර කුහරයට එනවද බලනව බ්ලොක් තියේනම් ඒ ගමන්ම ප්‍රතිකාර කරනව ඩිම්බ කෝෂ වල පොලිසිස්ටික් වගේ තත්ත්වත් මේ ගමන්ම ප්‍රතිකාර කරන්න පුලුවන් .