වමතින් වවඩි තබා ඔලිම්පික් රන් පදක්කම දිනූ
වමතින් වවඩි තබා ඔලිම්පික් රන් පදක්කම දිනූ දකුණත් වවඩික්කරුවා
කාලෙකට කලින් ලියපු ලිපියක්. එළකිරි සහෘදයන් එක්ක බෙදාගන්න හිතුනා.
හරියටම අවුරුද්ද කියනවනම් ඒ 1938 අවුරුද්ද ලෝකේ ඒ වෙනකොට නිල නොලත් දක්ෂම වෙඩික්කරු තමයි කැරොලි ටකක්ස්. කැරොලි තමයි හංගේරියානු හමුදාවේත් හිටපු දක්ෂම වෙඩි තබන්නා. 1940 ජපානයේ ටෝකියෝ නුවර පවත්වන්නට නියමිත ඔලිම්පික් තරඟයෙන් රන් පදක්කම ජයගන්න කැරොලිට පුළුවන් වුනොත් ඔහු නිල වශයෙන් ලොව දක්ෂම වෙඩික්කරු වෙනවා. ඇත්තටම කැරොලිට ඒක කිසිම අපහසුවකින් තොරව කරන්න පුළුවන් වෙයි කියලා තමයි විශ්ලේෂකයෝ කිව්වෙත්. ඒ වගේම කැරොලිගේ ජිවිතේ එකම හීනය වුනෙත් ඒකම තමයි.
නමුත් ජිවිතේ හැම දෙයක්ම අපි බලාපොරොත්තු වෙන විදිහටම වෙන්නේ නෑ. ජීවිතය වෙලාවකට අපිව මහා දරුණු විදිහට පරික්ෂාවට ලක්කරනවා. කැරොලිටත් අන්න ඒ වගේ පරික්ෂාවකට මුහුණ දෙන්න සිද්ධවුනා. 1938 අවුරුද්දේ හමුදා පුහුණු සැසියක් අතරතුර කැරොලිගේ අතේ බෝම්බයක් පත්තු වුනා. කැරොලිගේ දකුණු අත ඒ අනතුරෙන් ඔහුට සදහටම අහිමි වුනා. වෙඩික්කරුවෙක්ට තුවක්කුව හසුරවන අත අහිමිවුණා කියන්නේ ඒ ඔහුගේ ජිවිතේ වෙන්න පුළුවන් ලොකුම අහිමිවීම. එදායින් පස්සේ කිසිම කෙනෙක් කැරොලිව ආයේ වෙඩි පිටියක දකින්නේ නෑ.
කාලය ගෙවිලා ගියා 1939 අවුරුද්දේ හංගේරියානු රජය විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලත් ඉලක්ක කරගෙනම වෙඩි තැබීමේ ජාතික ශුරතා තරඟාවලියක් සැලසුම් කරනවා. තරඟය ආරම්භ වෙන දවසේ කවුරුත් බලාපොරොත්තු නොවුන අමුත්තෙකුත් මෙතනට ඇවිත් හිටියා. ඒ වෙන කවුරුත් නෙමෙයි කැරොලි ටකක්ස්. ඔහුව දකින මිතුරන් බොහොම සතුටට පත්වෙනවා ඔවුන්ගේ මිතුරා ඔවුන්ට සුභ පතන්නට පැමිණීම ගැන. ඒ වගේම කැරොලි නැවත වෙඩි පිටියකට පැමිණෙන්න තරම් හිත හදාගත්ත එක ගැන හැමෝම සතුටු වුනා. නමුත් කැරොලි ඔවුන්ට පැවසුවේ ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවුන දෙයක්. “මම ආවේ ඔබලාට සුභ පතන්න නෙමෙයි. මම ආවේ ඔබලා සමග තරඟ කරන්න” එදා එතන හිටිය හැමෝම පුදුමයට පත්කරමින් ඔහු තමන් සතු එකම අත වන තම වම අතින් වෙඩිතබා “25 meter rapid fire pistol” කියන ඉසව්වෙන් කැරොලී ජාතික ශුරතාවය දිනාගන්නවා. කැරොලිගේ ක්‍රීඩා ජිවිතය අවසන් බව හැමෝම හිතුවත් වසරක් මුළුල්ලේ කැරොලි රහසිගතව තමන් සතු එකම අතින් වෙඩි තබන්න පුරුදු වෙලා තිබ්බා.
කැරොලිගේ අවාසනාව එතනින් අවසන් වුනා කියලා ඔබ හිතුවනම් ඔබට වැරදිලා. 1940 ටෝකියෝ ඔලිම්පික් උළෙල දෙවන ලෝක යුද්ධය නිසා අවලංගු වෙනවා. ජිවිතයේ සැහෙන්න අශාවෙන් බලාපොරොත්තු වුන දේ නැවතත් කැරොලිගෙන් ඈත් වෙනවා. නමුත් කැරොලි පුහුණුවීම් නවත්වන්නේ නෑ. 1944 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා කැරොලි සුදානම් වෙනවා. නමුත් ලන්ඩන් ඔලිම්පික් උළෙලත් දෙවන ලෝක යුද්ධය නිසාම අවලංගු වෙනවා. නැවත ලන්ඩන් නුවරම 1948 ඔලිම්පික් උළෙල පැවැත්වීමට සංවිධායකයන් තීරණය කරනවා. 1948 වෙනකොට කැරොලිට වයස අවුරුදු 38ක් ඔහුට තරඟ කරන්න සිද්ධ වෙන්නේ ඔහුට වඩා වයසින් අඩු ඇස්පෙනීම යහපත් තරඟකරුවන් සමග. නමුත් ජීවිතය සමග දැවැන්ත සටනක් කරපු කැරොලිව නවත්වන්න ඔවුන් කිසිවෙකුට බැරිවෙනවා. ලොව දක්ෂතම වෙඩික්කරුවා තමා බව ලොවට පෙන්වමින් කැරොලි තමන් සතු එකම අතින් වෙඩිතබමින් ඔලිම්පික් රන් පදක්කම ජයගන්නවා.
මොහොතක් සිතන්න අපි කියෙන් කිදෙනෙක්ටද කැරොලි මුහුණ දුන්න තරම් භාධක වලට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ? මතකද ඔබේ ජිවිතේ අන්තිමේට අතහැරලා දාපු හීනෙ? ඒ හීනෙ අතහැරලා දාපු හේතුව? ඔබට ඒක මතකනම් ඔබ තෙරුම්ගනියි අපි ජිවිතයේ බොහෝ සිහින අතහැර දමන්නේ ඉතා සුළු සුළු හේතු නිසා නේද කියලා. තමන් වෙඩි තියන අත අහිමි වෙලාත් කෙනෙක්ට ලෝකයේ දක්ෂම වෙඩික්කරු වෙන්න පුළුවන් වුනානම් මේ ලිපිය කියවන ඔබට ඔබේ හින වලට යන්න තියෙන පාර අහුරන හේතුව තව දුරටත් සාධාරණිය කරණය කරන්න පුලුවන්ද? ඔබ තව දුරටත් හේතු කියමින් ඔබේ සිහින දකින ජීවිතයට යන ගමන පමා කරගන්නවද? දැන්වත් හිතට ගන්න අපි අලුතින් පටන්ගමු.

Last edited: