වමද දකුණද?

manoj1

Member
Sep 8, 2006
736
76
0
Maharagama
පහල පිංතූරේ සිටිනා කාන්තාව කැර කැවෙන්නේ වාමාවර්තවද?
දක්ෂිණාවර්තවද?

වාමාවර්තව නම් බොහෝ විට ඔබ ඔබේ වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
දක්ෂිණාවර්ත නම් බොහෝ විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.


ලොව සිටිනා බහුතරය මැය වාමාවර්ථව කැරකැවෙන බව දකිති.
ඔබ බලෙන්ම් උත්සාහ කලද එය මොහොතකින් වෙනස් වනු දැකිය හැකිය.
මීට හේතුව ඔබේ සිත බොහෝ අවධානයෙන් මෙය විමසන බැවිනි.

untitlsis.jpg



image0012.gif


මෙන්න ජිල්මාට් එක - වමද දකුණද

දැක්කද ජිල්මාට් එක.
මේක ටිකක් තාර්කික වැඩක්. හැමෝටම තේරෙන එකක් නෑ.
කමක් නෑ. බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා.
බැරිනම් ඒක අල්ලලා දාලා කලින් ලිපියට ගිහින් වමද දකුණද කියලා බලලා සතුටු වෙන්න.

මෙන්න මේකෙන් පුළුවන් ඔය කැරකෙන සප්‍රාණික පින්තූර(animated images) හැදිලා තියෙන්න මොනවා එකතු වෙලාද කියලා ඇතුල බලන්න.
http://www.evanolds.com/dl/GIFFrame.exe
පුංචි උනත් වැඩකාරයා...

අපේ අර පින්තූරය හැදිලා තිබුනේ පින්තූර 34 කින්.
මේ තියෙන්නේ ඒ පිංතූර 34 පිළිවෙලින්. (අපි ඒක 0 සිට 33 දක්වා කියලා නම් කරමු.)

nsn.jpg


10ese.jpg


16wlw.jpg


17qwq.jpg


22.jpg


24.jpg


28.jpg


32.jpg



මේක ලෙහා ගන්න මෙන්න මේ විදියට කොටස් කරන්න පුළුවන්.

0 සිට 9 දක්වා පිංතූර ටික
10 සිට 15 දක්වා පිංතූර ටික
16 පිංතූරය
17 සිට 22 දක්වා පිංතූර ටික
23 පිංතූරය
24 සිට 27 දක්වා පිංතූර ටික
28 සිට 31 දක්වා පිංතූර ටික
32 පිංතූරය
33 පිංතූරය


හරි අපි දැන් බලමු කොහොමද ජිල්මාට් එක සිද්ධ වෙන්නේ කියලා


හිතාගන්න පුළුවන්ද කොහොමද මේක වෙන්නේ කියලා.
පොඩ්ඩක් පරිස්සමින් බලන්න දික් කරගෙන ඉන්න කකුලෙ හෙවනැල්ල දිහා...


හරි අපි පටන් ගනිමු අංක 10 ඉඳලා 15 දක්වා. ඔයාලට පේනවද දික් කරගෙන ඉන්න කකුලේ හෙවනැල්ල පටන් ගන්නවා.
මේ වෙලාවේ හෙවනැල්ල මෙහෙම වැටෙන්න ආලෝකය ඇයගේ පිටුපසින් හා ඇයගේ හිසට ආසන්නයෙන් ආ යුතුය.
හරි ඒක දැන් පැහැදිලියි නේද?

16 වැනි පිංතූරයේදී හරියටම ආලෝකය ඇගේ පිටු පසින් එන්නේ. ඒකයි හෙවනැල්ල හරියටම එක මත වැටෙන්නේ.
මෙන්න මේ අවස්ථාවේදී යම් කෙනෙකුට හිතන්න පුළුවන් මේ හෙවනැල්ල තියෙන්නේ පිටු පසට කියලාත්.
ඒ කියන්නේ ආලෝකය ඉස්සරහින් ආවහම වෙන දේ අනුව.

17 ඉඳලා 22 දක්වා පිංතූර ටිකත් දැන් පැහැදිළි ඇති ඔබට. ඒක 10 ඉඳලා 15 දක්වා පින්තූර වගේම අනිත් පැත්තට යන්න ගන්නවා.
වෙනස එච්චරයි.

23 පිංතූරයේදී ඇගේ කකුලේ හෙවනැල්ල උපරිම දිගක් ගන්නවා.
මෙන්න මෙතන ඉඳලා හොඳ පරිස්සමින් බලන්න ඕනෑ.
ඊළඟට තමා ජිල්මාට් එක සිද්ධ වෙන්නේ...

24 ඉඳලා 27 දක්වා පිංතූර ටිකේදී අර හෙවනැල්ල ටික ටික අඩු වෙනවා.
නමුත් හොඳට බලන්න ඒක වෙන්නේ කොහොමද කියලා.
ඔබ වඩාත් ඕනෑකමින් බැලුවොත් දැන් මෙය ඉන්නේ කකුල ඉස්සරහට දාගෙන කැරකෙන්නේ වාමාවර්ථව.

මෙපමණ වෙලාවක් දක්ෂිණාවර්ථව කැරකුනා. දැන් වාමාවර්ථව කැරකෙනවා.


28 ඉඳලා 31 දක්වා පිංතූර වල හෙවනැල්ල නෑ.
මේ වෙලාවට මෙයා කැරකැවෙන්නේ වාමාවර්ථව.

32 පින්තූරේදී ආයෙත් සමපාත වෙනවා.

33 පින්තූරෙදී එයා ඉන්නේ දක්ෂිනාවර්ථ කෝණයක.

0 ඉඳලා 9 දක්වා පිංතූර ටිකේදී ඉන්නේ දක්ෂිණාවර්ථ කෝණයක.


ඉතින් දැන් පැහැදිලිද අපි දකින දේ නෙමෙයි තියෙන්නේ කියන එක ගැන???



මං හිතනවා අඩුම තරමේ මේ පිංතූරේ හැදිලා තියෙන්න පින්තූර 34කින් කියන එකවත් තේරුන අය ඇතිනේ.
ඒක හින්දා මට සතුටුයි.
අනික මේක ටිකක් තාර්කික වැඩක්. හැමෝටම තේරෙන එකක් නෑ. මම ආයෙත් කියනවා.
තව එකක්. ඔය කැරකෙන පිංතූර පලන්න පුළුවන් කියලායි ඒක පලන්න ඕනේ යෙදුමකුයි අපි ඉගෙන ගත්තනේ.
ඒ ටිකම මදෑ නේද?


හරි...
දැන් නිකන් මටත් පිස්සු වගේ. ආයෙත් අර ලිපියට ගිහින් බලන්න ඔනේ දෙපැත්තටම කැර කෙනවද කියලා...

මම මේක BLOG එකකින් ගත්තු එකක් හොදේ..... මෙන්න ඒ BLOG LINK එක http://bingunada.blogspot.com/search/label/දැනුම පොතට

:yes::yes::yes:

හොදනම් Comment එකක් දාලායන්න හොදේ....... :yes::yes::yes: