අනේ පලයවු බං යන්න. කොට කොට යන වෙලාවට ඉස්සර කරනවා. බලපල්ලා කිව්ව කට. මේ ඊයේ පෙරේදත් පොන්නයෝ දෙතුන් දෙනෙක් මැරෙනවා කෙලගෙන වමෙන් ඕවර්ටේක් කරන්න ගිහින් බලන්නේ නැතිව. යකෝ අපිත් බයික් එලවනවා, වාහන එළවනවා. කොච්චර හදිස්සිය තිබ්බත් වමෙන් දාලා නිකන් හික්මීමක් නැති එවුන් වගේ එළවන්නේ නෑ. ලංකාව/ඉන්දියාව වගේ රටවල්වල තමා හික්මීමක් නැති බිජ්ජේ ඩ්‍රයිවර්ලා ඉන්නේ. කොච්චර බැලුවත් හෝන් එක උඩ නැගගෙන. තප්පරේ දෙක පරක්කු වෙච්ච ගමන් අරහෙන් මෙහෙන් රිංඟන්න ගිහින් හත්පලේ ගාගෙන එතන ඉන්න හැම එකාටම පරක්කු කරවනවා. හොඳට වේගෙන් යන වෙලාවටත් මුන් වමෙන් දාගෙන යනවා. හැබැයි ඔය වමෙන් යන්න හේතු සාධක කියාගෙන යන එවුන් ගිහින් හප්පගෙන බලපන් වැරද්ද කාගෙ පිටද වැටෙන්නේ කියලා. මැරුණත් එච්චරම තමා පුතේ. දැනගෙන එලවපල්ලා ඒ නිසා. සාමාන්‍යයන් වාහනේ යද්දි වමේ සයිඩ් කණ්නාඩිය බැලවෙනවා අඩුයි. මොකෙක් හරි ගිණිපුක් කාරයෙක් ඇවිත් හැමිණෙනකන් දන්නේ නෑ අන්තිමට.






