ගොඩක් අය දාල තියෙන්නේ වයසට ගියාම කරන දේවල් කියල.
ඊත් ඒවා කරන්න පුළුවන් සීමාවක් තියෙනවා.
මේ ත්‍රඩ් එකේ කියල තියෙන ගොඩක් දේවල් සෙට් වෙන්නේ 60-65 වෙනකන් එකත් ඇඟේ හයිය කන්ටක්ට්ස් මත තමන්ට කරන්න පුළුවන් දේවල් මත,
දැන් ම තියා ගොඩක් තරුණ එවුන්ටත් ලෙඩ රෝග .
ඉතින් 50-65 වෙද්දී කොහොම ඉඳීද කියල කියන්න පුලුවන්ද ?
ඇසට් මේන්ටේන් කරන්න තියා බැංකු පොතට එන පොලියෙන් බඩු ටිකක් ගේන්න යන්නත් කට්ටක් කන්න වේවි,
(ඔන්න ෆිල්ම් වල වගේ රොබෝ කෙනෙක් 24*7 වැඩට ඒ වෙද්දී ඉන්නවනම් වෙනම කතාවක් )
කොච්චර තර්ක කලත් හොඳ ගුණ දර්ම එක්ක හදපු ළමයෙක් ගේ වටිනාකම තේරෙන්න ඒ වයසට යන්නම ඕනි,
සල්ලි පුච්චන්න තිබ්බත් ඒවාට ගන්න බැරි දෙයක් තමා විශ්වාසය.
"විශ්වාසා පරමා ඥාති " කියන්නේ නිකම් නෙමෙයි,
ලමෙක්ට වදයක් වෙන්න ඉන්න ඕනේ නෑ. නමුත් දෙමව්පියෙක්ට ආදරයක් තියෙන හරිහමන් ලමෙක් නිතරම හොයා බලනවා එතකොට දුරින් හිටියත්. වයසට යනකොට තමන්ගේ life partner නැති වුනාම එහෙම තියෙන දුක තනිකම නැති වෙන්නේ ළමෙක් ගාව ඉද්දි. එකත් කලින් කිව්වා වගේ හරිහමන් ගුණයක් තියෙන දරුවෙක් ගාව ඉද්දි. නැත්නම් අපායක් වෙන්නත් පුළුවන් ,.
මට පෙන හැටියට වයසට යනකොට මැරෙනකන් හිතේ නිදහසකින් ඉන්න ක්‍රම කීපයයි තියෙන්නේ.
1. තමන්ට ආදරේ තමන් ගැන බලන දරුවෙක් ගාව
2. තමන් අදහන ආගම අනුව ඒ පැත්තෙන් ගිහින් ,
උදා : මහණ වෙන එක බෞද්ද කෙනෙක් නම්.(මේ වැඩේ නිකම් කරන්නන් වාලේ කරලා වැඩක් නෑ.)
කතෝලික පියතුමෙක් වෙන්නත් පුළුවන් හැබැයි ගොඩක් වයසට ගිහින් ඒක පුලුවන්ද දන්නේ නැ.
3. මහළු නිවාසෙකට යන එක. ගොඩක් අයගේ go-to option එක. හොඳ තැනක් හොඳ මිනිස්සු ටිකක් හම්බුනොත් හොඳයි නැත්තන් එතනත් අපායක් තමයි,
4. උඩින් ම කිව්වා වගේ private අසිස්ටන්ට් කෙනෙක් තියන් ඉඳීම. මනුස්සයන්ට වඩා රොබෝ තාක්ෂණය දියුණු වුනොත් එහෙම එකෙක්ව අරන් තියා ගන්න එක sure. මිනිස්සු හරිම unpredictable.
මම කවදාහරි තෝරාගන්නේ අන්තිම ඔප්ෂන් 2 (No 3 & 4 ) . හැකියාවක් තිබුනොත් 2 වැනි ඔප්ෂන් එකට යනවා.
මන් මේ ටික කිව්වේ පහුගිය කාලේ (ඇත්තටම මේ ගෙවිල ඉවරව්වෙච්ච්ච 2023 අවුරුද්දේදී ) මට අපේ ගෙදර අයට අහන්න දකින්න විඳින්න සිද්ද වෙච්ච සිදුවීම් එක්ක බලලා ,
වයසට යන එක ගැන
@Emios ගේ මතේට මන් එකහෙලාම එකඟ වෙනවා ,
"කාටවත් කරදරයක් නැතිව 60-65 අතරේ ඇඟට යන්තම් හරි වාරු තියෙන කොට මේ ජීවිතෙන් චුත වෙන එක ලොකු දුකක් විදින්නේ නැතිව "