වයස්ගතම සුනඛයා ඔස්ට්‍රේලියාවේදී මියයයි
ලෝකයේ ජීවත්වූ වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන මැගී යන සුරතල් නාමයෙන් හැඳින්වුනු කෙල්පී වර්ගයේ සුනඛයා පසුගිය ඉරිදා මියගිය බව වාර්තාවෙනවා. වසර 30ක් ජීවත්වූ මැගීගේ ආයුකාලය මිනිස් වසර වලින් නම් වසර 133ක් පමණ.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි ගොවියෙකු වූ බ්‍රයන් මැක්ලරෙන් සතුව සිටි මැගී දින මිය යාමට දින කිහිපයක් ආසන්න වන තෙක්ම ඉතා නිරෝගීව සිටි බව මැක්ලරෙන් වික්ටෝරියාහි පුවත්පතකට පවසා තිබෙනවා.
දැනට ලොව වයස්ගතම සුනඛයා ලෙස වාර්තාව සතුකරගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ ගොපලු සුනඛයෙකු වූ බ්ලුවී නම් සුනඛයා විසින්. ඇය 1939දී මිය යනවිට අවුරුදු 29ක් වයස්ගත වූවා.
මැගීගේ වයස තහවුරු කරගත හැකි ලියකියවිලි ඇයගේ අයිතිකරු වූ බ්‍රයන් මැක්ලරන් අතින් අස්ථානගතවී ඇති නිසා ඇයට වයස්ගතම සුනඛයා වීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නට බැරි වෙනවා. කෙසේවෙතත් බ්‍රයන් පවසන ආකාරයට, මැගී ඉපදෙන විට සිය පුතුගේ වයස අවුරුදු 4ක් බවත්, දැන් සිය පුතු 34 වියේ පසුවන නිසා මැගීගේ වයස සත්‍යයෙන්ම අවුරුදු 30ක් බවයි.