වයස අවුරුදු දහසයත්-විස්සත් අතර වයස් සීමාවේ දරුවන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා කළ හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය සූදානම් වනවා. කම්කරු ඇමැති මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ රැකියා කිරීමේ පරිසරයකට ළමයින් හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්රයේ ගැටලු රැසක් මතුව ඇති බවයි.
මෙම වයස් සීමාවේ දරුවන්ට මසකට පැය විස්සක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කළ හැකිය. එම සේවා කාලය සඳහා ගෙවීම් සිදු කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබා දීමටද නියමිතයි. එම කාලයේ ස්ථිර රැකියා අවස්ථා ලබා නොදිය යුතු අතර විධිමත් පුහුණුවක් ලබා දීම ද අනිවාර්යය වනවා. නව නීති සංශෝධනයට අනුව රැකියා කිරීමේ අවස්ථාව පාසල් සිසුන්ටත් හිමි වනු ඇති.
එහෙත් අනතුරුදායක රැකියා අවස්ථා හැත්තෑ දෙකක් තිබෙන අතර ඒවායේ රැකියා කිරීමට ඉඩ ලබා නොදෙන බව ද අමාත්‍යාංශය පවසනවා. තවද අර්ධ කාලීන රැකියා කිරීමේ දී ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගෙවීමේදී ප්‍රශ්නයක් මතු වන බැවින් ඒ සඳහා ද නීති සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ආයෝජන හිතකර ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමද මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.