වයස 16-20 අතර දරුවන්ට රැකියා කිරීමට නීති සංශෝධනයට යෝජනාවක්

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    වයස අවුරුදු දහසයත්-විස්සත් අතර වයස් සීමාවේ දරුවන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා කළ හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය සූදානම් වනවා. කම්කරු ඇමැති මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ රැකියා කිරීමේ පරිසරයකට ළමයින් හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව ඇති බවයි.
    මෙම වයස් සීමාවේ දරුවන්ට මසකට පැය විස්සක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කළ හැකිය. එම සේවා කාලය සඳහා ගෙවීම් සිදු කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබා දීමටද නියමිතයි. එම කාලයේ ස්ථිර රැකියා අවස්ථා ලබා නොදිය යුතු අතර විධිමත් පුහුණුවක් ලබා දීම ද අනිවාර්යය වනවා. නව නීති සංශෝධනයට අනුව රැකියා කිරීමේ අවස්ථාව පාසල් සිසුන්ටත් හිමි වනු ඇති.
    එහෙත් අනතුරුදායක රැකියා අවස්ථා හැත්තෑ දෙකක් තිබෙන අතර ඒවායේ රැකියා කිරීමට ඉඩ ලබා නොදෙන බව ද අමාත්‍යාංශය පවසනවා. තවද අර්ධ කාලීන රැකියා කිරීමේ දී ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගෙවීමේදී ප්‍රශ්නයක් මතු වන බැවින් ඒ සඳහා ද නීති සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ආයෝජන හිතකර ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමද මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    හැමෝම ඉගන ගන්න ගත්තම තමා පොල් කඩන්න වත් එකෙක් නැතිව යන්නේ - බණ්ඩා
     
    • Like
    • Love
    Reactions: akildila and nygel

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    හිඟන ජෙප්පො දැන් රෙද්ද උස්සගෙන කෑගහයි. උන් හිතන්නේ ඉස්කෝලෙන් දවල් කෑම දෙනවා කියලා. හොඳ තීරණයක් මන්ද පෝශණයට පිළියමක්.
     
    • Like
    Reactions: 2osama and akildila

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Good move...oya gaman ma main eduation eka 15yrs walata adu kala nam hari
    උසස් පෙළ අවුරුදු 3ක් කරන්න ඕනේ, ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් පස්සේ කෙලින්ම පිටර විශ්ව විද්‍යාල වලට ශිෂ්‍යත්ව ගන්න පුලුවන් වෙන්න. ජෙප්පොත් එක්ක ඉඳලා රජයේ සේවකයො හොරු වෙනවා.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    gewal walata wela coding liyana podi kollonta hodai dan, parttime hari job experience eka ganna tiyena ekama loku deyakne.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔතන අමුතුවෙන් කරන්න තියෙන්නේ EPF සම්බන්ධ නීති වෙනස් කරන එක විතරයි. ඉතුරු ටික දැනටම අවුලක් නෑ.

    දුප්පත් එකා ඉගන ගන්නේ නැතුව රස්සාවකට තල්ලු වෙන එක නවත්තන්න ක්‍රමයකුත් ඔය ගමන්ම හදන්න වෙනවා.