වයස 90ක අම්මා අඩි 2,000ක් උස කඳු මුඳුනක
ගම්පොළ - මාධව බණ්ඩාර
ගම්පොළ පුපුරැස්ස රජතලාව ප්රදේශයේ පදිංචි අවුරුදු 90ක් පමණ වයසක සය දරු මවක් දින දෙකක් පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්ස ගලේකන්ද නමැති අඩි 2,000ක් පමණ උස කඳු මුදුනක සිටියදී සොයාගෙන ඇත.
පඳුරු සහිත ගන කැලයක ගල් කුළු හා කටු පඳුරු මතින් ගොස් මෙතරම් උස කඳු මුදුනකට මේ වයසක මව කෙසේ ගියේ දැයි ගම්වාසීහු විමතියට පත්ව සිටිති.
මේ මවගේ දූ දරුවන් පස් දෙනකු විවාපත්ව රජතලාව ප්රදේශයේම පදිංචිව සිටින අතර කල්පනා ශක්තිය අඩු සිය බාලපුතු සමඟ මේ මව නිවෙසේ සිට ඇත.
දැනට දින දෙකකට පෙර මව නිවෙසින් අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් හා දරුවන් එක්ව ප්රදේශයේ ඇළ, ෙදාළ, ගංගා, නිවෙස් ආදී සියලු ස්ථානවල සොයා ඇත.
තරුණයන් පිරිසක් මේ කඳු ප්රදේශය අවටද විපරම් කළත් ඇය සොයා ගැනීමට නොහැකිව ඇත.
ඒත් තරුණයන් පිරිසක් කඳු මුදුනට යමු යැයි කතා වුණද එතරම් උස කන්දකට කොහොම යන්නද යන කතිකාව ඇති විය. එහෙත් අවසානයේ තරුණයන් කණ්ඩායමක් කඳු මුදුන නැඟීමට තීරණය කොට පරීක්ෂාවෙන් ගමන් කිරීමේදී අතරමඟ ඇඳ ඇතිරිල්ලක් තිබී හමුවීම නිසා ඔවුන් කඳු මුදුනට නැඟ ඇත.
එවිට ඇය කඳුමුදුනේ ගලක් මත වාඩි වී සිටින අයුරු දැක මොවුන් පුදුමයට පත්ව ඉතා අපහසුවෙන් ඇය ඔසවාගෙන පහළට පැමිණ ඇත.
රාත්රි දෙකක් පුරා කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව මේ මව කඳු මුදුනේ ගන කැලෑවේ සිට ඇත.
මේ මව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.
මව සොයන මෙහෙයුම සඳහා පුපුරැස්ස පොලිසියේ ස්ථානාධිපති පො.ප. මනෝ රංජන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන්ද සහභාගි වී තිබිණි.