වයිබර්_තහනම අවසන්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වයිබර්_තහනම අවසන්

    වයිබර් තහනම අවසන්

    Viber සමාජ ජාලයට පිවිසීමට තාවකාලිකව පනවා තිබු සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

    එම තහනම ඉවත්කිරීමට අදාළ නිර්දේශ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා ඇති බව සඳහන්.

    මේ අතර ෆේස්බුක් ඇතුළු අනෙකු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා සමාජ මාධ්‍යජාල අවහිර කළ බව ආණ්ඩුව පවසා තිබිණි.

    ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ පණිවිඩ මෘදුකාංග මත පැය 72ක තහනම පනවා අදට (13) දින 8කි.



    නෙත් නිව්ස්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්බ්ලොක් කරපු නිසා ගූ ඇන් පියට දෙමු ලබන පාරත්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    maru tag :rolleyes:
    Viber එක හැදුවෙත් රනිල් වගේ ටෝක් දෙයි.


    මෙච්චර කාලයක් මහින්ද Facebook, Twitter, Viber Block කරා. මුන්ගේ ආණ්ඩුවෙන් තමයි අපිට නිදහස ලබා දුනේ :love:



    මාද්‍ය නිදහස, තොරතුරු ලබාගැනීමේ අයිතිය අපිට දීපු එකම ආණ්ඩුව මේක :love:



    මෙච්චර කාලයක් අපි හිටියේ අඳුරේ :(



    budget එකටත් ඔය කතාවම තමයි :rolleyes:
     
    Last edited:

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    maru tag :rolleyes:
    Viber එක හැදුවෙත් රනිල් වගේ ටෝක් දෙයි.


    මෙච්චර කාලයක් මහින්ද Facebook, Twitter, Viber Block කරා. මුන්ගේ ආණ්ඩුවෙන් තමයි අපිට නිදහස ලබා දුනේ :love:



    මාද්‍ය නිදහස, තොරතුරු ලබාගැනීමේ අයිතිය අපිට දීපු එකම ආණ්ඩුව මේක :love:



    මෙච්චර කාලයක් අපි හිටියේ අඳුරේ :(



    budget එකටත් ඔය කතාවම තමයි :rolleyes:

    :yes: