වරද කාගෙද.....

  • Jul 4, 2009
    7,259
    462
    83
    දිනය : 2010.05.05

    ස්ථානය : මතුගම කොළඹ බස් රථයක්

    බස් රථයට අතරමගින් අත දරුවෙකුද වඩා ගෙන මවක් ගොඩවූවාය. ඈ අත හුන් දරුවා මද සිනහවක්ද මුවේ රඳවා ගෙන තද නින්දට වැටී සිටියේය. බසයේ හුන් හැමෝගේම නෙත් මේ හුරතල දරු පැටවා වෙත යොමුවී තිබුනෙය. එහෙත් මවගේ නෙතඟ රැදී තිබුනේ කඳුළු කැටය. ඇගේ කතාව ඈ පැවසූ පරිදි මෙසේ සඳහන් කරන්නම්.......

    " මගේ ගම ( ඇය හැටන් ප්‍රදේශයේ ගමක් සඳහන් කරයි ) මම බැඳල ඉන්නෙ මෙහෙට. මහත්තයා වැඩ කරන්නෙ හමුදාවෙ. එයා තමා පවුලෙ එකම දරුවා. එයා මට ගොඩක් ආදරෙයි. ඒත් එයාගෙ අම්මට මාව පෙන්නන්න බෑ. මහත්තය ඉන්න තැන මොකුත් කියන්න නෑ. ඒත් මහත්තය නැති වෙලාවට මාව පට්ට ගහනවා. මහත්තයටත් කරන්න දෙයක් නෑ. එයා වෙනම පදිංචියට යන්න කැමතිත් නෑ. අම්ම තනිවෙනව කියල. මම බැරිම තැන තමයි බබාවත් අරන් ගෙදර යන්නෙ. මට පුළුවන්නම් කොළඹ බහින්න ඕන කොතනින්ද කියනවද ? " ඇය පැවසුවේ හැඬු කඳුලිනි.

    ඇගේ මෙම තීරණය එක් අතකින් බලන කල කිසිසේත්ම අනුමත කල නොහැක්කකි. යන එන මග හසර හරි හැටි නොදැන ඇය බැස ඇත්තේ සමාජ සුරක්ෂිතතාව 100% ක්ව ඇති සමාජයකට නොව. ඇයට අනුකම්පා කරන්නන් ඕන තරම් සිටිය හැක. එහෙත් ඒ අනුකම්පාව භූමිකම්පාවක් බවට පත් නොවනු ඇතැයි අපට සිතිය නොහැක. එහෙත් තවත් පසෙලින් බලන කල ඇයගේ තීරණය හරි යයි පැවසීමටද අපට පුලුවන. දරුවකු අළුත උපන් පසු කාන්තාවක තුල විශාල මානසික පරිවර්තනයක් සිදුවේ. ඇතැන් මව්වරුන් මෙම තත්වය උඩ සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹුන අවස්ථා අපට සමාජයෙන් අසන්නට දකින්නට ලැබේ. එසේනම් මෙවන් තත්වයක් තුල නිවැසියනේ වගකීම යුතුකම වන්නේ ඇයට මානසික ශක්තියක් වීම නොවේද ? එහෙත් මෙම මවට එවන් සහනයක් ලැබුනාද යන්න සැක සහිතය.

    නැන්දම්මා ඇය හා නිතර රණ්ඩු සරුවල් කරන්නේ දෑවැද්ද පිලිබඳ විමසමින් බව ඇය පැවසීය. තමාට සිටින්නේත් එකම දරුවා නම් ඉන්න හිටින්න ගෙයක් දොරක් තිබේනම් කවදා හෝ එහි උරුමයත් තම පුතාටම නම් මේ නැද්දම්මා තම ලේලියගෙන් තවත් දෑවැද්දක් බලාපොරොත්තු වන්නේ කුමකටද ? අනෙක් කරුණ නම් මවක් තුල වයසින් මුහුකුරා යත්ම මවුවත් ගුණයද වැඩිවිය යුතු නොවේද ? මා දන්නා එක්තරා ආච්චි කෙනෙකු සිටී. මුලු ගමම ඒ ආච්චිට ආදරේ කරති. ඈට මුලු ගමේම දරුවන් ඇගේම දරුවන් මෙනි. ගමේ ඕනෑම කෙනෙකු ඇගේ නිවස අසලින් යන විට ඈ හා වචනයක් හෝ දොඩමලු වී යන්නේ ඇය ඒ තරමටම ගමේ ආදරය දිනා ගෙන ඇති බැවිනි. එහෙත් මේ නැන්දම්මා තම ලේලියගේ ගෞරවාදරයට පාත්‍ර වූවා යැයි අපට සිතිය නොහැකිය.

    සමහර විට මේ නැන්දම්මාත් ලේලියක වී සිටි කාලයේ තම නැන්දම්මාගේ උදහසට ලක්වූ අයෙකු විය හැක. එසේනම් ඇය එවන් තත්වයක් තුල තමා කොතරම් මානසික පීඩාවට ලක්වූවාද යන්න, නැන්දම්මා යන චරිතයට තමන් කොතරම් ද්වේෂ කරාද යන්න හොඳ හැටි දන්නවා ඇත. එසේනම් ඇය නැන්දම්මා කෙනෙකු වූ කල තම ලේලියත් එවන් මානසික පීඩනයකට ලක් කල යුතුද ? තම ලේලියගේ ද්වේෂයට පාත්‍ර විය යුතුද ? තම එකම පුතණුවන්ගේ පවුල් ජීවිතය විනාශ කල යුතුද ?

    මේ වෙනස් වීමට කාලයයි. නැන්දම්මා ලේලි අර්බුදය අතීතයේ සිටම මේ සමාජයේ දක්නට ලැබෙන්නකි. එහෙත් එය සම්ප්‍රදායක් ලෙස සැලකිය නොහැක. මක් නිසාද තම දූවරුන්ට වඩා තම ලේලියට ආදරේ කරන මවුවරුන් මේ සමාජයේ දක්නට ලැබෙන නිසාය. සැබැවින්ම සිදුවිය යුත්තේ එය නොවේද ? අම්මා කෙනෙකු ලෙස ජීවිතයේ අවසාන කාලය තුල ඇය සිදුකල යුත්තේ ලේලියගේ ගෞරවාදරයට පාත්‍ර වී තමන් අදහන ආගම දහම අනුව පරලොවට වැඩක් කර ගැනීම නොවෙද ? සම්ප්‍රදායට අප ගරු කල යුතුය. එහෙත් සම්ප්‍රදාය හානියක් නොවන පරිදි නව ලොවට ගැලපෙන පරිදි වෙනස් කල යුතුය.

    මේ ප්‍රශ්නයේදී තවත් පුදුම සහගත කරුණක් ඇත. ගැහැණියක විසින් තලා පෙලා පීඩාවට පත් කරන්නේ තවත් ගැහැණියකි. අම්මා කෙනෙකු විසින් පීඩාවට පත් කරණු ලබන්නේ තවත් අම්මා කෙනෙකි. ගැහැණියකට තවත් ගැහැණියක , මවකට තවත් මවකගේ දුක නොදැනීම පුදුමයකි. සැමියා බිරිඳ , නැන්දම්මා ලේලිය මේ අර්බුද වල අවසානය බොහෝ විට කෙලවර වන්නේ පවුලක් දෙකඩ වීමෙනි. අවසානයේ දුක් විඳින්නේ , මව් සෙනෙහස නැතහොත් පිය සෙනෙහස අහිමි වන්නේ මේ ලෝකයේ අනාගතය භාර ගැනිමට සිටින හය හතර නොදන්නා කිරි සප්පයන්ගේ නොවේද ?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >>ගැහැණියක විසින් තලා පෙලා පීඩාවට පත් කරන්නේ තවත් ගැහැණියකි

    so what can we do for this?
    These are the problems without answers.
    I hate my mother too.Still I'm unmarried.Sometimes I feel very angry with my mother
    but I controll that feelings because I can't go to that hell, and obey every decisions
    that she takes like a soldier. Because that's my mother.I'm always talking my mothers
    side.and will stay unmarried for not to face this type of problems.

    These problems are problems. Hopefully in my case I only have less problems because
    now I only have to listen to only to my mother.If you married then 2 kinda of troubles
    mother and wife.

    // ----------- These are the problems without any answers -----------//

    currently now I'm ignore and ask everything my mother told me and execute
    everything as she order me as it is. But I will never double my problems.
    I don't get angry whatever my mother told me or do me but think after you
    marry !all married men goes to the hell after die.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    බැඳපු මනුස්සයා පොඩ්ඩක් හොයල බලන්න එපැයිනේ, ඌ අම්මට කිවනම් හරිනේ අම්මේ අපිට දෑවැදි එපා කියලා.....
    මොකද ඕව මැරෙද්දි අරං යනවද???
    සිංහල දෙමල ජාති දෙකේම මේ දෑවැදි cn එක තියනවා....
     
    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    බැඳපු මනුස්සයා පොඩ්ඩක් හොයල බලන්න එපැයිනේ, ඌ අම්මට කිවනම් හරිනේ අම්මේ අපිට දෑවැදි එපා කියලා.....
    මොකද ඕව මැරෙද්දි අරං යනවද???
    සිංහල දෙමල ජාති දෙකේම මේ දෑවැදි cn එක තියනවා....

    :yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බැඳපු මනුස්සයා පොඩ්ඩක් හොයල බලන්න එපැයිනේ, ඌ අම්මට කිවනම් හරිනේ අම්මේ අපිට දෑවැදි එපා කියලා.....
    මොකද ඕව මැරෙද්දි අරං යනවද???
    සිංහල දෙමල ජාති දෙකේම මේ දෑවැදි cn එක තියනවා....
    ජැකාට මල පැනලා වගේ...මේකා මෙහෙම කියලා හොඳ දෑවැද්දක් හොයලා කසාදයක් කර ගනියි..හික්ස්....:P;)

    කතාවටනම් අප්සට්..ඒත් ඉතින් ඔහොම ප්‍රසිද්ධ නැතිව කොච්චර ඒවා වෙනවා ඇතිද?????:(:(
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ජැකාට මල පැනලා වගේ...මේකා මෙහෙම කියලා හොඳ දෑවැද්දක් හොයලා කසාදයක් කර ගනියි..හික්ස්....:P;)

    කතාවටනම් අප්සට්..ඒත් ඉතින් ඔහොම ප්‍රසිද්ධ නැතිව කොච්චර ඒවා වෙනවා ඇතිද?????:(:(

    Oh man I'm going to marry Bill Gate's Daughter and get the microsoft as
    the දෑවැද්දක්. Nothing like a blue screen of death will comming to my married
    life man. Xbox roxx , XNA rocks , .Net rocks but Blue Screen of death sucks.
    So I'd better stay away from her.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දෑවැදි ක්‍රමය මේ සමාජයෙන් නැති කරන්න ඕනි....

    ජැකාට මල පැනලා වගේ...මේකා මෙහෙම කියලා හොඳ දෑවැද්දක් හොයලා කසාදයක් කර ගනියි..හික්ස්....:P;)

    කතාවටනම් අප්සට්..ඒත් ඉතින් ඔහොම ප්‍රසිද්ධ නැතිව කොච්චර ඒවා වෙනවා ඇතිද?????:(:(

    ඒ මිනිස්සු කැමෙත්තෙන් දෙනවනම් ගන්නවා.... :P
    [මාත් එක්ක ඉන්නවට ඒ ගෑනිට මසෙකට බර ගානක් අපෙ ගෙදරින් දෙයි]

    නෑ බං කෙල්ලගේ පැත්තෙන් දෙනවනම් ඔන්න ගත්තට කමක් නෑ , ඒත් දෑවැදි පස්සෙ පන්න පන්න යන එකනම් මහ අමන වැඩක්...
    මොකඩ මිනිහ කසාද බඳින්නේ සල්ලි දේපල නෙමෙයිනේ කෙල්ලවනේ ඉතින් මොකටද මේ දෑවැදි...

    කියල වැඩක් නෑ බං ගොඩක් අය ඕවා වහනවත් ඇති ලැජ්ජ්වට...
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මේ ප්‍රශ්නයේදී තවත් පුදුම සහගත කරුණක් ඇත. ගැහැණියක විසින් තලා පෙලා පීඩාවට පත් කරන්නේ තවත් ගැහැණියකි. අම්මා කෙනෙකු විසින් පීඩාවට පත් කරණු ලබන්නේ තවත් අම්මා කෙනෙකි. ගැහැණියකට තවත් ගැහැණියක , මවකට තවත් මවකගේ දුක නොදැනීම පුදුමයකි. සැමියා බිරිඳ , නැන්දම්මා ලේලිය මේ අර්බුද වල අවසානය බොහෝ විට කෙලවර වන්නේ පවුලක් දෙකඩ වීමෙනි. අවසානයේ දුක් විඳින්නේ , මව් සෙනෙහස නැතහොත් පිය සෙනෙහස අහිමි වන්නේ මේ ලෝකයේ අනාගතය භාර ගැනිමට සිටින හය හතර නොදන්නා කිරි සප්පයන්ගේ නොවේද ?
    :yes::yes:Mewa kata kadenakal qwath wadak wenne na bro....ath hoda nanda ammalath me loke innawa...
     
    :yes::yes: ow eka aththa. hoda nandammalath mama ona tharam dakala tiyenawa... :cool: