මමද පසුගිය චන්දයේදී රැල්ලට රැවටී යහපාලනය ඉදිරියේ කතිරය ගැසූ අයෙක්මි.පවුල් පසුබිමද UNP යට බරය.නමුත් මම සිතන අන්දමට වරද වරදයැයි පිලිගැනීමට මට කශේරුකාවක් ඇත.
225 දෙනාම මෙයට වගකිව යුතුය,එහි තර්ක නොමැත.නමුත් වැදගත්ම දෙය මෙහි සම්පූර්ණ වගකීම රජයට භාරය.එක එකාට ඇගිල්ල දික්කර එය මගහැරීමට නොහැකිය.
මාගේ සහෝදර UNP පාක්ශිකයන්ට අනුව මෙය දැන් ගෝටාභයගේ ප්රහාරයක් වී ඇත.හරි එය එසේනම් එයට වගකිව යුත්තේද අප පත්කල මේ රජයම නොවේද?? රට අපට බාර දුන් අවස්තාවේ සිට රටේ ආරක්ශාව බාර අපේ මේ රජයට නොවේද? ගෝටාබයෙක් කරත් ISIS කරත් එය නොවීමට අප වගබලාගත විය යුතුව නොතිබුනේද??
මේ මොහොතේත් විය යුත්ත සිදු නොකොට ගෝටාභය,මහින්ද ගගා කෑ ගසනා අන්තවාදී පාක්ශිකයන්ගේ හා මරාගෙන මැරෙන අන්තවාදී IsIs කාරයාගේ වෙනසක් මම නොදකිමි.
මේ මොහොතේ දේශපාලනය ගාවගන්නා උන් සහ තම වරද වෙන උන් පිට සුපුරුදු ලෙස දමනා උන් කෙරෙහි මටනම් ඇත්තේ පිලිකුලකි.
අකමැත්තෙන් උවද පිලිගත යුතුය අප පත්කල උන්ට වැඩ බැරිය.අපේ චන්දය සාදාරනය කිරීමට ගොස් අපිද උන් මෙන් නොවිය යුතුය.දැනටමත් මේ සිදු වූ මරන වලට අපිද වගකිවයුතු බව මගේ හර්දසාක්ශියට අනුව මටනම් හැගේ.මටනම් එය මහා පව්කාරී,වරදකාරී හැගීමක් ගෙනදෙන්නකි.
අවසානයේ මෙසේ කියමි.සහෝදරවරුනි තවත් එකිනෙකාට ඇගිල්ල දික්කරමින් වරදපටවමින් සිටින අය සමග තර්ක කිරීමට නොයන්න.නිරපරාදේ ඔබේ කාලය අපතේ නොයවන්නන.
"ඔවුන්ට හා ISIS මරාගෙන මැරෙන උන්ට වැදී ඇති තෙලෙහි වෙනසක් නැත"
මෙම ප්රහාරත් සති දෙකෙන් අමතක නොකරන්න.ඔවුන් යළි අනතුරු අඟවා අැත..






