වරද_පිළිගනිමු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතාම කලකිරීමෙන් මෙසේ ලියමි

    J 77-600x338.jpg

    මමද පසුගිය චන්දයේදී රැල්ලට රැවටී යහපාලනය ඉදිරියේ කතිරය ගැසූ අයෙක්මි.පවුල් පසුබිමද UNP යට බරය.නමුත් මම සිතන අන්දමට වරද වරදයැයි පිලිගැනීමට මට කශේරුකාවක් ඇත.

    225 දෙනාම මෙයට වගකිව යුතුය,එහි තර්ක නොමැත.නමුත් වැදගත්ම දෙය මෙහි සම්පූර්ණ වගකීම රජයට භාරය.එක එකාට ඇගිල්ල දික්කර එය මගහැරීමට නොහැකිය.

    මාගේ සහෝදර UNP පාක්ශිකයන්ට අනුව මෙය දැන් ගෝටාභයගේ ප්‍රහාරයක් වී ඇත.හරි එය එසේනම් එයට වගකිව යුත්තේද අප පත්කල මේ රජයම නොවේද?? රට අපට බාර දුන් අවස්තාවේ සිට රටේ ආරක්ශාව බාර අපේ මේ රජයට නොවේද? ගෝටාබයෙක් කරත් ISIS කරත් එය නොවීමට අප වගබලාගත විය යුතුව නොතිබුනේද??

    මේ මොහොතේත් විය යුත්ත සිදු නොකොට ගෝටාභය,මහින්ද ගගා කෑ ගසනා අන්තවාදී පාක්ශිකයන්ගේ හා මරාගෙන මැරෙන අන්තවාදී IsIs කාරයාගේ වෙනසක් මම නොදකිමි.

    මේ මොහොතේ දේශපාලනය ගාවගන්නා උන් සහ තම වරද වෙන උන් පිට සුපුරුදු ලෙස දමනා උන් කෙරෙහි මටනම් ඇත්තේ පිලිකුලකි.

    අකමැත්තෙන් උවද පිලිගත යුතුය අප පත්කල උන්ට වැඩ බැරිය.අපේ චන්දය සාදාරනය කිරීමට ගොස් අපිද උන් මෙන් නොවිය යුතුය.දැනටමත් මේ සිදු වූ මරන වලට අපිද වගකිවයුතු බව මගේ හර්දසාක්ශියට අනුව මටනම් හැගේ.මටනම් එය මහා පව්කාරී,වරදකාරී හැගීමක් ගෙනදෙන්නකි.

    අවසානයේ මෙසේ කියමි.සහෝදරවරුනි තවත් එකිනෙකාට ඇගිල්ල දික්කරමින් වරදපටවමින් සිටින අය සමග තර්ක කිරීමට නොයන්න.නිරපරාදේ ඔබේ කාලය අපතේ නොයවන්නන.

    "ඔවුන්ට හා ISIS මරාගෙන මැරෙන උන්ට වැදී ඇති තෙලෙහි වෙනසක් නැත"

    මෙම ප්‍රහාරත් සති දෙකෙන් අමතක නොකරන්න.ඔවුන් යළි අනතුරු අඟවා අැත..

    IS 1-800x450.jpg
    IS 2-800x450.jpg

    Source
     
    pallewatte

    Member
    Jan 11, 2019
    41
    3
    0
    මචන්, ඔය එකෙක්ගේ අත් කැඩිලා ඇහ කනවෙලා තියෙන්නේ සිරියාවේ ගිහින් රුසියාවෙන් කාලා. ඔය හැතිකරේ ආපහු ලංකාවට එනකොට ආපු ප්ලේන් එකෙන්ම සිරියාවට යවන්න තිබුනා.
    මෙතන ආන්ඩුවට බනින්න බෑ.මොකද රටේ ආරක්ෂාව ආන්ඩුවට දුන්නේ නෑ.ඒක නිතිවිරෝදීව සිරා තියා ගත්තා.සිරාට මේවට බලයෙන් විසික් උන දවසක උත්තර දෙන්න වෙනවා එක එක කොමිෂම් වෙලට ගිහින්.අනිත් එක බලපන් ආරක්ෂක ලේකම් වැදගත්ම තනතුර ඒක මරාගේ හේමසිරි.පොලිස්පති ආරක්ෂක මන්ඩලයේ නෑලු.ආරක්ෂක මන්ඩලයේ ඉඳලා තියෙන්නේ බුකීපාල සහ එස්.බී,හේමසිරි. ආරක්ෂාවක් භාරව නැති ආරක්ෂාව සඳහා කිසිම බලතල නැති ආන්ඩුවක් රටේ ආරක්ෂාව ගැන වග කියන්නේ කොහොමද? රනිල් මේක කීපාරක් ඉල්ලුවද .පොර දුන්නේ නෑ.දැනුත් දෙන්නේ නෑ. මේකෙන් සිරිසේනම පාඩමක් ඉගෙන ගත්තා.මට හිතෙන හැටියට මරා යටින් රටේ ආරක්ෂාව අඩාල කරලා තියෙනවා.තහුම් ජමාල් කාරයො ගෝට පටන් ගත්ත අයනේ බන්.
     
    pallewatte

    Member
    Jan 11, 2019
    41
    3
    0
    මට පේන්නේ පල්ලියක් දෙකක් නෙවෙයි පන්සල් ටික කුඩු පට්ටම් කරලා හරි බලය ගන්න දකුනේ බලලෝභී දේශපාලනඥයෙක්ට ඕනවෙලා තියෙනවා.මොකාද කියලා මම කියන්නේ නෑ.
     
    pallewatte

    Member
    Jan 11, 2019
    41
    3
    0
    අකවුන්ට් එක හැක් කරලා ෂුවර් එකටම :baffled:

    නෑ බන්.සඳුන් බුවා ක‍තෝලික බුවෙක් වෙන්න ඇති.ඒක නිසා වේදනාවක් ඇති.පල්ලියක් කුඩු කරා කියලා මහ ලොකු හානියක් වෙන්නේ නෑ බන් ආගමකට.අපි දලදා මාලිගාව කුඩු කරපු වෙලාවෙත් පඩේකට ගනන් ගත්තේ නෑ. උඹ මේ පල්ලියකට අඩනවා.ඒ හිටපු ආන්ඩුව අස් උනෙත් නෑ.වගකීම බාර ගත්තෙත් නෑ.ත්‍රස්තවාදීන් කරන වැඩ වලට අපි වග කියන්න ඕන නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    මචන්, ඔය එකෙක්ගේ අත් කැඩිලා ඇහ කනවෙලා තියෙන්නේ සිරියාවේ ගිහින් රුසියාවෙන් කාලා. ඔය හැතිකරේ ආපහු ලංකාවට එනකොට ආපු ප්ලේන් එකෙන්ම සිරියාවට යවන්න තිබුනා.
    මෙතන ආන්ඩුවට බනින්න බෑ.මොකද රටේ ආරක්ෂාව ආන්ඩුවට දුන්නේ නෑ.ඒක නිතිවිරෝදීව සිරා තියා ගත්තා.සිරාට මේවට බලයෙන් විසික් උන දවසක උත්තර දෙන්න වෙනවා එක එක කොමිෂම් වෙලට ගිහින්.අනිත් එක බලපන් ආරක්ෂක ලේකම් වැදගත්ම තනතුර ඒක මරාගේ හේමසිරි.පොලිස්පති ආරක්ෂක මන්ඩලයේ නෑලු.ආරක්ෂක මන්ඩලයේ ඉඳලා තියෙන්නේ බුකීපාල සහ එස්.බී,හේමසිරි. ආරක්ෂාවක් භාරව නැති ආරක්ෂාව සඳහා කිසිම බලතල නැති ආන්ඩුවක් රටේ ආරක්ෂාව ගැන වග කියන්නේ කොහොමද? රනිල් මේක කීපාරක් ඉල්ලුවද .පොර දුන්නේ නෑ.දැනුත් දෙන්නේ නෑ. මේකෙන් සිරිසේනම පාඩමක් ඉගෙන ගත්තා.මට හිතෙන හැටියට මරා යටින් රටේ ආරක්ෂාව අඩාල කරලා තියෙනවා.තහුම් ජමාල් කාරයො ගෝට පටන් ගත්ත අයනේ බන්.

    ඉතින් රනිල්ට සිරිසේනව UNP එකෙන් ජනාධිපති අපේක්ෂකයා කරන්න කිව්වේ අපිද? රනිල් මේ ප්‍රහාරයේ වගකීම ගන්න ඕනේ එතන ඉදලා. අනික සිරිසේන රනිල්ව අගමැති කලානම් කාලයක් යනකල් රනිල්ට ඕනේ ඕනේ විදිහට නටන්න දුන්නානම් දැන් ආරක්ෂක මණ්ඩලයට එන්න එපා කියන්න තරම් තරහ වෙන්න ඇත්තේ රනිල්ගේ ප්‍රශ්නයක් නිසානේ. අනික බුද්ධිඅංශ පාවලා දුන්න මිනිහෙක්ට අරාක්ෂක මණ්ඩලයට එන්න කියන්නේ කවුද.ගෝටා පටන් ගත්තානම් මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 4ක් යනකල් පොල් ගෑවාද තව්හිද් ජමාද් තහනම් කරන්නේ නැතුව.රනිල්ව ආරක්ෂක මණ්ඩලයට කැදවාලා නැත්තේ මාස කීපයක ඉදන්. ඊට කලින් සිරිසේනට වඩා බලයක් තිබ්බේ රනිල්ටනේ. නීතිය හා සාමය අමාත්‍යාංශය තිබ්බෙත් UNP එකටනේ
     
    Last edited: