වරප්‍රසාද විරහිත ස්වීඩනයේ මැති ඇමතිවරු

gaaca

Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    වරප්‍රසාද විරහිත ස්වීඩනයේ මැති ඇමතිවරු

    වරප්‍රසාද විරහිත ස්වීඩනයේ මැති ඇමතිවරු​

    2uz33n8.jpg
    [/IMG]

    ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් සහ ස්වීඩන් අගමැති ස්ටෙෆාන් ලෙෆ්වන් යුරෝපීය සමාජ සමුළුව අතරතුර බස් රථයෙන් ගමන් කරයි. ස්වීඩනයේ දේශපාලනඥයන් සෑම විටම පොදු ප්‍රවාහන සේවය භාවිතා කරයි. (Ludovic Marin/AFP පුවත් සේවය)

    අසා පුරුදු නැති වුවත් , ලොව බොහෝ ජනතා නියෝජිතයින්ට මෙන් නොව ස්වීඩනය සිය දේශපාලනඥයන්ට සුඛෝපභෝගී වරප්‍රසාද ලබා නොදෙයි .නිල මෝටර් රථ හෝ පෞද්ගලික රියදුරන් නොමැතිව ස්වීඩන ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන් නියෝජනය කරන පුරවැසියන් මෙන් සෙනග පිරි බස්රථ හා දුම්රිය වල එදිනෙදා ගමන් කරයි.එමෙන්ම පාර්ලිමේන්තුවේ පූර්ව අවසරයකින් තොරවම, සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් මැති ඇමතිවරු උසාවි නීතිය ඉදිරියට පැමිණවිය හැකිය. පුද්ගලික ලේකම් වරුන් හෝ නිලධාරීන් නොමැති ඔවුන්ගේ සම්මත කාර්යාල පරිශ්‍රය වර්ග මීටර 8 ක සීමාවකට යටත්ය.
    ස්වීඩන් ජාතිකයෙකු වන ජෝකිම් හොල්ම් පවසන්නේ "දේශපාලනඥයන්ට ගෙවන්නේ මමයි. ඔවුන්ට අපට වඩා සුඛෝපභෝගී ජීවිතයක් ලබා දෙන්න කිසිම හේතුවක් නැහැ."
    ස්වීඩනයේ දේශපාලනඥයෙක් දුම්රිය භාවිතයට හැකියාව තිබියදී කුලී රියක් භාවිතා කලහොත් එය අවසන් වන්නේ පුවත් පතක සිරස්තලයකිනි.පාර්ලිමේන්තු කථානායක වරයාට පවා පොදු ප්‍රවාහන සේවාව භාවිතයට අදාල කාඩ් පතක් හිමි වෙයි.අගමැතිවරයාට පමණක් නිල රථයක් භාවිතයට අවසර ලැබෙන නමුත් එයද ලබා දෙන්නේ රටේ ආරක්ෂක හමුදාවේ සේවාවක් ලෙසිනි.
    ස්වීඩන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අග නුවර පිහිටි කුඩා ප්‍රමාණයේ නිවාසවල ජීවත් වන අතර ඔවුහු තමන්ගේ ඇඳුම් තමන්ම සෝදාගන්නේ පොදු සේදුම් ස්ථාන වලිනි.උසස් නිල තල දරන පුද්ගලයන් අතර මෙවැනි ක්‍රියාකාරකම් අල්ප වුවත් ස්වීඩනයේ පෙර තිබූ තත්වයට වඩා දේශපාලනඥයන් හට දැන් තරමක් හොඳය. 1980 ගණන්වල අවසානය දක්වාම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හට නවාතැන් ගැනීමට සිදු වූයේ තමන්ගේම කාර්යාලවල සෝෆා ඇඳන් මතය.
    මහජන සේවයේ නියුතු කිසිවෙකු අයථා ලෙස මිලියන ගනන් මුදල් උපයන්නේ නැත. Riksdag (ස්වීඩන පාර්ලිමේන්තුව) සභිකයෙකු නිවසට රැගෙන යන ශුද්ධ වැටුප සාපේක්ෂව එරට බාලාංශ පාසැල් ගුරුවරෙයෙකුගේ වැටුප මෙන් දෙගුණයකට සමානය.
    නගරසභා මට්ටමින් දේශපාලනයේ යෙදීම පිස්සුවක් සේ ස්වීඩනයේ නොවන අයෙකුට සිතෙන්නට පුළුවන. මක් නිසාද යත් එය හුදෙක් ගරු සේවයක් වන අතර නගර සභා දේශපාලඥයින්ට රජයේ වැටුප් හිමි නොවෙයි.කාර්යාලයක්ද හිමි නොවන අතර නිවසේ සිට සේවය කල යුතුයි.කොටින්ම ස්වීඩනය දේශපාලනඥයන් පිළිබඳ දරණ මතය නම් ඔවුන් ඉහළ පැලැන්ති වල වැජඹිය නොයුතු අතර ඔවුන්ව පත් කල ජනතාවට හිමි නැති සුපිරි වරප්‍රසාද සඳහා දේශපාලනඥයන් හට උරුම කම් නැත යන්නයි.
    ස්වීඩන් ජාතිකයින් රජයේ නිලධාරීන්ව හෝ දේශපාලන නියෝජිතයින්ව සලකන්නේද සාමාන්‍ය පුරවැසියන් ලෙසය.රටේ කොතනකවත් "ගරු " , "අතිගරු " වැනි නම්බු නාමයන්ගෙන් කිසිවෙකු ආමන්ත්‍රණය නොකරයි.1960 දශකයේදී ස්වීඩන් සමාජය ගරු නම්බු නාමයන් ආමන්ත්‍රණය මුළුමනින්ම ඉවත් කලේ රටේ ඕනෑම අයෙකුට සරලව තම නමින් හෝ "ඔබ" යන්නෙන් ඇමතීමට හැකි වෙන පරිදිය.ස්වීඩන සාරධර්ම පද්ධතියට අනුව කිසිවෙකු අන් කිසිවෙකුට වඩා උසස් නැත. දේශපාලනඥයින් පවා ඔවුන් තෝරා පත් කරන ජනතාවගේ ජීවන තත්වයන්ට සමාන අයුරින් ජීවත් විය යුතුය.
    මා අත්විඳි ඇස් අදහා ගත නොහැකි දසුන් අතර, දිනක් ස්ටොක්හෝම් නගරයේ සුපිරි වෙළඳසැලක ස්වීඩන අගමැතිවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ට්‍රොලියක් තල්ලු කරමින් සාප්පු සවාරියක යෙදෙනු දුටිමි .ස්ටොක්හෝම් නගරාධිපතිවරයා බසයකට නැගීමට පෝලිමේ සිටින අයුරු දුටිමි.පාර්ලිමේන්තුවේ කථානායක වරයා තනිවම උමං දුම්රියක ගමන් කරන අයුරු මම දුටිමි. ස්වීඩනය සමාජ අසමතුලිතබයාවෙන් තොර , ප්‍රචණ්ඩත්වයෙන් අවම ඉතා ආරක්ෂාකාරී දේශයකි. එහි දේශපාලනඥයන් හෝ උසස් නිලධාරීන් හට වෙඩි නොවදින රථ අවශ්‍ය වන්නේම නැත. වැදගත්ම කාරණාව මෙහි ජනතාව චන්දයෙන් තෝරා පත් කර ගන්නේ එදිනෙදා යථාර්ථයේ ජීවත් වන මිනිසුන්ගේ වේදනාවන් හඳුනන දේශපාලනඥයන් පමණක්ම වෙති. දේශපාලන බලය ඉතා විනීත වූ සීමාවක් තුල භාවිතයේ යොදවන මෙම රටෙහි දේශපාලනඥයන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් රටේ ජනතාවගේ ගැටළු වලට වඩා ප්‍රධාන නොවෙති.


    සෑම තනතුරු ලාභියෙක්ම එම තනතුරේ රාජකාරි සඳහා වග විය යුතු අතර ජනතාව හට තොරතුරු නිදහසේ ලබාගත හැකි විය යුතුය. මෙම විවෘත භාවය නිසාම ස්වීඩනයේ දේශපාලන අධිකාරියද ඉතා විනිවිදභාවයකින් යුතු අතර එය අධීක්ෂණය වනු ලබන්නේ ලෝකයේ පැරණිම විනිවිදභාවය සඳහා වූ නීති පද්ධතියකිනි. මෙම නීති හරහා රටෙහි ජාතික මට්ටමේ දේශපාලන වංචා දුෂණ සිදු වීම ඉතා දුර්ලභ කාරණාවකි.1766 දී රජයේ ලිපි ලේඛන වලට රටේ ඕනෑම පොදු පුරවැසියෙක්ට ප්‍රවේශ වීමේ අයිතිය ස්වීඩන ව්‍යවස්ථාවේ මාධ්‍ය නිදහස සඳහා වූ විශේෂ පරිච්ඡේදයකින් හිමි කර දී ඇත.මෙමගින් ස්වීඩන රජයේ ඕනෑම ඇමතිවරයෙකුගේ , රාජ්‍ය නියෝජිතයෙකුගේ හෝ විනිසුරුවරයෙකුගේ වියහියදම් පරික්ෂා කර බැලිය හැකිය . අගමැතිවරයාගේ අදායම් බදු ප්‍රකාශන කියවිය හැකිය . පොලිස් කොමසාරිස් වරයාගේ හෝ හමුදාපතිවරයාගේ වියපැහැදම් සොයා බැලිය හැකිය .රාජ්‍ය ආයතන විසින් බදු මුදල් භාවිතා කරන ආකාරය පිරික්සිය හැකිය.රජයේ නිලධාරීන් ගනු ලබන ක්‍රියාමාර්ග ,තීන්දු තීරණ , යෝජනා විමසා බැලිය හැකිය.
    1990 දශකයේ ඉතා ප්‍රචලිත දේශපාලන අර්බුදයක් ඇතිවිය . එවකට නියෝජ්‍ය අගමැතිනිය වූ මොනා සාලින් මහත්මිය ඇයට හිමි රජයේ ක්‍රෙඩිට් කාඩ් පත යොදාගෙන චොකලට් බාර් , ළදරු නැපි සහ තවත් පුද්ගලික අයිතම කීපයක් මිලදී ගත්තාය. පසු දිනම ඇගේ නිලය අහිමි විය. ස්වීඩන් දේශපාලනය තුල " ටෝබ්ලරෝන් සංසිද්දිය " ලෙස ප්‍රචලිතව එය ඉතිහාස ගත වී ඇත.

    වසර 100ක් වැනි කාලයක් තුල අඩු අදායම්ලාභී කෘෂිකාර්මික සමාජයක සිට "කිසිවෙක් කිසිවෙකුට වඩා උසස් නොවෙයි" යන්න තේමාව කොට ගෙන දුෂණයෙන් අවම ලෝකයේ ධනවත්ම රාජ්‍යක් බවට ස්වීඩනය ඔවුන් විසින්ම පරිවර්තනය වී ඇත. එමගින් ස්වීඩනය ලොවට දෙන ආදර්ශය අන් කිසිත් නොව ක්‍රමයක් වෙනස් කිරීම කෙතරම් ප්‍රායෝගිකද යන්නයි .​

    2003 වසරේ සිට ස්වීඩනයේ ජීවත් වූ බ්‍රසීල මාධ්‍යවේදිනී Claudia Wallin ගේ Sweden - The Untold Story[/URL] නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්න ලදී ..
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    Pin karanna one ban Scandinavian Country ekaka inna lebena eka... Patta gihilla settle wechcha eun aaye jeewitheta lankawata enne naa.