වර්ජක වෛද්‍යවරුන්ට හෙන ඉල්ලීම වැරදියි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    වර්ජක වෛද්‍යවරුන්ට හෙන ඉල්ලීම වැරදියි

    වර්ජක වෛද්‍යවරුන්ට හෙන ඉල්ලීම වැරදියි
    doctor%2Barrest.jpg

    වෛද්‍ය නලාවක් කරේ ලාගත් කෙනෙක් සහ මාංචු යුගලක්

    වෛද්‍ය සින්දූපා සෙනවිරත්න මහත්මියගේ ෆේස්බුක් සටහනක් කියවීමෙන් මෙය ලිවීමට සිත්විය. ඇයගේ පෝස්ට් එකට හේතුව නම් දොස්තර වර්ජනය ගැන අදහස් දැක්වූ අයෙක් වර්ජනය කරන දොස්තරවරුන්ට හෙන හතක් වදින ඉල්ලා සිටිමින් රූපවාහිනියේ වාර්ථාකරුවකුගේ ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස කරන ලද ප්‍රකාශයකි. දොස්තරවරුන් ප්‍රතිකාර කිරීමේදී සහ ශල්‍ය කර්ම සිදුකිරීමේදී, හදිසි අනතුරු අංශ වල සේවයේදී කරන දේවල් සඳහන් කරමින් ඇය එම පුද්ගලයාගේ ප්‍රකාශය විවේචනයට ලක් කරයි. එය කියවීමෙන් මට ඇතිවූ පළමුවන හැඟීම නම් දොස්තර වර්ජනය ගැන එය නිසා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවූ අය කිව යුත්තේ "වර්ජනය කල නිසා ඒ උත්තමයන් බුදුන් දකින්න" කියාද යන්නයි.

    මහත් හාස්‍යජනක කාරණය නම් මෙම වැඩ වර්ජනය කරන්නේ රෝගීන් ගේ යහපතට යැයි කියන බොරුවයි. මෙම බොරුව රූපවාහිනී සහ පුවත්පත් දැන්වීම් වල බඩු විකුණා ගැණීමට 'ඔබ වෙනුවෙන්ම සහ ඔබගේ යහපත වෙනුවෙන්ම' නිම කල මෙම භාණ්ඩය මිලදී ගන්න යැයි කෑ මොර ගාන වෙලඳ දැන්වීම් වැනිය. මිනිසුන් එම තර්කය භාර නොගෙන වර්ජකයින්ට හෙන ඉල්ලන විට ඔවුන්ට මහත් සේ රිදෙන්නේ ඔවුන් කියන වෙලඳ පාඨය (sales pitch) භාර නොගැනීම නිසා ඇතිවන තරහක් නිසාද?

    දොස්තරවරුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ පහල ස්ථරවල සමහර අය මෙන් ඔවුන් ලෙඩ හොඳ කරන මැජික් කරුවන් හෝ දේව බලයක් දරන්නන් ලෙස සැලකීමද යන්න මට නම් ප්‍රශ්ණයකි. බොහෝ වෘත්තිකයින් මෙන්ම ඔවුන් වෛද්‍ය විද්‍යාව සොයා ගත්තේ නැත. ලංකාවේ වෛද්‍යවරු බහුතරයක් ලෙඩ වර්ග ගැන නව සොයා ගැනීම් කර නැත. ඒවාට කල යුතු නව ප්‍රතිකාර ක්‍රම සොයාගෙන නැත. ලෙඩ හඳුනා ගැනීමට යොදාගන්නා උපකරණ නිර්මාණය කිරීමක් කර නැත. ලෙඩවල් ගැන, ඒවා වෙන්කර හඳුනාගන්නා ආකාරය, ඒවා හඳුනා ගැනීමට භාවිතා කරණ උපකරණ යොදා ගැනීම ගැන, ලෙඩ වලට දිය යුතු බෙහෙත් වර්ග ගැන ඔවුන්ට කියා දී ඇත. කළ යුතු ශල්‍යකර්ම කියා දී ඒවා කිරීමට පුහුණු කර ඇත. ඔවුන්ගේ ගුරුවරුන් කියා දුන් දේ යොදා ගනිමින් ලෙඩක් හඳුනා ගැනීම සහ ඔවුනට කියා දී ඇති බෙහෙත් වර්ග ලබා දීම හෝ ශල්‍ය කර්ම කිරීම ඔවුන්ගේ වෘත්තියයි. පොතේ ඇතිදේ හෝ කියා දී ඇති දේ වෛද්‍යවරයා ඒ විදිහට කල පසු ඉතිරි ටික කරන්නේ ලෙඩාගේ ශරීරයයි. එය සිමෙන්ති, වැලි ටික දුන් පසුව බිත්තිය එයම තනා ගන්නවා වැනිය.

    ඔවුන් ලෙඩ හඳුණා ගැනීමට යොදා ගන්නා උපකරණ ඔවුන්ට රජය හෝ රෝහල මඟින් ලබා දී ඇත. බෙහෙත් වර්ග රෝහලෙන් ලබා දේ. එසේත් නැත්නම් ලෙඩුන් ඒවා ඔසු සල් වලින් මිලදී ගනී. යම් ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගත් දෙයක් යොදාගෙන, කියා දී ඇති ආකාරයට ක්‍රියා කිරීමකින් එපිටට ගිය දෙයක් වෛද්‍ය වරුන් සිදු කරනවාද යන්න පැහැදිලි නැත. පුහුණුවට ඇතුලත් වෙත්දී නොදන්නා දෙයක් පුහුණුවණ කාල සීමාවේදී ලබා ගෙන එම දැනීම යොදාගෙන යමක් කිරීම සෑම වෘත්තියකටම අදාල වේ.

    යුද්ධයක සටන් වදින සෙබලෙකුට නම් පුහුණුවේදී ඉගෙන ගත් දේට වඩා අවදානමක් සහිත දෙයක් කිරීමට සිදුවිය හැකි වන අතරම එය කිරීමේදී සුළු වැරැද්දකින් ඔහුගේ / ඇයගේ හෝ තම කණ්ඩායමේම ජීවිත නැතිවීමට ඉඩකඩ ඉතා වැඩිය. වැටුපක් සහ පහසුකම් දුන්නත් සෙබලෙක් කරන සේවය උත්තම වන්නේ ඒ නිසාය. ඊලඟට යම් කිසි අවදානමක් ගන්නේ ව්‍යවසායකයින්ය. යම් කිසි අවස්ථාවකදී කළ යුතු යැයි ඉගෙන ගත් දෙයක් ඒ අකාරයෙන්ම කළත් ලැබෙන ප්‍රතිඵලය වෙනස් වී මුදල් පාඩු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. පිටින් ලබා ගන්නා දැනුමට එහා ගිය දෙයක් මෙම වෘත්තීන් සාර්ථකව සිදුකිරීමට අවශ්‍යවේ. පාරම්පරික වෛද්‍යවරුන්ට උපකරණ වල උදව් නොමැතිව ලෙඩ හඳුනා ගැනීමේ හැකියාව තිබුණ බව මම අසා ඇත. බටහිර වෛද්‍යවරුන් සැමවිටම පාහේ ලෙඩක් හඳුණා ගන්නේ උපකරණ සහ පරීක්ෂණ වලින් ලබා දෙන ප්‍රතිඵල වලින්ය. ව්‍යාධිය සොයාගත් පසුව කරන්නේ පොතේ දක්වා ඇති ප්‍රතිකාරයන්ය. වෛද්‍යවරයෙකු විසින් කළයුතු සියළු දේ කල පසු ඔහුගේ අතපසුවීමක් නැතිව ලෙඩෙක් මැරුණොත් එයින් වෛද්‍යවරයාට වන හානියක්ද නැත. එවන් අවස්ථාවකට මුහුණ දෙන හමුදාවක සෙබලෙකු නැවත නිවසට පැමිනෙන්නේ මල කඳක් ලෙසය.

    නොමිලේම අදාල අධ්‍යාපනය ලබා දී, එය අවසන් කල ගමන්ම රජයේ රැකියාවන් ලබාදී, වාහන පර්මිට් වැනි දේවල්, පොත් අත්සන් නොකර අතිකාල දීමනා, පෞද්ගලික චැනලින් ආදී පහසුකම් සියල්ල වෛද්‍ය වරුන්ට ලබා දී ඇත්තේ ඔවුන් පුහුණු කිරීමට අධික වියදමක් යාම නිසා ඇතිවන පුහුණු පුද්ගලයන්ගේ හිඟයයි. එහෙත් ඔවුන් සිතාගෙන ඉන්නේ ඔවුන්ගේ විශේශිත හැකියාවක් නිසා ඒවා ලැබෙන බවකි.

    ලෙඩෙකුට කරන ප්‍රතිකාර වැරදුනහොත් එමඟින් විය හැකි නැවත වෙනස් කල නොහැකි තත්ත්වයන් නිසා ඒ සඳහා බලපත්‍රයක් ලබා දෙන බැවිනුත්, සහ එම බලපත්‍රයක් නැති අයකුට ප්‍රතිකාර කිරීම නීතියෙන් තහනම් නිසාත්, ලෙඩකට ප්‍රතිකාර නිසි වෙලාවට නොලැබුණොත් එයින් ලෙඩාට සිදුවිය හැකි හානිය නිසාත්, එසේ පුහුණුවීමට යන වියදම නිසා පුහුණු කරන ප්‍රමාණය සීමා කිරීම නිසාත් යන බාහිර හේතු නිසා ඇතිවී ඇති තත්ත්වයක් වරදවා වටහා ගැනීමෙන් මෙම පිරිස සමාජයේ විශේශිත අයවළුන් පිරිසක් යන යැයි ඔවුන් විශ්වාස කරයි. රියැදුරු වෘත්තිය ගුවන් නියමු වැනි වෘත්තීන්ටත් එවන් බලපත්‍ර අවශ්‍ය වේ. එම වෘත්තියේ අයකුගෙන් වෙන වැරදීමකින් විශාල මිනිසුන් ප්‍රමාණයක් එක වර මිය යා හැක. වෛද්‍ය වරයෙකු අතින් එකවර මිය යා හැකි ලෙඩුන් ගණන ඒ අතින් අඩුය. එය criterion එකක් නම් ගමනාතයක් අවසානයේ මඟීන් ඔවුන්ටත් බුදු බව පැතිය යුතුය.

    අනෙක් කරුණ නම් ඔවුන් කියන ආකාරයට උසස් පෙල ප්‍රතිඵල අඩු අයට ඔවුන්ගේ පුහුණුව ලබා ගැනීමට නොහැක. එසේ නම් හෙද සේවයේ අවුරුදු 4-5 විවිධ specialties වල සේවය කර ඇති අයකුට වෛද්‍ය විද්‍යාව ගැන තිබෙන දැනීම උසස් පෙළ සමත් වන කෙනෙකුට වඩා වැඩිය. පුහුණුවට තෝරාගන්නා අවස්ථාවේ ඇති දැණුම වැදගත් නම් කල යුත්තේ හෙද වෘත්තියේ පළපුරුද්ද ඇති අය වෛද්‍ය පුහුණුව සඳහා යොමු කිරීමයි. දියුණු රටවල වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගන්නේ ඊට අදාල බුද්ධි පරීක්ෂණ සමත්වන සහ සමාජය සේවයට අදාල ක්‍රියාකාරකම් වලට යොමුවී ඇති අයයි. එසේ නොමැතිව කට පාඩම් කිරීමෙන් සමත්විය හැකි විභාග වලින් එම පුහුණුවට තෝරා නොගැනේ.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල සහ අනිකුත් අධ්‍යාපන ආයතන වල ප්‍රමිතීන් ඉහල නැංවීමට සහ ඕනෑම ආර්ථික මට්ටමේ සිටින කෙනෙකුට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවන සේ සිසු ණය ක්‍රමය හඳුන්වා දීමට වර්ජනය කරන්නේ නම් සමස්ථ සමාජයේම සහයෝගය මුන්ට ලැබෙනු ඇත. එහෙත් ඔවුන්ට ඕනෑ කරන්නේ අනිකුත් විද්‍යාල වසා දමා තම වර්ගයා වැඩි වීම වළක්වා ගැනීමට පමණි. මීට කළින් SAITM සිසුන්ට ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ සායනික පුහුණුව ගාස්තු ලබාගෙන ලබා දීමට තීරණය කල විට එය සෞඛ්‍ය සේවය විකිණීමක් යැයි කියා එය නවත්වා, ඊට පසු SAITM සිසුන්ට සායනික පුහුණුව නැතැයි යන සටන් පාඨය උස්සා ගන්නේ අන් සියළු දෙනාම අමු මෝඩයන් යැයි සිතමිනි. ඉන්පසුව සායනික පුහුණුව නැති වෛද්‍යවරුන් ගෙන් ලෙඩ්ඩුන් බේරා ගැනීමට සටන් කරනවා යැයි කියන විට එය මහජනයා පිළි නොගැනීම ගැන ඔවුන් කඳුළු සලයි.

    සායනික පුහුණුව සඳහා යොදාගන්නේ රජයේ රොහල් වල ලෙඩුන්ය. ලෙඩ්ඩු රටේ සාමාන්‍ය මහජනයාය. රෝහල් වල සේවය කරන අචාර්‍යය සහ මහාචාර්‍යය වරුන්ට වැටුප් සහ පහසුකම් සපයන්නේ රජයයි. රෝහල් ගොඩනැඟිලි අයිති රජයටය. බෙහෙත් වර්ග සහ උපකරණ රජය සපයන ඒවාය. සාමන්‍ය මහජනයා වන ලෙඩ්ඩුන් සහ අනිකුත් දේවල් යොදාගෙන දෙන සායනික පුහුණුව ලබා ගැනීමට රජයේ වෛද්‍ය සිසුන්ට ඒකාධිකාරයක් ලැබුණේ කෙසේද? ඔවුන් ලෙඩ්ඩුන්ට ඔවුන්ව පුහුණුවට යොදා ගැනීමට ගෙවීමක් කරනවාද? මුදල් අයකරගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ට එම පුහුණුව ලබා ගැනීම අඩාල කිරීමට රජයේ විද්‍යාල වල සිසුන්ට ඇති අයිතිය කුමක්ද?

    මුළු ලෝකයම පෞද්ගලික අධ්‍යාපනය හරහා තරුණ පරම්පරාව දැනීමෙන් සන්නද්ධ කරමින් යන අවධියක මොවුන් උත්සාහ කරන්නේ ලෙඩ්ඩුන් උගසට තබමින් රටේ ඇතිකල හැකි වෛද්‍ය සහ අනිකුත් අධ්‍යාපන අවස්ථා නැතිකර අඩු අධ්‍යාපනයකින් කල හැකි රැකියා සොයන්නන් පිරිසක් ඇති සමාජයක් බිහිකර ඔවුන්ගේ බඩ වියත රැක ගැනීමයි. මෙවන් පුද්ගලයින්ට හෙන ඉල්ලා රූපවාහිනී සාකච්චා දීම නොව මහජනයා කළයුත්තේ වර්ජකයින්ට පහර දී පන්නා දැමීමයි.

    http://lankanian.blogspot.com/2017/05/blog-post_8.html
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,032
    113
    උඹත් ඩොකෙක් වෙන්න ගිහින් ලකුණු මදි උනා නේද?
    මචං ඉතිං ඩොක්කු කරන එකෙන් ජනතාවට වෙන හානිය වලක්වන්න ඔය උඹ සුද්ද කරන්න හදන දේශපාලකයින්ට පුළුවන් නේ සයිටම් එක ආණ්ඩුවට ගන්න? ඒ ගොල්ලොත් වග කියන්න ඕන නේද රෝගීන්ට වෙන අපහසුතාවයට?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි සයිටම් වලට විරුද්ද වෙන්නෙ නිශ්චිත කරුනු ඇතුව..
    1..සයිටම් එක slmc පිලිගන්නෙ නැ..
    2.සයිටම් එකට සායනික පුහුනුවක් දෙන්ඩ රොහලක් නැ..
    3..අදිකරන වෙද්ය විද්යාව සයිටම් එකේ උගන්නන්නෙ නැ.
    4..පුහුනුව ලබන්ඩ මෘත සරීර නැ..( තාඩුජින්ගෙ කකුලෙ කැල්ලක් අරන් ගිහින් තිබ්බ උගන්නන්ඩ ..ඔන්න සයිටම් කෙරුවාව.)

    ඔය සයිටම් එකට කඩේ යන unp බැල්ලියො ඒකට පක්ශ වෙන්නෙ වද පොන්සිය ඒකට පක්ශ නිසා..නැතුව කිසිම පදනමක ඉදල නෙමේ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    උඹත් ඩොකෙක් වෙන්න ගිහින් ලකුණු මදි උනා නේද?
    මචං ඉතිං ඩොක්කු කරන එකෙන් ජනතාවට වෙන හානිය වලක්වන්න ඔය උඹ සුද්ද කරන්න හදන දේශපාලකයින්ට පුළුවන් නේ සයිටම් එක ආණ්ඩුවට ගන්න? ඒ ගොල්ලොත් වග කියන්න ඕන නේද රෝගීන්ට වෙන අපහසුතාවයට?

    ඇත්තම කිව්වොත් ඔව් මචන් ලකුණු ටිකක් නෙමයි ගොඩක් මදි උනා
    එක නිසා ඔය වැද්දෝ සෙට් එකට සෙට් වෙන්නේ නැතිව ඊට වැඩ හොද ජොබ් එකක් කරගෙන් අතල් එක ඉන්නවා දැන්
     
    • Like
    Reactions: malakadss

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    අපි සයිටම් වලට විරුද්ද වෙන්නෙ නිශ්චිත කරුනු ඇතුව..
    1..සයිටම් එක slmc පිලිගන්නෙ නැ..
    2.සයිටම් එකට සායනික පුහුනුවක් දෙන්ඩ රොහලක් නැ..
    3..අදිකරන වෙද්ය විද්යාව සයිටම් එකේ උගන්නන්නෙ නැ.
    4..පුහුනුව ලබන්ඩ මෘත සරීර නැ..( තාඩුජින්ගෙ කකුලෙ කැල්ලක් අරන් ගිහින් තිබ්බ උගන්නන්ඩ ..ඔන්න සයිටම් කෙරුවාව.)

    ඔය සයිටම් එකට කඩේ යන unp බැල්ලියො ඒකට පක්ශ වෙන්නෙ වද පොන්සිය ඒකට පක්ශ නිසා..නැතුව කිසිම පදනමක ඉදල නෙමේ..

    අනේ පලයන් බන් උබේ ඔය ආඩියව නවත්තගෙන
    මටනම් පෙන්නේ අනුන්ට කියලම දැන් උබේ වද බැහැලද කොහෙද
    උබ කසාද බැදලද ?
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇත්තම කිව්වොත් ඔව් මචන් ලකුණු ටිකක් නෙමයි ගොඩක් මදි උනා
    එක නිසා ඔය වැද්දෝ සෙට් එකට සෙට් වෙන්නේ නැතිව ඊට වැඩ හොද ජොබ් එකක් කරගෙන් අතල් එක ඉන්නවා දැන්

    දවසේ පැය 18ක් විතර ඩොක්ටර්ස්ලාට බැන බැන ආතල් එකේ ඉන්නවා
    :lol::lol::lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දවසේ පැය 18ක් විතර ඩොක්ටර්ස්ලාට බැන බැන ආතල් එකේ ඉන්නවා

    අනේහ් මේ උඹට වෙන වැඩක් නැද්ද බං මේකේ ගොබ්බයෝ චූන් කරන්නේ. ගිහින් වැඩක් බලා ගනින්. 1 ඉඳන් 13 වෙනකන් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් පිස්සු කෙලලා ඒකට වටිනාකමක් දුන්නු උන්ට හෙණ ඉල්ලන professional Jealousy කියන එක ලොකුවටම තියෙන මේ වගේ ෆෝරුම් එකක උන්ට ඕක පැහැදිලි කරන වෙලාවේ ගිහින් හම්බයෙක්ට උඹ වගේ වීගන් වේන්න උගන්වපන්. එහෙමත් නැත්නම් ගිහින් PG වලට බාපන්. :growl::growl:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    උඹත් ඩොකෙක් වෙන්න ගිහින් ලකුණු මදි උනා නේද?
    මචං ඉතිං ඩොක්කු කරන එකෙන් ජනතාවට වෙන හානිය වලක්වන්න ඔය උඹ සුද්ද කරන්න හදන දේශපාලකයින්ට පුළුවන් නේ සයිටම් එක ආණ්ඩුවට ගන්න? ඒ ගොල්ලොත් වග කියන්න ඕන නේද රෝගීන්ට වෙන අපහසුතාවයට?

    Ganna Puluwan Eth one na ..
    Doctors lane ban waga kiyanna one ai kiyana kiyana hama widihatama natanna oneda?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බ්ලොග් එකේ ලියල තියෙන දේවල් නම් ඈත්ත. :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනේහ් මේ උඹට වෙන වැඩක් නැද්ද බං මේකේ ගොබ්බයෝ චූන් කරන්නේ. ගිහින් වැඩක් බලා ගනින්. 1 ඉඳන් 13 වෙනකන් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් පිස්සු කෙලලා ඒකට වටිනාකමක් දුන්නු උන්ට හෙණ ඉල්ලන professional Jealousy කියන එක ලොකුවටම තියෙන මේ වගේ ෆෝරුම් එකක උන්ට ඕක පැහැදිලි කරන වෙලාවේ ගිහින් හම්බයෙක්ට උඹ වගේ වීගන් වේන්න උගන්වපන්. එහෙමත් නැත්නම් ගිහින් PG වලට බාපන්. :growl::growl:

    :(
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,032
    113
    Ganna Puluwan Eth one na ..
    Doctors lane ban waga kiyanna one ai kiyana kiyana hama widihatama natanna oneda?

    ඇයි ඕන නැත්තේ? දේශපාලකයින්ට ඕන ඕන විදිහට කරන්න දෙන්න ඕන නෑ අධ්‍යාපනේ කියන එක.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,032
    113
    ඇත්තම කිව්වොත් ඔව් මචන් ලකුණු ටිකක් නෙමයි ගොඩක් මදි උනා
    එක නිසා ඔය වැද්දෝ සෙට් එකට සෙට් වෙන්නේ නැතිව ඊට වැඩ හොද ජොබ් එකක් කරගෙන් අතල් එක ඉන්නවා දැන්

    උඹ කරන්න ගිහිල්ල වැරදුනහම කරන්න ඕන උඹේ ළමයෙක් වත් ඒකට යවන එකයි මචං. නැතුව වෛර කරන එක නෙවෙයි.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඇයි ඕන නැත්තේ? දේශපාලකයින්ට ඕන ඕන විදිහට කරන්න දෙන්න ඕන නෑ අධ්‍යාපනේ කියන එක.

    doctors lata one widihatada karanna one:lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    doctors lata one widihatada karanna one:lol:

    පාර්ලිමේන්තුවේ ඉන්නෙ කට්ටිය තමයි නීති හදන්නේ, රටේ ප්‍රතිපත්ති හදන්නේ. අදයාපනය ඈතුලුව. ඉතින් උන්ට ඕනේ විදිහට තමා ඒක වෙන්නේ. ඒක දෑන දෑන ලොස්ට් ඩයල් පාර්ලිමේන්තු යවල දෑන් කියනව උන්ට ඕනේ විදිහට කරන්න දෙන්න බෑලු. ඕනෙම රටක වෙන්නේ මෙහෙම. අපි උන්ව තෝරල යවන්නේ මේ දේ කරන්න තමා. ඊලග පාර වෑඩිපුර දොස්තරල, ඉන්ජිනේරුවො එහෙම යවමු. දෑනුත් ඔය ඉන්නේ කාවින්ග ජයලත් වගේ උගත් බුද්දිමත් දොස්තරල පාර්ලිමේන්තුවේ,
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    උඹ කරන්න ගිහිල්ල වැරදුනහම කරන්න ඕන උඹේ ළමයෙක් වත් ඒකට යවන එකයි මචං. නැතුව වෛර කරන එක නෙවෙයි.

    වැරදුනේ නෑ මචන් මම AL Maths කරේ එක නිසා මට කොහොමත් Medicine යන්න බෑ ;-)
    හතර පෝයටම සිල් ගන්න පදෙනියලට අපි වෛර කරන්නේ නෑ මචං