අගමැතිගෙන් පොරොන්දුවක් - ඛනිජ තෙල් වර්ජනය අවසන්
April 24, 2017 08:55 pm
Bookmark and Share
ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
අද (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විෂය බාර අමාත්‍යවරයා ඇතුළු පිරිස සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
මේ අතර අද දෙරණ කළ විමසුමකදී ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවයි.
මේ හේතුව නිසා වෘත්තීය ක්‍රියා මාර්ගය අත් හළ බවත්, ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට සුපුරුදු ලෙස රාජකාරියේ නිරතවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana.lk