වර්ණ අන්ධතාව (Color Blindness)
වර්ණ අන්ධතාව (Color Blindness)
ඇතැම් වර්ණ හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා අප සමාජයේ බොහෝ පිරිසක් වර්ණ අන්ධතාවයෙන් පෙලෙති.කාන්තාවන්ට වඩා පිරිමි පක්ෂය මෙමගින් වැඩිපුර පෙලෙන අතර මේනිසා විවිධ වෘත්තීමය හා සමාජයීය ගැටලු රාශියකට ඔවුන් මුහුණ දෙති.
මිනිස් දෘෂ්ඨි විතානයේ ආලෝකයට හා වර්ණයට සංවේදී විවිධ සෛල ඇති අතර කේතු රූපී (Cone) සෛල ඉන් එක් වර්ගයකි.ඒවාමත රතු ,කොල හා නිල් වැනි විවිධ වර්ණයන් හඳුනා ගැනීමට වැදගත් වන ප්රතිග්රාහක (receptor) පවතී.නමුත් , ඇස් දෘෂ්ඨි ස්නායුවෙන් හෝ ඇතැම් විට මොළයේ පවතින ආබාධයක් හේතුකොටගෙන මෙලෙස වර්ණයන් හඳුනා ගැනීමේ හැකියාව ඇතමුන්ට අහිමිවේ.
වර්ණ අන්ධතාව ප්රධාන කොටස් දෙකකට බෙදෙනු ලැබෙයි.
1. සම්පූර්ණ වර්ණ අන්ධතාවය-
මෙහිදී කිසිඳු වර්ණයක් පුද්ගලයාට හඳුනා ගැනීමට නොහැකි වන අතර මෙම තත්ත්වය අප සමාජයේ ඉතා දුලබ වෙයි.
2. අර්ධ වර්ණ අන්ධතාවය-
මෙහිදී ඇතැම් වර්ණ පමණක් හොඳින් වෙන්කර හඳුනා ගැනීමට රෝගියාට නොහැකි වෙයි.සම්පූර්ණ වර්ණ අන්ධතාව ඇති රෝගීන්ට වඩා මෙවැනි රෝගීන් සුලභ වන අතර ඔවුන් මුහුණ දෙන බාධක හා ගැටලුද අවම වෙයි.මේ සඳහා උදාහරණනම් -
a) රතු-කොළ වර්ණ අන්ධතාව (රෝගියාට රතු කොළ පැහැ වෙන්කර හඳුනා ගැනීමට නොහැකිය)
b) නිල් -කහ වර්ණ අන්ධතාව (නිල් හා කහ පැහැයන් වෙන්කර හඳුනාගත නොහැක.)
මෙවැනි බොහෝ රෝගී තත්ත්වයන් ජානමය මගින් උරුම වීමද විශේෂත්වයකි.
වර්ණ අන්ධතාව සදහා කරනු ලබන ප්රතිකාර හා එය වලක්වා ගැනීම
වර්ණ අන්ධතාව විනිශ්චය කිරීමට මිල අධික විද්යාගර පරීක්ෂණ කල යුතු නැති අතර සරල වර්ණ සටහන් යෙදූ කාඩ්පත් (Ishihara chart) යොදවා ඉතා නිවැරදිව මෙම රෝගය විනිශ්චය කල හැක.
මෙම රෝගය වැලඳුන පසු එය නැවත නිවැරදි කරවීමට තවමත් කිසිදු ප්රතිකාර ක්රමයෙන් සොයා ගෙන නැත. නමුත් රෝගියාට සිය දෛනික වැඩ කටයුතු පහසුවෙන් යෙදිම විවිධ පියවර ගත හැක.
ගත්තේ මෙතනින්
Thank you.

Code:
http://www.dosthara.com/forum/viewtopic.php?f=17&t=44