මේ කතාවේ දිග පළල හරි අපුරුවට ගෙත්තම් කරන්න පුළුවන් වුණා මට.මට ඕනි වුණා අම්මාගේ මතක අකුරක් ගානේ හුස්ම ගන්නවා දකින්න...
'දැනගනින් මුර්තියේ මං උබට කන්න දෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හිත් සතන් සනසවලා.උබට කවදාවත් ලජ්ජා හිතෙන එකක් නෑ මයේ කෙල්ලේ.මං උබව හැදුවේ දන්දීලා යකෝ....මාගේ හැම අගලක්ම...'
කාලය ටික ටික ගෙවිලා යද්දී....සම්මතයට අනුව මං වැඩිවියට පැමිණි ගැහැණු දරුවෙක් වුණු දවසේ අම්මා එහෙම කිව්වා.
මං ඇත්තක් කියන්නම් එදානම් අම්මගේ මුණේ තිබුණේ දුකක්ද සතුටක්ද කියලා මට තේරුම් ගන්න බැරි වුණා.එදත් මම අම්මගේ මුණ දිහා බලන් හිටියා විතරයි...මට හිතුනා.... මං අම්මට ගොඩක් ආදරෙයි..
මේ අදවත් උබ රස්සාවට යනවද?කෙල්ල ළග හිටියා ඔය මදිය බන්...අද රස්සාවක් තියෙනවා.මං උබව දාන්නද?
අපි දෙන්නගේ කතාව ඉවර වුණේ අම්මා 'නෝනා අම්මා' කියන කළු මහත තඩි ගෑනිගේ බෙරිහන් දීමත් එක්ක...අම්මා හරි අසරණ විදියට ඒ ගෑනි දිහා බැලුවේ.මම එක දැක්කා.....
අම්මා රතු සාරිය ඇදගෙන ගෙදරින් එලියට බැහැලා ගියේ
' උබ දොර තදට වහගෙන ඉදහන් .මං රැට කන්න මුකුත් අරගෙනම එන්නම් මයේ කෙලී' කියාගෙන.
මම බලන් හිටියා ගාරා වැටුණු ලී ගෙවල් එකින් එක යාවුණු අපිරිසිදු පාර දිගේ අම්මා ඇතට යනකම්ම...අන්තිමට අම්මා තිතක් වුණා.අම්මා රතු සාරියට හරි හැඩයි.මම දන්නා ලස්සනම පාට රතු.මං අදරේම පාට රතු.....
..............................................ඉදිරියට ........................................................
වර්ණ 01 කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1860264

Last edited: