වෙන හැමදේම කල්පනා කරල බලද්දි මට හිතෙන්නේ යුක්‍රේන සීන් එකයි ඒ වටේ උන දේවල් (ඇමරිකාව රියැක්ට් කරපු විදිය) තමා මේ හැමදේම අච්චාරුවක් කරලා තියෙන්නෙ.
ඉස්සර මොන ප්‍රශ්න තිබ්බත් ලෝක බලවතු කියලා කියාගන්න ඇමරිකාව, රුසියාව, චීනය වගේ රටවල් එකට වැඩ කලා. මොකද උන්ගෙ ආර්තිකය එකිනෙකා මත රඳන නිසා. ඒ නිසා ලොකු වලි යන්න කලින් කට්ටිය වැඩේ ශෙප් කරලා දානවා. මොකද ප්‍රශ්නයක් ආපු ගමන් උන්ට තමා කෙලවෙන්නේ.
ඒත් යුක්‍රේන් සීන් එකේදී ඇමරිකන් උන් රුසියාව කෙලින්ම isolate කරලා දැම්මා. එකෙන් උනේ උන් ලෝකේ ඉන්න පිස්සෝ කියලා හිතන ඇමරිකාවට විරුද්ද ඉරාන් වගේ රටවල් එක්ක සෙට් වෙන්න ගත්තා. තව චීනේ වගේ රටවල් එක්ක ප්ලග් උනා. දැන් රුසියාවේ ආර්තිකය ඇමරිකාව මත බලපාන්නේ නෑ. උන්ව ලෝකේ ගොඩක් කොන්වෙලා වගේ තියෙන්නේ ආර්තික පැත්තෙන්. ඉතින් දැන් උන්ට "හැමොගෙම යහපත" ගැන බලන්න දෙයක් නෑ. iran - israel යුද්දයක් ඇදුනොත් ලෝකෙ හොම්බෙන් යන්නේ. ඒත් ඒක නවත්වනවට වඩා රුසියාව කරන්නේ ඒක තව පත්තු කරන එක.