අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් රිවස් වෙයිද

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් රිවස් වෙයිද? ඉංග්‍රීසි පොත විතරක් නෙමෙයි තවත් ප්‍රශ්න තියනවා. ඉලෝන්මාස්ක් ගැන තියන කොටසක් දැක්කා. ඒක තනිකර ගූගල් ට්‍රාන්ස්ලේට් දාලා අරන් තියෙන්නේ. සිංහල ගැළපෙන්නෙත් නෑ. විද්‍යාව පොතෙත් අවුල් තියනවා. කවුද බන් මේවට වගකියන්නේ. විනාඩි 30කින් පාසල් කාලේ දීර්ඝ කරපු එකත් අකුලගෙන. අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑවගේ සීන් එකක් වෙලා තියෙන්නෙ. මම නම් අලුතෙන් ආපු අධ්‍යාපන පතිසංස්කරණවලට ලොකු පැහැදීමක් නෑ. ලංකාවේ පොඩ්ඩක් හරි තරගකාරි අධ්‍යාපනයක් තියෙන්න ඕනි. විභාගයක් තියෙන්න ඔනේ. නැත්නම් Assignment only (example Pearson Diploma...) කෝස්වල කරන උන් වගේ බුල කෙලිනවා. ඇත්තටම කිව්වොත් මාත් Assignment only dip එකක් කරලා තියන නිසා මේ ගැන හොදට දන්නවා. Examනෑ. ලෙක්චස් යන්නෙත් නැතුව ඉන්නවා. ඒ නිසා ආතල් එකේ අන්තිම වෙනකල් ඉදලා assignmentඑකත් ගූගල් කරලා එහෙන් මෙහෙන් අටවලා දානවා. සමහර උන් කාට හරි කියලා හදලා දානවා. අන්තිමට සෙටිෆිකට් ලැබෙනවා. ඒත් දැනුම නම් 0යි. රජයේ හෝ ප්‍රයිවට්කැම්පස් එකක Exam+assignmentතියන උපාධියක් කරන කෙනෙක්ට ඇත්තටම දැනුමක් එනවා. උන්ට Assignment, Mid exam, final exam ,vivaවගේ ලෝකේ නැති මගුල් තියනවා. ඒ නිසා විෂය ගැන අප්ඩේට් එකේ ඉන්නම වෙනවා. ලංකාවේ අධ්‍යාපනයෙන් විභාග කියන එක එක සැරෙම අයින් කරන එක එච්චර හොද වැඩක් නෙමෙයි. උබලට මොකද මේ ගැන හිතෙන්නෙ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අනිත් ඒවා වගේම ඕකත් ෆේල් වෙනවා. පව් ඉතින් ලංකාවේ ළමයි.