වර්ථමානේ සිට කියන වග නම්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වර්ථමානේ සිට කියන වග නම්

    කුහක සිතුවිලි පිරී ඉතිරී ...
    දනන් මුසපත් වී.......
    මේ කුරිරු ලෝකේ.................
    වෛරයෙන් විපතකට කැදවයි....
    නෑ කිසිත් ශෝකේ...
    මේ කුරිරු ලෝකේ.......

    යුක්ති ධර්මේ කොහෙද පිබිදී...
    යලි නැගී එන්නේ......
    ඒ අදුරු ලෝකේ..........
    සත්‍ය යේ හඩඩ නිහඩ කරවයි...
    බොරුවෙ පැටලීලා...........
    මේ කුරිරු ලෝකේ...........

    නැකත හරිනම් විපත කැප නෑ..
    ගිනිතියව් අනෙකා..........
    තලා පෙලමින්නේ...........
    තමුන් පරයා නැගී ඒ නම්..
    උදුරුවා දමලා...............
    මඩිය රැක ගන්නේ...............

    සාමයෙන් අත වනන දෑතට...
    කඩු පහර පාලා..........
    කපා වෙන් වන්නේ.................
    භීතියෙන් කෑ ගසන දනගේ...
    ඇස් වසා බැදලා..............
    බොරුව ගෙනයන්නේ...............

    නිර්භයව එඩිතරව යුක්තිය...
    සිරස පා යන්නා.............
    මලකදක් වෙන්නා...........
    නිරා ගිනිදැල් ඇවිලෙතත්...
    දිව දෙකට හිස නමලා........
    කාසි ලැබ ගන්නා............

    නීතියෙන් පිළිසරණ නැති තැන...
    කොහිද තව යන්නේ...........
    වරද රජයන්නේ..............
    නීතියක් නොම රකින රටකට..
    කොහි සෙතක් වෙන්නේ....
    අගාධෙයි ඉන්නේ...........


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යුක්ති ධර්මේ කොහෙද පිබිදී...
    යලි නැගී එන්නේ......
    ඒ අදුරු ලෝකේ..........
    සත්‍ය යේ හඩඩ නිහඩ කරවයි...
    බොරුවෙ පැටලීලා...........
    මේ කුරිරු ලෝකේ...........

    අවාසනාවට ඇත්ත කතාවක්......මේ විදි‍ය කවදා වෙනස් වෙ‍යිද දන්නේ නෑ......:dull::dull::dull: