වරායේ අළුත් කොටස හදන දවස් වල..

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වරායේ අළුත් කොටස හදන දවස් වල..

    මේ දවස් වල හැමෝම දන්නවනේ කොළඹ වරායට අලුතින් එකතු වුන කොටස ගැන...... හුඟාක් අය ගිහිල්ලත් ඇති බලන්න මේ වෙනකොට...... මේ මම ආයෙත් දාන්නේ (කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා මේක ගැන....) ඒ දවස් වල මේ කොටස හදපු හැටි ගැන මම ගත්තු ෆෝටෝස් ටිකක්......

    මේ තියෙන්නේ කොළඹ වරායට අළුතින් එකතුවෙන කොටස හදලා ඉවර උනාම පේන විදිය...... ඔය පහළින්ම තියෙන wave wall (දියකඩනය) එක දැන් හදලා ඉවරයි........ මේක කිලෝමීටර 7 ක් විතර දිගයි...... ඒ වගේම මීටර 6 කට වඩා උසයි..... අයිස් කඳු දියවෙලා මුහුදේ ජල මට්ටම ඉහල ගියත්, සුනාමි තත්වයක් ආවත් ප්‍රශ්නයක් නොවෙන්නයි එතරම් උසකට හදලා තියෙන්නේ.......



    මේ චීන මහා ප්‍රකාරය වගේ පෙන්නේ මොකක්ද දන්නවාද.......? ඒක තමයි මේ wave wall එක හදද්දී ඒ දවස් වල........




    මේ ඉවර වෙන කෙළවර wave wall එක හදන හැටි......



    මේ දොඹකරයෙන් (මේ දොඹකරයට එකපාර ටොන් 275 ක බරක් උස්සන්න පුළුවන්ලු) උස්සලා මේ වාහනේට පටවන්නේ wave wall එක හදන්න පාවිච්චි කරන අච්චු...... (මේ අච්චු ගානට තියලා එකට කම්බි දාලා තනිකරම කොන්ක්‍රීට් පුරවනවා.....)



    මේ wave wall එක හදන ප්‍රදේශය මීට පෙර තනිකරම මුහුද කියලා ඔයාලට මතක ඇතිනේ..... මෙතන ගැඹුර මීටර 17 ක් විතර වෙනවලු..... මේක තනිකරම ලොකු කළුගල් කුට්ටි වලින් පුරවලා (සාමන්යෙන් ඔය ඒක ගලක් ටිපර් එකකින් එකක් විතර සයිස් ලොකුයි..) ඊට උඩින මෙන්න මේ අමුතු හැඩයක් ඇති කොන්ක්‍රීට් ගල් අතුරනවාලු..... (මේ ඒක කොන්ක්‍රීට් ගලක් අඩි 12 ක් විතර උසයි......) ඊට පස්සේ පස් දාල පුරවනවාලු......




    මේ දොඹකරයෙන් කරන්නේ මේ කොන්ක්‍රීට් ගල් කුට්ටි wave wall එක එහා පැත්තෙන් (මුහුද පැත්තෙන්) පිළිවෙලකට තියන ඒක.... එහෙම කරන්නේ wave wall එකට මුහුදු රළ වැදීම සහ ඒ වැදෙන වේගය අවම කරගන්නලු.....


    මේ කරන්නේ අළුත් වරායේ බේසම හාරන එකේ වැඩකටයුතු....... හෑරුවේ නැතිනම් කොහොමෙයි 11000TEU නැතිනම් 18000TEU ධාරිතාවයේ නැව් ඈස්චාර්ය වෙත ලඟා වෙන්නේ...... :lol:



    ඔන්න මේ තියෙන්නේ wave wall එකේ ඉදන් කොළඹ පැත්ත බැලුවාම පේන විදිය........ (මේ පාරක් පෙන්නේ හයිවේ එකක් එහෙම නෙවෙයි හරිය...... මේක තමයි wave wall එකේ එහාට මෙහාට යන්න හදල තියෙන පාර....... (හැබැයි හයිවේ හා සමානය..... හදන දවස් වල දවසක් හැටට හැටේ ගොස් බැලුවෙමි......:P)








    මෙන්න මේ අස්සේ කන්ටේනර් නැවකුත් එනවා වරායට.....


     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    ජීවන වියදම එහෙම අම්බානකට පහල යනවා ඔක හැඳුවට පස්සේ රුපියල නගිනවා බලාගෙන ඉන්න කොට. ඒක නිමා පැට්රල්,ඩිසල් එහෙම අඩුවෙලා රට සමුර්ධිමත් වෙනවා.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    okkoma hondai Waraye sampurna adayama Chineta yana eka thamai aula

    චීනා මරාට ජාතික කොඩිය ඔසවන්නවත් ජාතික ගීය ගැයීමටවත් ඉඩ දී නෑ: දේශප්‍රේමියා චීනාගේ පටිය කපා පල්ලම් බැහැලා-------

    පසුගිය අගෝස්තු 05 දා වරායේ චීනුන්ට අයත් නව කොළඹ ජාත්‍යන්තර පර්යන්තය විවෘත කිරීමේදී ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසැවීමට හෝ ජාතික ගීය වාදනය කිරීමට චීනුන් විසින් ඉඩ දී නැත. උත්සවයට පෙර දා රාත්‍රියේ භූමිය පුරා සරසා තිබූ සියළු ශ්‍රී ලංකා ජාතික ධජ සහ ශ්‍රී ලංකා වරායේ ධජ සියල්ල ඉවත් කිරීමට චීන බලධාරීන් විසින් නියෝග කර තිබේ.

    උත්සවය දින වේදිකාවේ ජාතික ධජ 3 ක් පමණක් ප්‍රදර්ශනයට ඉඩ දී ඇති අතර ඒ ද වේදිකාවේ මැදට නොව පසෙකට වන්නටය.

    දේශප්‍රේමී යයි කියාගන්නා මැදමූලන මහින්ද රාජපක්ෂ පර්යන්තය විවෘත කිරීමට පැමිණියද ඔහුට එසැවීමට ජාතික කොඩියක් තිබුනේ නැත. ජාතික ගීයක් ගැයුනේ නැත. ඔහුට තිබුනේ චීනාගේ පටිය කැපීම පමණය.

    නව වරායවල් ඉදිකරනවා යැයි මැදමූලන මරා තම කතාවේදී ඛෙරිහන් දුන්නද එය චීනයට අයත් චීන්නුන්ගේ වරායක් බව ලංකාවේ ජාතික කොඩියවත් දැමීමට ඉඩ නොදීමෙන් තහවුරු වේ.

    මෙම නව පර්යන්තයේ ලංකාවේ අයිතිය සියයට 15 ක් පමණි. ඉතිරි සියයට 85 ම අයත් වන්නේ චීන්නුන්ට ය. දියකඩනය නම් ලංකාවට අයිතිය. නමුත් ආදායම් ලැඛෙන්නේ දියකඩනයෙන් නොවේ. වරායේ බඩු ගොඩ බෑම පැටවීමෙනි. ඒ කොටස අයිති චීනාට ය.

    මෙය වැස්සී ඛෙදා ගත් මෝඩ ගමයාගේ කතාව වැනිය. මෝඩ ගමයාට වැස්සිගේ ඉදිරි කොටස දී කපටි ගමයා වැස්සිගේ පසු කොටස ගත්තේය. මෝඩ ගමයාට වැස්සියට කැවීම පෙවීම බාර වූ අතර පසු කොටස හිමි කපටි ගමයා කිරි ටික දොවා ගත්තේය.

    මැදමූලන මෝඩ ගං කබරයාද වරාය පුළුල් කිරීම කියා හැදූ නව පර්යන්තයෙන් කරගෙන තිඛෙන්නේ ඉහත සන්තෑසියමය. දියකඩනය අපේය. පර්යන්තය චීනාගේ ය. පර්යන්තයේ සියයට 15න් ලැඛෙන මුදල දියකඩනය වෙනුවෙන් ගත් ණය ගෙවීමටවත් මදිය. නමුත් මෙහිදී පාඩුව වී ඇත්තේ ගං කබරයන්ට නොව රටට ය. මැදමූලන ගං කබරයන්ට ගණුදෙනුවෙන් ලැඛෙන කෝටි ගණනක කොමිස් කුට්ටිය නම් මේ වන විටත් ලැබී අහවර ය.

    කොළඹ වරායට හිමි පර්යන්ත වැඩි දියුණු නොකර චීන පර්යන්තය ගොඩ නැගීමෙන් ලංකාවේ වරාය තව තවත් වළ පල්ලට යෑම වැළැක්විය නොහැක. මෙම කලාපයේ වැඩිම නාවුක ගමනාගමනයේ යෙදෙන්නේ චීන නැව් සමාගම් ය. එම චීන නැව් සමාගම් වඩා දියුණු චීන පර්යන්තයට එනවා විනා කොළඹ පැරණි පර්යන්ත වෙත නොඑනු ඇත.

    කොළඹ වරායේ ගැන්ටි්‍රයකින් පැයකට ගොඩ බෑ හැක්කේ කන්ටේනර් 15-20 ක් පමණ වන නමුත් නව චීන පර්යන්තයේ ගැන්ටි්‍රයකින් පැයකට කන්ටේනර් 40 ක් ගොඩ බෑ හැකිය. එක වර නැව් දෙකක් ඇතුල් කළ හැකිය. ඒ අනුව තියෙන බිස්නස් එකෙන් විශාල කොටසක් චීන පර්යන්තය අයත් චීන්නුන් වෙත ඇදී යෑම වැළැක්විය නොහැක. ඉන් ලංකාවට ලැඛෙන්නේ සියයට 15 ක් පමණ වන සොච්චමකි.

    නව චීන පර්යන්තය විවෘත කිරීමෙන් ඍජු සහ වක්‍ර රැකියා 25000 ක් පමණ උත්පාදනය වන බව කීවද එය විශ්වාස කළ නොහැක්කේ දැනටමත් එහි සේවය සඳහා විශාල චීන්නුන් පිරිසක් ගෙන්වා ඇති බැවිනි. ලංකාවේ අය රැකියා කරන්නේ 50 ක තරම් ඉතා සුළු පිරිසකි. ඉදිරියේදීද මේ තත්ත්වය වෙනස් වේ යැයි සිතිය නොහැක.

    නව චීන පර්යන්තය සමග තරඟ කිරීමට නම් දැනට කොළඹ වරාය සතු පර්යන්ත වැඩි දියුණු කළ යුතු වුවද එවැන්නක් සිදු නොකෙරේ.

    දැනටමත් වරාය සතුව ඇති විජයකුමරු පාලම, බණ්ඩාරනායක පාලම, නියමු පාලම ආදියේ වැඩ කෙරෙන්නේ නැත. ඒවාට නැව් ගෙන්වා ගැනීමේ සැලැස්මක් ද නැත. වාහන ගෙන්වූ නැව් ටිකද හම්බන්තොට වරායට යොමු කර තිබේ. මේ නිසා කොළඹ වරායේ ආදායම වැටී ඇත.

    මිලියන 750 ක් වියදම් කර ලබා ගත් මෙහෙයුම් පරිඝනක පද්ධතිය අඩාල වී ඇති අතර දැන් වැඩ කරන්නේ යළි මැනුවල් ක්‍රමයට ය. උපකරණ නඩත්තුවක් නැත. නැව් වරාය වෙත ඇදගෙන එන ඓරාවන නම් ටග් බෝට්ටුව වසර 4 කින් අලූත්වැඩියාවක් කර නැති අතර එය අබලන් වීම නිසා ඉන්දියාවෙන් ටග් බෝට්ටු 2 ක් දිනකට ඩොලර් 5000 ගානේ කුලියට ලබා ගත්තේය. මේවා කරන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකට නොවේ. හිතූ හිතූ ගණන් කොමිස් ගසා කෑමට පමණි.

    කොළඹ වරාය දියුණු කර ලාබදායී වරායක් කරනවා වෙනුවට 'පෝට් සිටි' වැනි මුහුද ගොඩ කර හදන ව්‍යාපෘති වැනි තව තවත් චීනාටම ණය වන රට විකුණන නමුත් කොමිස් වැඩි ව්‍යාපෘති වෙත පමණක් මැදමූලන ගංකබරයන් රෑන සහ වරාය සභාපති හොරාචාර්ය ප්‍රියත් යොමුවී සිටිති.

    අ~ඛෙර ගසා විවෘත කළ නව පර්යන්තයේ තම රටේ කොඩිය දමා ගැනීමටවත් නොහැකි නම් තව කවර කතාද?