වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි මොනවාද කියලා විපක්ෂය ප්‍රශ්න කරනවා. ඔන්න එහෙනම් අහ ගන්න. මෙන්න ලැයිස්තුව.
1) ලංකාවේ සුවිශේෂ පිහිටීම අනුව ආසියාවේ වාණිජ කේන්ද්‍රය විය යුත්තේ ලංකාවයි. ලංකාව ඒ පිහිටීමේ වාසිය උකහා ගත්තේ නැති නිසා තමයි සිංගප්පූරුව සහ ඩුබායි කියලා විකල්ප වාණිජ කේන්ද්‍ර දෙකක් බිහි වුණේ. ඉතිහාසයේ අපට අහිමි වුණු අවස්ථාව යළි දිනා ගැනීමේ ගමනේ ආරම්භය ලෙස වරාය නගරය හඳුන්වන්න පුලුවන්.
2) ලංකාවේ භූමි ප්‍රමාණය අක්කර 273කින් වැඩි වෙනවා. ඉතිහාසය පුරාම සේදී සේදි මුහුදට ගියා මිස කවදාවත් මුහුද ගොඩ කර රටේ ඉඩම් ප්‍රමාණය වැඩි කලේ නෑ. මේ ව්‍යාපෘතියෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට භූමිය වැඩි වෙනවා.
3) රුපියල ස්ථාවර කරන්න නම් අපට විදේශ ආයෝජන ඕනෑ. වරාය නගර ව්‍යාපෘතිය දැනටමත් ඩොලර් බිලියන 1.4ක් ආයෝජන ලෙස ගෙනැල්ලා. ඒක ලංකාවේ වාර්ෂික අපනයන ආදායමෙන් 10%කටත් වැඩියි.
4) ඩොලර් බිලියන 15ක් ආයෝජන ලෙස ඉදිරියේ දී ලැබෙවි කියා බලාපොරොත්තු වෙනවා. අපි ඩොලරයකට ගෙවන රුපියල් ගණන අඩු කරන්න පුලුවන් වුණොත් ආනයන වියදම අඩු වී ජීවන වියදම අඩු වී එහි ප්‍රතිලාභය රටේ සෑම පුරවැසියෙකුටම ලැබෙනවා.
5) ලංකා ආණ්ඩුවට අක්කර 155ක් වෙන් කර තිබෙනවා. කොළඹ නගරයේ හදවතේ අක්කර 155ක්. ඒවා බදු දීලා දැවැන්ත ආදායමක් උපයන්න පුලුවන්.
6) වෘත්තීය සහ තාක්ෂණිකවේදින්ට ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන රැකියා අවස්ථා 80,000ක් පමණ බිහි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අයට පිටරටක නොයාම ඩොලර් වලින් පඩි ගන්න රස්සාවක් කරන්න පුළුවන්.
7) මෙම නගරයට සේවා සැපයීමෙන් අපට දැවැන්ත ආදායමක් උපයන්න පුළුවන්. ජලය, විදුලිය, ඉන්ධන, සනීපාරක්ෂක සේවා, නඩත්තු සේවා, ආහාර සහ ලිපිද්‍රව්‍ය යනාදිය අපට වරාය නගරයට සපයන්න පුළුවන් දැවැන්ත ලැයිස්තුවෙන් කිහිපයක්.