වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි මොනවාද කියලා විපක්ෂය ප්‍රශ්න කරනවා. ඔන්න එහෙනම් අහ ගන්න. මෙන්න ලැයිස්තුව.

    1) ලංකාවේ සුවිශේෂ පිහිටීම අනුව ආසියාවේ වාණිජ කේන්ද්‍රය විය යුත්තේ ලංකාවයි. ලංකාව ඒ පිහිටීමේ වාසිය උකහා ගත්තේ නැති නිසා තමයි සිංගප්පූරුව සහ ඩුබායි කියලා විකල්ප වාණිජ කේන්ද්‍ර දෙකක් බිහි වුණේ. ඉතිහාසයේ අපට අහිමි වුණු අවස්ථාව යළි දිනා ගැනීමේ ගමනේ ආරම්භය ලෙස වරාය නගරය හඳුන්වන්න පුලුවන්.

    2) ලංකාවේ භූමි ප්‍රමාණය අක්කර 273කින් වැඩි වෙනවා. ඉතිහාසය පුරාම සේදී සේදි මුහුදට ගියා මිස කවදාවත් මුහුද ගොඩ කර රටේ ඉඩම් ප්‍රමාණය වැඩි කලේ නෑ. මේ ව්‍යාපෘතියෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට භූමිය වැඩි වෙනවා.

    3) රුපියල ස්ථාවර කරන්න නම් අපට විදේශ ආයෝජන ඕනෑ. වරාය නගර ව්‍යාපෘතිය දැනටමත් ඩොලර් බිලියන 1.4ක් ආයෝජන ලෙස ගෙනැල්ලා. ඒක ලංකාවේ වාර්ෂික අපනයන ආදායමෙන් 10%කටත් වැඩියි.

    4) ඩොලර් බිලියන 15ක් ආයෝජන ලෙස ඉදිරියේ දී ලැබෙවි කියා බලාපොරොත්තු වෙනවා. අපි ඩොලරයකට ගෙවන රුපියල් ගණන අඩු කරන්න පුලුවන් වුණොත් ආනයන වියදම අඩු වී ජීවන වියදම අඩු වී එහි ප්‍රතිලාභය රටේ සෑම පුරවැසියෙකුටම ලැබෙනවා.

    5) ලංකා ආණ්ඩුවට අක්කර 155ක් වෙන් කර තිබෙනවා. කොළඹ නගරයේ හදවතේ අක්කර 155ක්. ඒවා බදු දීලා දැවැන්ත ආදායමක් උපයන්න පුලුවන්.

    6) වෘත්තීය සහ තාක්ෂණිකවේදින්ට ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන රැකියා අවස්ථා 80,000ක් පමණ බිහි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අයට පිටරටක නොයාම ඩොලර් වලින් පඩි ගන්න රස්සාවක් කරන්න පුළුවන්.

    7) මෙම නගරයට සේවා සැපයීමෙන් අපට දැවැන්ත ආදායමක් උපයන්න පුළුවන්. ජලය, විදුලිය, ඉන්ධන, සනීපාරක්ෂක සේවා, නඩත්තු සේවා, ආහාර සහ ලිපිද්‍රව්‍ය යනාදිය අපට වරාය නගරයට සපයන්න පුළුවන් දැවැන්ත ලැයිස්තුවෙන් කිහිපයක්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හා හොදයි. මේ වගේද.

    98176087-3909608072413855-5942471112423112704-n.jpg
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙම නගරයට සේවා සැපයීමෙන් අපට දැවැන්ත ආදායමක් උපයන්න පුළුවන්. ජලය, විදුලිය, ඉන්ධන, සනීපාරක්ෂක සේවා, නඩත්තු සේවා, ආහාර සහ ලිපිද්‍රව්‍ය යනාදිය අපට වරාය නගරයට සපයන්න පුළුවන් දැවැන්ත ලැයිස්තුවෙන් කිහිපයක්.
    ලයිට් වතුර දීල කුණු ඇදල ඩොලර් මිලියන ගණන් හොයන්න පුලුවන් කියල හිතන ගොන් මෝඩයොත් ඉන්නවනෙ
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    ලයිට් වතුර දීල කුණු ඇදල ඩොලර් මිලියන ගණන් හොයන්න පුලුවන් කියල හිතන ගොන් මෝඩයොත් ඉන්නවනෙ
    I will come to reply you after 7 Years
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    6) වෘත්තීය සහ තාක්ෂණිකවේදින්ට ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන රැකියා අවස්ථා 80,000ක් පමණ බිහි වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අයට පිටරටක නොයාම ඩොලර් වලින් පඩි ගන්න රස්සාවක් කරන්න පුළුවන්.
    අක්කර 273න් පිට්ටනි, පොකුණු, උද්‍යානවලට යන ඉඩ අයින් කරල 80000ක් මිනිස්සුන්ට ඉන්න පුලුවන් විදිහ ගණන් හදල කියපන් බලන්න
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    අක්කර 273න් පිට්ටනි, පොකුණු, උද්‍යානවලට යන ඉඩ අයින් කරල 80000ක් මිනිස්සුන්ට ඉන්න පුලුවන් විදිහ ගණන් හදල කියපන් බලන්න
    සිංගප්පූරුවෙ ජනගහණය සහ භූමි ප්‍රමානය බලල එහෙම කොහොමද වෙන්නෙ කියල හොයල බලපන්!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    3) රුපියල ස්ථාවර කරන්න නම් අපට විදේශ ආයෝජන ඕනෑ. වරාය නගර ව්‍යාපෘතිය දැනටමත් ඩොලර් බිලියන 1.4ක් ආයෝජන ලෙස ගෙනැල්ලා. ඒක ලංකාවේ වාර්ෂික අපනයන ආදායමෙන් 10%කටත් වැඩියි.
    ඔය ගාණ මහ භාණ්ඩාගාරයට ලැබුනෙ නෑ. ඒ නැතත් වාර්ෂික ආදායමෙන් 10% කියන්න මේ ගාණ හැම අවුරුද්දෙම ලැබෙන ගාණක් නෙවෙයි. එක වතාවක් ලැබෙන ආදායමක් විතරයි
     
    • Like
    Reactions: 333sajith

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංගප්පූරුවෙ ජනගහණය සහ භූමි ප්‍රමානය බලල එහෙම කොහොමද වෙන්නෙ කියල හොයල බලපන්!
    හොයල බලපන් කියන්නෙ නැතුව උඹ දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියපන්

    1621498882876.png

    ------ Post added on May 20, 2021 at 1:51 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අක්කර 273න් පිට්ටනි, පොකුණු, උද්‍යානවලට යන ඉඩ අයින් කරල 80000ක් මිනිස්සුන්ට ඉන්න පුලුවන් විදිහ ගණන් හදල කියපන් බලන්න
    මම හිතන්නේ ඔය 80,000 කියන්නේ මුළු ප්‍රතිලාබ ලබන පිරිස ඇතුලේ සහ ඉන් පිටත.

    ප්‍රශ්නේ තියෙන්නේ ලැබෙන ප්‍රතිලාබ ගැන නෙවෙයි. නියාමනය ගැන. විශේෂයෙන්ම බැසිල් වගේ හොරෙක් මේකට සම්බන්ධ වෙන එක සහ උගේ හොරු සෙට් එක දාලා පාලනය.
     
    • Like
    Reactions: errors

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පකයො ටිකක් අවුරුදු 5ක් රට කෑවෙ නැත්තම් ඔහොම වෙන්න තිබුණා
    ඉතිං බං මේකේ තියෙන්නේ 2018 වෙනකොට කියලා. 2015 වෙනකොට මේ ප්‍රොජෙක්ට් පටන් අරං වත් තියෙන්න එපයි ඔය කියන විදියට.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,269
    113
    So meke jobs denne qualified ayata witharai da ?
    Without any political influences, jobs ganna puluwan da ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    Apita wena wasiyak na. Lankawe inna sallikara family 50-100 kata wagenan wasi wei.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    ඉතිං බං මේකේ තියෙන්නේ 2018 වෙනකොට කියලා. 2015 වෙනකොට මේ ප්‍රොජෙක්ට් පටන් අරං වත් තියෙන්න එපයි ඔය කියන විදියට.
    හම්බන්තොට දැක්කෙ නැද්ද ඒ කාලෙ? වරාය,ගුවන්තොටුපොල,සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන, etcc..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හම්බන්තොට දැක්කෙ නැද්ද ඒ කාලෙ? වරාය,ගුවන්තොටුපොල,සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන, etcc..
    මහත්තයා හම්බන්තොට පැත්තේ ඩයල් එකක්ද? කලින් කියන්න එපයි. හරකෙක්ට අවකලනය උගන්නන බැහැ නොව. ටටා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නේ ඔය 80,000 කියන්නේ මුළු ප්‍රතිලාබ ලබන පිරිස ඇතුලේ සහ ඉන් පිටත.

    ප්‍රශ්නේ තියෙන්නේ ලැබෙන ප්‍රතිලාබ ගැන නෙවෙයි. නියාමනය ගැන. විශේෂයෙන්ම බැසිල් වගේ හොරෙක් මේකට සම්බන්ධ වෙන එක සහ උගේ හොරු සෙට් එක දාලා පාලනය.
    මම කියන්නෙ මේ පෝට් සිටිය නිසා ලැබෙන්න තියෙන ප්‍රතිලාභ ඕවරේටඩ් කියල.

    පෝට් සිටියෙ තියෙන රෙස්ටොරන්ට් එකකට ගෝව යන්නෙ නුවර එලියෙ ගොවියෙක්ගෙන් කියල උන්ව රැකියා ලාභීන් විදිහට ගණන් කරන්න බෑ.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    මේක හොඳට බලපන්

    මේක හොඳට බලපන්... බොරුවට ජේවීපී වගේ කුහක හැත්තක් නොවී. දියුණු වෙන්න ඕනෙත් නැහැ. දියුණුවෙන්න වැඩ පිලිවෙලක් ඉදිරිපත් කලාම කරන්න දෙන්නෙත් නෑ

    මහත්තයා හම්බන්තොට පැත්තේ ඩයල් එකක්ද? කලින් කියන්න එපයි. හරකෙක්ට අවකලනය උගන්නන බැහැ නොව. ටටා
    හරක්ට අවකලනය උගන්නන්න හිතන එකානෙ බන් බූරුවා
    ------ Post added on May 20, 2021 at 2:03 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මම කියන්නෙ මේ පෝට් සිටිය නිසා ලැබෙන්න තියෙන ප්‍රතිලාභ ඕවරේටඩ් කියල.

    පෝට් සිටියෙ තියෙන රෙස්ටොරන්ට් එකකට ගෝව යන්නෙ නුවර එලියෙ ගොවියෙක්ගෙන් කියල උන්ව රැකියා ලාභීන් විදිහට ගණන් කරන්න බෑ.
    එහෙමත්ම කියන්න බැහැ මචන්. ඔය කියන විදිහට පොර්ට් සිටි එකේ හදන්නේ world class ඒවා නම් ඒවට supply කරන rates වෙනස් නේද? එතනොට ඔය නුවර එළියේ ගොවියාට අමතර opportunity ලැබෙනවා නේ තරගකාරී විදිහට බදු supply කරන්න.

    දැන් Shangri-La එකේ තැබිලි ගෙඩියක් රු. 300. මම දන්නේ නැහැ ඕක කීයකට හෝටලේට දෙනවද කියලා නමුත් අඩුම තරමේ රු.100 කට වත් දෙනවා ඇතිනේ. මේ මිට අවුරුදු 4කට වගේ කලින් ගණන්. දැන් තව වැඩි වෙලා ඇති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙමත්ම කියන්න බැහැ මචන්. ඔය කියන විදිහට පොර්ට් සිටි එකේ හදන්නේ world class ඒවා නම් ඒවට supply කරන rates වෙනස් නේද? එතනොට ඔය නුවර එළියේ ගොවියාට අමතර opportunity ලැබෙනවා නේ තරගකාරී විදිහට බදු supply කරන්න.

    දැන් Shangri-La එකේ තැබිලි ගෙඩියක් රු. 300. මම දන්නේ නැහැ ඕක කීයකට හෝටලේට දෙනවද කියලා නමුත් අඩුම තරමේ රු.100 කට වත් දෙනවා ඇතිනේ. මේ මිට අවුරුදු 4කට වගේ කලින් ගණන්. දැන් තව වැඩි වෙලා ඇති.
    ගොවියගෙන් ගන්න බඩු අතරමැදියො කීපදෙනෙක් අතරින් ගිහින් පෝට් සිටියට යයි.