වර තුන

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,832
    17,060
    113
    දවසක් ගෑණු කෙනෙක් ගෙයි පිටිපස්සෙ කැලේ සුද්ද කරගෙන ඉන්නකොට, ගෙම්බෙක් පොඩි ලීයකට යටවෙලා ඉන්නව දැක්කා.

    "ඔයා මේ ලීය අයිං කරල මගෙ ජීවිතේ බේරුවොත්, මම ඔයාට වර තුනක් දෙනවා" කියල ගෙම්බ කිව්වා.

    ඉතිං ඒ ගෑණු කෙනත් ලීය අයිං කරල ගෙම්බගෙ ජීවිතේ බේරල දුන්නා.

    "ඔයාට ගොඩාක් ස්තුතියි නෝනා. ඒත් ඔයාට එක කොන්දේසියක් කියන්න මට අමතකවුනා".
    " ඔයා මොන වරයක් ඉල්ලුවත් ඒ වගේ දහගුණයක් ඔයාගෙ මහත්තයටත් ලැබෙනවා" කියල ගෙම්බා කිව්වා.

    ආ ඒකට කමක් නෑ ගෙම්බෝ කියල ගෑණු කෙනා කිව්වා.

    පළවෙනි වරය හැටියට " මාව මේ ලෝකෙ ලස්සනම කාන්තාව කරන්න" කියල ගෑණු කෙනා ඉල්ලුවා.

    ඒ ගැන ගෙම්බා ගෑණු කෙනාට...

    " ඔයා හොඳට හිතල බලන්න, ඔය වරයෙන් ඔයාගෙ මහත්තය ඔයාට වඩා දහගුණයකින් ලස්සන වෙලා, ගෑණු එයාගෙ වටේ රංචු ගැහිල කැරකේවී" කියල ගෙම්බ අනතුරු ඇඟෙව්වා.

    "ඒකට කමක් නෑ,. මම දන්නව එයාගෙ හැටි, මම මේ ලෝකෙ ලස්සනම කාන්තාව උනාම එයා මගේ පස්සෙන් වැටිල ඉඳීවි" කියල ගෑණු කෙනා කිව්වා.

    "ඒස්වාහ්ඃ පුහ්ඃ" කියල ගෙම්බා මතුරල ගෑණු කෙනාව ලස්සන කරල වරය ක්‍රියාත්මක කෙරුවා.

    දෙවෙනි වරය හැටියට " මාව මේ ලෝකෙන්ම පළවෙනි සල්ලි කාරයා කරන්න" කියල ගෙම්බගෙන් ඉල්ලුවා.

    ගෙම්බා ආයෙත් සැරයක්....

    "ඒ වරයෙනුත් නෝනා! ඔයාගෙ මහත්තය ඔයාට වඩා දහගුණයකින් පෝසත් වෙනවා, හොඳට හිතල බලල කියන්න" ගෙම්බා කිව්වා.

    "ඒක අවුලක් නෑ ගෙම්බෝ, ඒයාගෙ දේවල් මොනවද ඒ මගේ දේවල්. මගේ දේවල් මොනවද ඒ එයාගෙ දේවල්. අපි අතරෙ බේදයක් නෑ" කියල ගෑණු කෙනා කිව්වා.

    "ඒස්වාහ්ඃ පුහ්ඃ" කියල මතුරල ගෑණු කෙනාව මේ ලෝකෙ පෝසත්ම කෙනා කරල වරය ක්‍රියාත්මක කෙරුවා.

    "තුන්වෙනි වරයට මොනවද නෝනට ඕන" කියල ගෙම්බ ඇහුවා.

    "මට ළාවට වගේ පොඩි හාර්ට් ඇටෑක් එකක් දෙන්න"
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    “මට ළාවට වගේ පොඩි හාර්ට් ඇටෑක් එකක් දෙන්න”

    In the English version, it is said that the husband got a heart attack 10 times milder ☺️.
     
    • Wow
    Reactions: Tom Cat