වලත්තයින්ගේ දිනය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වලත්තයින්ගේ දිනය

    11737_480310382029709_60956120_n.jpg


    මොකක්ද මේ වැලන්ටයින් ...?


    වැලන්ටයින් ගැන පුරාවෘත කීපයක්ම ඇත.
    ඔහු ක්‍රිස්තියානි හෝ කතෝලික පූජකයෙක් විය යුතුය.
    මේ එක කතන්දරයකි.





    14 වන සියවසේ අප්‍රිකාවේ රෝමානු පෙදෙසේ ක්‍රිස්තියානිකාරයන්ට අපල කාලයක් විය. ඔවුනට උදවු කිරීමද අපරාධයක් සේ සැළකිණි.
    වැලන්ටයින් නම් අයෙක් ක්‍රිස්තියානි කාරයන්ට උදවු කිරීම හා ඔවුනට විවාහ වීමට උපකාර කිරීමත් නිසා එවකට රජ කළ ක්ලෝඩියස් රජුගේ උදහසට ලක්වී මරා දැමින.

    ඔහුගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. වැලන්ටයින් පෙම්වතුන් වෙනුවෙන් දිවි පිදූ නිසා ඔහු වීරයෙකි. 1969 වසරේදී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති නිසා මෙම දිනය ආගමික ස්වරූපයක් ගනී.

    කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත් මෙම යට ගියාව ගොඩ ගන්නේ කොම්පනිකාරයින්ය.


    valentines-day-can.jpg

    පෙබරවාරි මුල් සතියේ හදවත් හැඩයට නිපදවුනු සුභපැතුම්, කාඩ්පත්,හදවත් මුද්‍රණය කළ ඇඳුම් කේක් . රස කැවිලි ආදියෙන් වෙළඳ සැල් පිරී යයි. අවන්හල් අතුරු සිදුරු නැතිව පිරී යයි.

    “හැපි වැලන්ටයින්ස් ඩේ” කියා ගනිමින් එකිනෙකාට සුභ පතා ගනිති. ආදරවන්තයන් පමණක් නොව, සැමියා බිරිඳටද, බිරිඳ සැමියාටද මෙසේ සුභ පතා ගනිති. තෑගි භෝග හුවමාරු කර ගනිති.
    මෙන්න මේකයි වැලන්ටයින් එකේ විශේෂත්වය කොහොම උනත් මේ දවස එනකන් කුරුමානම් අල්ලන කට්ටියකුත් ඉන්නව ..

    එදාට තමන්ගෙ පෙම්වතියත් එක්ක කොහේ හරි ගිහින් ආදරේ ඔප්පු කරල පෙන්වන්න කියනව එහෙම නැත්නම් පෙම්වතුන්ගෙ දිනය වෙනුවෙන් තෑග්ගක් ඉල්ලනව .ඒ තෑග්ග දෙන්න වෙන්නෙ කොහොමද කියල මම කියන්න ඕන නැහැනෙ ..


    images

    සමහරු අහයි මේ ගැන මට තියෙන රුදාව මොකක්ද කියල ..මේක ජාතික ප්‍රශ්නයක් මේකෙන් විනාශ වෙන්නෙ අපේ සිංහල කෙල්ලො .සුද්ද අපිට පුරුදු කරපු දුරාචාර තමයි මත් පැන් ,සිගරැට්, සූදුව ..අනිත් එක තමා මේ වැලන්ටයින් ..මේ දවසට අපේ කෙල්ලො කීයක් තමන්ගෙ චරිතෙ විනාශ කර ගන්නවද ඇයි අපි මේ ගැන කතා කරන්න බය වෙන්නෙ ආදරේ කරන්න දවසක් ඕන නෑ ආදරේ කරන අයට හැම දවසක්ම විශේෂයි ..මේක අපේ දෙයක් නෙවෙයි මේවගේ විනාශකාරී දේවල් වලට අහුවෙලා තමන්ගෙ ජීවිත අදුරු කරගන්න එපා ....

    Valentines-Day-Marketing-Starts-NOW-276x300.jpg



    මුස්ලිම් උන් මේ විකාර වැඩ කරන්නෙ නෑ ..සිංහල අපි තමයි මේ හැම කුනු ගොඩක්ම අපේ ඇගට දාගන්නෙ ...කෙල්ලනේ මේ කපටි වැඩ වලට අහු වෙන්න එපා.....


    මේකේ මෙහෙම පැත්තකුත් තියෙනව කොල්ලන්ගෙන් දතක් ගලවගන්න බලන් ඉන්න කෙල්ලොත් ඉන්නවා උන්ට පෙම්වතුන් හතරක් පහක් ඉන්නවා ..ඔයා පෙම්වතුන්ගෙ දිනයෙදි මට මොනවද දෙන්නෙ කියල අහල කොල්ලගෙන් දතක් ගලව ගන්නවා ඒක නිසා දත්ගලවන කෙල්ලන්ගෙනුත් පරිස්සම් වෙයල්ලා කොල්ලො ආදර වන්තයින්ට දවසක් ඕන නෑ හැමදාම ආදරේ කරපල්ලා ......
     
    • Like
    Reactions: mmaxx

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබෙ ක්තාවෙ නම් ඇත්තක් තියනවා.. එත් මෙතනදි අපි කෙලින්ම 18-20 කෙල්ලන්ට කොල්ලන්ට වැරදී කියන එක සාර්තක නැ, මම් දකින විදියට.. ලන්කාවෙ යොවුන් ප්‍රෙමය කියන්නෙ විශාල වරදක් විදියට දකින කොටසක් තාමත් ඉන්නවා. එක මම හිතන්නෙ නැ යොග්යයි කියලා. ඇමෙරිකාවෙ වගෙ School Prom Night තියන්න කියලා කියනවා නෙමෙ යි.. එත් දෙමව්පියො වශයෙන් උබලා යාලු උනොත් හම ගහනවා කියනවට වඩා යම් ප්‍රමානයක නිදහසකුත්, විශාල දැනුවත් කමකුත් දුන්නොත්, යොවුන් ආදරෙ අඩාගෙන ඉවර වෙන එකක් නැ..


    කොහොමත් ජිවිතෙට කොල්ලෙක් එක්ක යාලු නොඋන කෙල්ලෙකුගෙන් අද සමාජයෙ සර්තක පෞල් ජිවිතයක් බලාපොරොත්තු වෙන්න බැ.. මීට පරම්පරා ගානකට කලින්නම් ගෙදරටම වෙලා කොල්ලෙක් දිහා ඇහක් ඇරලා නොබලබු කෙල්ලො දීග ගිහින් ඔනා දුකක් ඉවසයි, එත් අද සමාජයෙ මම් හිතන්නෙ නැ එහෙම කෙල්ලෙකුට පොලෙන් ගෙදරට ඔනා කරන හාල් පොල් ටිකවත් ගෙන්න පුලුවන් වෙයි කියලා..
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :Dදැන් ඉතින් කියලා වැඩක් නැහැ.ඕක වයිරස් එකක්.ඕක දැන් ලංකාවට බෝවෙලා ඉවරයි.මතකද ගිය පාර වැලන්ටයින් එකට තෑග්ගක් දුන්නේ නැහැ කියලා කෙල්ලෙක් වහ බීල මැරුණා.මහා මෝඩ මිනිස්සු.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මහ විකාරයක් බං.. උඹ කියනව වගේ සැබෑ ආදරවන්තයින්ට ආදරය කිරීමට දිනයක් අවශ්‍ය නෑ..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒක ඇත්ත.අවුරුද්දේ එකදවසක් ඕක සමරනවට වඩා හැමදාටම ඒ ආදරේ දෙන්න පුළුවන්නම් වටිනවා... :)
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අද වැලන්ටයින්, ඕකෙ නම වැලන්ටයින් උන නිසා ඒ වැලන්ටයින්ගෙ ඉතිහාසෙ අපි මෙතනට අදාල කරගන්න අවශ්‍යය නැහැ. කෙසේ හෝ අද වෙනකොට පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය ලෙස වෙන් වෙලා තියෙනවනෙ. ලෝකෙ 100%ක්ම මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම දේ ආදරේ. ඉතින් ජලයට, මිහිකතට, වැඩිහිටියන්ට, ළමයින්ට, ඒඩ්ස් වලට දින වෙන් වෙලා තියෙනවා නම් ආදරවන්තයින්ට දිනයක් වෙන් උනාම මොකද?

    ඒක සමරන්නෙ කොහොමද කියන තැනදි ගැටලු තියෙන්න පුලුවන් හැබැයි ඒකට කරන්න තියෙන්නෙ පෙබරවාරි 14 දකින දකින ජෝඩුවට තඩිබාන එක වත් තමන් භ්‍රඃමචාරීන් වගේ පෙම්වතුන්ට බැන වදින එක වත් නෙමෙයි. ගඟක් ගලනකොට ඔහොම හිටු කියලා තාප්ප ගහලා නවත්තන්න බෑ. හැබැයි අපිට ඒ යන පැත්ත හරවන්න පුලුවන්. දැන උගත් මිනිස්සු ඉන්නවනෙ මේ රට ධර්ම රාජ්‍යක් කරන්න, රට සුරපුරයක් කරන්න පුලුවන් කියලා කියන අය අන්න ඒ අයට තියෙන්නෙ මේ අත්දැකීම් අඩු තරුණ පරම්පරාවට කියලා දෙන්න මේක සමරන්න මීට වඩා හොඳ අර්ථවත් විදිහක්.